Chat with Jimmy Raaj Kumaar online

Tuesday, October 7, 2014

::: ජිමියා රාජ් කුමාර් අවසන් දිග හැරුම ( SEASON 2 ) :::

PREVOUSLY ON JIMMY RAAJ KUMAAR :- 

" ජිමී පුලුවන්නම් මාව හවස මීට් වෙන්න ...!" ඇය බිත්තිවලටවත් නොඇසෙන පරිදි රහසින් මට කියනවිට හින්දි පිලුමක මෙන් මගේ කොංඩය ඉහලට ගසාගෙන යන්නට විය .

PREVOUSLY ON JIMMY RAAJ KUMAAR :- 

" මම මාතර කෑල්ලත් ඇරං පනිනවා මාතර .. ඒකි මෙහෙ හීටියට ඒකිගෙ තාත්තට එහෙ කඩයක්ලු බන් .. මම යනව ඒකිවත් ඇරන් එහෙ වැඩට .. උබත් ඕනනම් වරෙං ...!"

PREVOUSLY ON JIMMY RAAJ KUMAAR :- 

" කොහෙද කොහෙද ?? කොල්ල දං ෆුල් හැපියෙ ඉන්නෙ .. මැරෙන්න උනත් එනවා "

" උබ දැං කිව්ව අලුත් මිස් ලගෙ හෝටලේට බං .." මම හෙන සැහැල්ලුවෙන් ඔහුට කීවත් ඔහු එම වදනින් බිරාන්තට්ටු වී මගේ මුහුණ දෙස ඇහැටුල්ලෙකු සේ බලා ඉන්නට විය ...


---------------------------------------------------------------------------------------------------------------

          " මිස්ගෙ හෝටලේට ..?? තොට පිස්සුද උලමො .. ජොබ ගහල යන වැඩ කරගන්නද හදන්නෙ !?? " ගයියා උපරිම ලෙසින් කලබල වී කෑගසන්නට වූවේය ..

" උබ දැන් කීවේ මැරෙන්න උනත් එනවා කියලා ....!? අනික තොට ජොබ වැඩකුත් නෑ කෙල්ලෙකුත් ඉන්නවා කීවෙ ...!! .. උබත් අර කයිවාරුවෙක්නෙ බන් ...!" මා ඔහුට පෙරලා පිලිතුරු දෙන්නට වුනෙමි ...

" ආ හරි .. දැං උබට මිස්ගෙ කාමරේට රිංගන්න තියන මෝල මොකක්ද කියහං මට ...!!?"  ඔහුගේ ප්‍රශ්නයට උපරිම කෙටියෙන් මා සියල්ල පැහැදිලි කර දුනිමි .. ඔහුට ඇය උදේශිකායි එක්වැරම විශ්වාස කල නොහැකි විය . ඔහු සිතා සිටිය උදේශිකාට වඩා සිය ගුණයක් ඔහු දූටු උදේශිකා සුන්දර දසුනක් යැයි මා හට කීවේ ආදරය සම්බන්ද ඕනෑම මලහිලව්වකට එන පොරොන්දුවක්ද දෙමිණ්i .. රාත්‍රියට බිත්තර කොත්තු දෙකක් මාගේ වියදමින්ම නයිට් කඩේකින් කා ගයියා පිටුපස මා ඇය නැවතී සිටින හෝටලයටම පියමනින්නට විය . නමුත් එලියේ මුරකරුවන් දෙදෙනා අප දෙදෙනාගෙන් පාස් කාඩ්පතක් ඉල්ලුවේ ඇතුලට යාමටය .. එතනින් නෝන්ඩි වන්නට නොතියා අප නැවත හැරී  පාරට පැමිනියෙමු .. මා හෝටලයේ වූ උස යෝද තාප්පය දෙස බලමින් ඇතුලට යෑමට ක්‍රමයක් කල්පනා කරමින් සිටියදී ගයියා හට මනා අදහසක් පහල විය .

" ටක් ගාලා බැහැපං බං ....!" ගයියා හෝටල් වත්ත තුල සිට රහසින් කෑ ගැසුවේය .. ආත්මෙකට වලල්ලක් නොදා පොල් ගසකට පය නොතිබූ මා හට වලල්ලක් නොමැතිවම පොල් ගස දිගේ බඩ ගා ඉන් අඩි විස්සක් පමණ උස තාප්පෙට බැස ඉන් හෝටල් වත්තට විනාඩි දෙකක පමණ කාලයක් පැන්නෙමි ..

" අම්මේ... කොංද බං.. !!" බිමට පතිත වූ පසු ඉබේම මගේ කටින් එය පිටවිය ..

" උබට හෙට උදේම මේ මගුල කියන්න තිබ්බනෙ ...!! " ගයියා මට නැගිටීමට අත දෙන අතරේ රහසින් කෙදුරුවේය ..

" අද මගෙ ලවු එක කෙලින්ම ඒකිට කියනව බන් .. අකමැති උනොත් හෙටම ජොබෙන් යනව ..!" එය මගේ පිලිතුර විය ..

" තෝ ගියොත් .. මාත් යනව අරකිවත් ඇරන් මාතර .. ඒකිත් කැමතී බං .." කෙතරම් බරපතල තත්වයක සිටියත් මුගේ කටින් මාතර යන නමනම් නිසැකයෙන්ම පිටවෙන්නක් බව එවෙලේ මට සිතුනි ..

" සද්ද නැතුව වරෙං මාත් එක්ක දැං .. !! ..උබ උදේශිකාව දැක්කොත්  ශනිකව මට පෙන්නපං ...!! .." ගයියාට එසේ පැවසූ පසු අප සෙමෙන් සෙමෙන් ඉදිරියට ගමන් කලෙමු .. හෝටලයේ වූ පිහිනුම් තටකය පසු කරද්දිම ගයියා මගේ පිටට අනින්නට විය ..



" ඇයි බං අපි හොරු වගේ යන්නේ ...?? දැං බය වෙන්න දෙයක් නෑනෙ බං ! .. මිනිස්සු හිතන්නෙ අපිත් හෝටලේ ඉන්න උන් කියල ..හිටපං මම අර අතන ඉන්න මිනිහගෙන් අහන්නම් උදේශිකා ගැන ශේප් එකේ .. උබ ඉදපංකො !! " යැයි තරයේ කියූ ගයියා ,, කොට කලිසමක් ගසා සිටි මැදිවියේ මිනිසෙකු වෙත ඇදෙන්නට විය .. ඉන්පසු ඔහුගෙන් ප්‍රශ්න කල පසු, ගයියාගේ කොලරයෙන් අල්ලාගෙන මැදිවියේ පුද්ගලයා ඔහුට පහරදෙන්නට සැරසිනි .. මෙතෙක් වෙලා අඩ අදුරට තිබූ මැදිවියේ පුද්ගලයාගෙ මුහුණට එලිය වැටුණු පසු මා හට දෙලොව රත් විය .. ගයියා මාන බලා කෙලින්ම ප්‍රශ්නය අසා තිබෙන්නේ උදේශිකාගේ පියා ගෙනුයි !! මම ඉක්මනින් ඔහුට ඇගේ පියාගෙන් බේරී පාරට යන ලෙස කෙටි පණිවුඩයක් දමා හෝටලය තුලට රිංගා උදේශිකාගේ කාමරය සොයමින් සෑම කාමරයකට එබ්බිකම් කරන්නට වුනෙමි ..එක් කාමරයකට හිස දැමූ පසු ඉන් බේරී ආවේ අනූ නවයෙනි .. නැත්නම් මදුසමය ගත කල යුවලකගෙන් මට මැරුම් කන්නට සිදුවෙනවා නොඅනුමානය ... මගෙ වාසනාවට උදේශිකාගේ හංස රුපය එහා ගොඩනැගිල්ලක සදලු තලය මතින් දිස් විය .. සුදු පැහැති Hand Free දෙකක් කනේ ගසාගෙන සිංදු අසමින් සිටිය ඇය දුටු  මා ශනික ඇය වෙත දිව යන්නට වුනෙමි ...

--------------------------------------------------------------------------------------------------------------

" උදේශිකා ...ටොක් .. ස්ස්ස් .. ටොක් ,, උදේශිකා !" මා කතා කල එක ඇයට නෑසුනේ ඇගේ කනේ වූ  Hand free දෙක නිසාවෙනි .. මා හට තිබූ කලබලයටම අසල තිබූ පුංචි ගල් කැටයක් ගෙන ඇගේ ඉදිරියෙන් වූ ජනේලයට විසිකලෙමි .. ඇයද උඩ බිම බලා පහත බැලූ පසු මා හදුනාගෙන මා හට නැවත යන ලෙස අතින් ඉගි කලාය .... එය ගණනකට නොගත් මා පැත්තක එල්ලී තිබූ වැහි වතුර පහලට ගලන බටයක් දිගේ ඉහලට යන්නට තැත් කලත් එය කඩා වැටෙන්නට ගියේ ඇය බලා සීයදීමය .. ... " ඔහම ඉන්න !" යැයි අතින් ඉගි කල ඈ සදලුතලයේ සිට පහලට දිව ආවාය ...

" මැට්ටා... ! අඩු කඩා ගන්නද යන්නේ ...?? " ඈ පහලට ආ පසු ස්මාට් ෆෝනය තිබු අතින් මට ඇගිල්ල දිගු කලාය ..

" උදේශිකා ප්ලීස් ... මං කියන එක පොඩ්ඩක් අහන්න ...! ... මං කොලබට  ආවේ ඔයාව හොයාගෙන .. ඉස්සර ක්ලාස් යන දවස් වල ඉදන් ඔයා ගැන මට අදහසක් තිබුනා .. මං කියන්නේ.. මං ඔයාට ආදරෙයි කියලා !! " මා වීරයෙකු සේ එසේ කීවද හදිසි වුනාදෝ යැයි සැකයක් සිත අස්සෙ කැරකෙනට විය ..

" ඔයා කොලබ ආවේ මං නිසා ..?? ..ජිමී ..!! ..." ඇය පුදුම වී සිටියද අතීත සිදුවීම් ඇයට මා මතක් කර දුන්නෙමි .. මා කොලබ ආ පසු ඇයව සෙව් සැටි .. ඇය රජවත්තෙන් ගියිදා ඇගේ නිවසට ගිය සැටි,,  ඇගේ මිතුරන්ගෙන් ඇය ගැන සෙවූ සැටි සියල්ලක්ම පාහේ විස්තර කලෙමි .. ඇය මා ඇය ගැන තිබූ ආදරය ගැන පුදුම වූවේ අවුරුදු දෙකක් ගතවූ ඇයගෙන් ආදරය පතා ගෙන මා පැමිණීම පිලිබදවයි ...

" උදේශිකා ... ඔයාට මං මේක කියල හිත හරි නිදහස් කර ගත්තු එක මට ඇති .. සමහර විට ඔයාට හෙටින් පස්සේ මාව දකින්නත් නැතිවෙයි ..." එසේ පවසා විනාඩි දෙකක් පමණ ඈ දෙස බලා සිටියේ පිලිතුරක් අපේක්ශාවෙනි .. නමුත් ඇය බිමබලා කල්පනා කරමින් සිටියාය .. මා ඇගෙන් හැරී සෙමෙන් සෙමෙන් මහ පාර දිගට ඇදෙන්නට වුනේ සිතේ වූ ශෝකයත් දරා ගෙනය ..

" කොහෙද යන්නේ ??" උදේශිකා මා ටික දුරක් ගිය පසු ඇසුවාය ..

"ම්ම් .. ඔයාගේ තාත්තගෙන් යාලුවා බේරගන්න ..!! .. ඊට පස්සෙ නුවර යනව ...!" ඇයට එය පැවසුවේ ඇගේ මුහුණ දෙසවත් නොබලමිනි ...

" නෑ නෑ ... අපි කොහෙද යන්නේ ?? දැං මහ රෑ ආවේ මාව ඇරන් පැනල යන්න නෙමෙයිද ?? " නැවත වතාවක් මගේ ශරීරය තුලින් බූමිකම්පාව ඇතිවිය .. ඇය සිනාසෙමෙන් මා දෙස බලා සිටී ...

" උදේශිකා ...! ඔයා මට ....! "

" ඉක්මන් කරල කියන්න ... තාත්ති මෙතනට එන්න කලින් ... අපි කොහෙද යන්නේ ?? " ඇගේ කතාවට මගේ පපුව තුලින් හුලංද  පිරී තිබිනි .. ඒ සතුටටය .. නමුත් ඈව මගේ නිවසට එක්කන් යාමටද නොහැකිය ... බෝඩිමටද නොහැකිය ...

" මාතර !! " මගේ මුවින් එය ශනයෙන් පිටවිය .. ඉන් පසු සිදු කලේ ගයියාට ඇමතුමක් ගැනීමයි ..

" අම්මෝ චතුවා !! .. උබ කොහෙද ?? මං මේ පාරේ ඉන්නෙ .. අර නාකියාගෙන් අමාරුවෙන් බන් පැනගත්තේ ...!" ඔහු අනෙක් අංතයෙන් කතාකලේය ....

" පුලුවං තරම් ඉක්මනට .. අර මාතර කෑල්ලවත් බෝඩිමෙන් පන්නං වරෙං වීල් එකකුත් අරන් ... ! " මම ඔහුට සියල්ල පැහැදිලි කල දුන් පසු ඔහුද එක පයින් එයට එකග වී මාතර කෑල්ලගෙ බෝඩිමට දිව ගියේය ..

" උදේශිකා .... අපි ඇතුලට ආවෙනම් අමුතු විදියකට ... ඒත් එලියට යන්නෙ කොහමද ?? " මා ඇගෙන් විමසුවෙමි ...

" මටනම් පාස් එක තියනව ..ම්ම් ඔයාටනම් ආපු විදියටම තමයි එන්න වෙන්නෙ ..." ජීවිතේ දෙවනි වතාවටත් වලල්ලක් නොමැතිව පොල් ගහේ නැග තාප්පයකින් බිමට  පැන්නෙමි .. නමුත් උදේශිකාව හිමිවීම පිලිබදව මා තුල වුවේ සෑහෙන සතුටකි .. පාරේ සිටින විට ගයියා ත්‍රී රෝද රතයකුත් රැගෙන නිදිමතේ සිටින මාතර කෑල්ලත් රැගෙන පැමිනියේය .. උදේශිකාව වීල් එකට ඇතුල් කර මා එහි නැගග්ත් පසු .........

" කොහාටද මල්ලී ?? "

" කොටුවෙ ස්ටේශමට අයියා !" මා ත්‍රීරෝද රත හිමියාට පිලිතුරු දුන්නෙමි





--------------------------------------------- නිමි ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

කියැවූ ඔබ සැමට ඉස්තුතිය ... පලමු කොටසේ දෙවන කොටසේ දෙකේම රැදුනු ඔයාලට මගෙනුත් දෙයක් වෙන්න ඕන නිසා .. මම ප්‍රශ්නයක් අහනවා .... ඒකට මුලින්ම පිලිතුරු දෙන කෙනාට මම පවුද්ගලිකව පොඩි තෑග්ගක් දෙනවා .. පිලිතුර ෆේස්බුක් එකේ මම ලින්ක් එක දාන ෆොටෝ එකේ කමෙන්ට් කරන්න ..
--------------------------------------------------------------------------------------------------------------

ප්‍රශ්නය :- මෙ කතා මාලාවේ ජිමියා උදෑසනට අවදිවන්නේ විශේශිත වෙලාවකට  .... පලමු සීසන් එකෙයි .. දෙවනි සීසන් එකෙයි දෙකේම ඒක සදහන් කරල තියෙන්නේ ..... ඒ වේලාව කුමක්ද ??????????

-------------------------------------------------------------------------------------------------------------

අපි නැවතත් හම්බෙමු ජිමියා රාජ් කුමාර් සීසන් 3 එකෙන් ... එතකන් ඔයාලට ජය වේවා !!



--------------------------------------------- හරියටම නිමි ---------------------------------------------------

Saturday, October 4, 2014

::: ජිමියා රාජ් කුමාර් සිව්වැනි දිගු හැරුම ( SEASON 2 ) :::

PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :-

" උබ කවද්ද ආයේ එන්නෙ ?? " අමිලයා ප්‍රශ්න කලේ මගේ නිවසේ වැට ලගදීය ..

" ම්ම්ම් .. ඊලග මාසෙ තමයි බන් ... දැං හෙට හවස යනව " මා ඔහුට පිලිතුරු නැගුවෙමි .

PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :-

" මේ බං ... අර අලුත් මිස් .. චීස් කෑල්ල බං ... කිරිගරුඩ වගේ ...!"

" සිරාද බං ඒකිව දැක්කද උබ ?? ..."

PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :- 

සුදු අතට දමා සිටි ඔරලෝසුවෙන් වේලාව බැලූ පසු ඇය මා දෙසට හැරුණු පසු මා හට භූමිකම්පාවක් ඇතිවෙන්නාක් මෙන් ශරීරය නොසන්සුන් විය .. ඉන්පසු මගේ කටින් ඉබේම 

" උදේශිකා ..!! " යන වචනය පිටවිණි ..

------------------------------------------------------------------------------------------------------------

" උදේශිකා ...!! ..." දෙවැනි වතාවේ එය හඩ නගා කියවිණි .. ඇගේ හංස රුව එක් වැරම හදුනාගන්නා එක මට අමුතු දෙයක් නොව .. මගේ හිතේ සෑමවිටම ඇදෙන රූපය උදේශිකාගේ රුපයයි.. එය වරදින්න කිසිසේත්ම හේතුවක් නැත .. ඇගේ නම දෙවනි වතාවේ කිව් පසුව ඇය මදෙස බලන්නට වූවාය .. ඇයද වදනක්වත් පිට නොකර මගේ මුහුණ දෙස ටික වේලාවක් බලා සිටියේ කව් බෝයි චිත්‍රපටයක ජවනිකාවක් යන්නාක් මෙනි ....

" ජිමී ...! . ඔයා මොකද ?? ..." අවසන් වචන ටිකද පිට නොකල ඇය මා දෙස පුදුමයෙන් බලා සිටියාය .. ඇගේ සුදු වත අතීතයේ කතරගම කිරිහට්ටියක් වුවද කාලයාගේ අවෑමෙන් ඇය ස්විස්ටර්ලන්තයේ වැනිලා අයිස් ක්‍රීම් එකක් ගානට තවත් රසවත්ව සිටියාය ...

" උදේශිකා !! .. ඔයා ?? ..." මා ප්‍රශ්න කිරීමට යනවිටම ඇයත්

" ජිමී ඔයා .." ලෙස ප්‍රශ්නයක් නැගීමට සැරසුනාය .. ඇයට ප්‍රශ්නය මගෙන් අසන්නට දී මා මොහොතකට නිහඩව සිටියේ මා හට ඇගෙන් නගන්න ප්‍රශ්න කන්දරාවක්ම ඇති නිසාවෙනි ..

" චතුරංග බණ්ඩාර කියන්නෙ ඔයාද ?? වෙන්න බෑනේ  !! " ඇගේ සුදු අත් දෙක දෙපසින් ඉහලට කරමින් මේසය මත ව් කොලයක් දෙස බලා ඇය නැවතත් මවෙත බලන්නට වූවාය .. ඇයද මාගේ සත්‍ය නාමය කිසිසේත්ම දන්නේ නැත .. ඇය නිතරම මට ආමන්ත්‍රනය කලේ " ජිමී " යන නාමයෙනි ...

" ඒ මගේ ඇත්ත නම උදේශිකා .. "
" ඔයා ...??" කියා මා ඇගෙන් විමසන්නට ගියේ අවුරුදු දෙකකට අතුරුදහන් වූවේ කොහෙදැයි කියාය .. නමුත් ...

" ඇයි මිස් ප්‍රශ්නයක්ද ??? ! " දොරකඩ අසල වු සෙප්පඩ කාලකණ්ණි කැහුටු සේවකයා අප දෙදෙනාගේ මැද්දට පනින්නට විය . උගේ මීමුත්තාගේ නාමයන් පවා ඒ මොහොතේ මට සැනකෙනි සිහිවිය ..

" මේ චතුරංග බණ්ඩාර නිවාඩු දවස් අරන් වැඩී කියන්න ගියේ සුමනසිරි ...!! .. ප්‍රශ්නයක් නෑ !" කැරකෙන පුටුවේ යන්තන් පසෙකට වු ඇය සේවකයාට පවසද්දී .. ඔහු මට රවා නැවතත් දොරකඩට ඇදුනේය ....

" ඉතින් ජිමී .. ඔයාවනම් මට හැමවෙලේම මතක් වෙනව .. ඔයාගෙ විහිලු වැඩ තමයි .. " උදේශිකා මා හට එසේ පැවසුවේ සේවකයා දොරකඩට ගිය පසුවයි .. ඇයව මට මතක් වන තරමටනම් මාව ඇයට මතක් වෙන්නට නැතැයි මා සිතින්ම සිතගත්තෙමි ..

" ඔයාවත් ...! " උදේශිකා දෙස මෙවර මම බැලුවේ හෙනම කැත ලුක් එකකිනි...

" ඉතින් .. ඔයා කොමස් කරල මොකද අපෙ බාප්පිගෙ ගාමන්ට් එකේ වැඩ කරන්නේ ...?? " එම ප්‍රශ්නය ඇසීම මා හට ඇස්වැසිල්ලක්ම විය .

" මං ආවේ ඔයා හින්ද ...!! " එම වදනෙන් පසු සිනා වෙමින් සිටි ඇගෙ මුහුනේ ඉරියව් යාන්තමින් වෙනස් වනවා මම දිටිවෙමි ..

" මං හින්දා ?!! " ඇය ප්‍රශ්නය නැගීමට යද්දිම අර කැහුටු සේවකයා නැවතත් අප දෙදෙනා අතරට නැවත දිව ආවේ මගේ උරහිසේද හැප්පෙමිනි .....

" මිස් රත්මලාන සයිට් එකේ පෙරේරා මහත්තයා අවිල්ලා ඉන්නව ..මිස් හම්බෙන්න ...!! " ඔහු පවසන විටම ඇය ඇගේ කොංඩය දෙපසට පිරිමදිමින් ...

" එන්න කියන්න සුමනසිරි !! ..." යැයි පැවසීය .. නැවත වරක් මා දෙසට හැරුණු ඈ ...

" ජිමී .. පුලුවන්නම් මාව හවස මීට් වෙන්න ! .." ඇය බිත්තිවලටවත් නොඇසෙන පරිදි රහසින් මට කියන විට හින්දි ෆිලුමක මෙන් සුලගට මගේ කොංඩය ඉහලට ගසා යන්නට විය .. දෑස ඇර බලන විට ඇය ඇගේ මේසය මත වූ විදුලි පංකාව ක්‍රියාත්මක කොට ඇත .... මමද එකපයින් ඇයගේ කතාවට එකග වී වීදුරු දොරින් එලියට දුටුවේ විදුලි පංකාව නිසා විසිරුණු මාගේ පිස්සෙකු වැනි කොංඩයයි ...




-------------------------------------------------------------------------------------------------------------

මා සතුටින් ඉපිලෙමින් පඩිපෙල දිගේ බැස ගියේ මාගේ පවිත්‍ර ප්‍රේමය වූ උදේශිකාව අවුරුදු දෙකකට පසුව හෝ හමුවු නිසාවෙනි ..නමුත් දත් විරිත්තාගෙන මටත් වඩා සතුටින් ආ ගයියා මවෙත කඩා පැන්නේය ...

." අඩෝ චතුරංගයා .. මාතර කෑල්ල නම්බරේ ගත්ත බන් !! ..." ඔහු මාතර කෑල්ල ගැන නැවතත් හෑල්ලක් පටන් ගත්තත් මට ඒවා නෑසුනේ මම උදේශිකා සමග සිටින දර්ශන සිතින් මවා ගත් නිසාවෙනි .. ඔහුටද උදේශිකා ගැන එක් වරම පවසන්නට නොගියේ ඔහුගේ කට ගැන මා හොද හැටි දන්නා නිසයි .. උදේශිකාව හම්වෙනු පිණ්iස සවස ඔපීසියට ඇදුනද රැස්වීම තවමත් ඉවරව තිබුනේ නැත .. රාජකාරිය ඉවර වී වැඩපොලේ සිටින්නට ගියේ ඇයව ඒත් සමු නොවූ නිසාවෙනි .. නමුත් කැහුටු සේවකයාගේ උකුසු ඇස් වලට අපව මාට්ටු වූ නිසා බෝඩිමට සෙමෙන් ඇදෙන්නට වුනෙමු ... ගයියා පාරේ ඇදෙන විට ඔහුගේ ඉදිරි සැලැස්ම මෙසේ පවසන්නට විය ...

" මම මාතර කෑල්ලත් ඇරගෙන අද හෙටම පනිනව මාතර .... ඒකි මෙහෙ හිටියට ඒහෙ ඒකිගෙ තාත්තට කඩයක්ලු බං ..මම යනව ඒකිවත් ඇරන් එහෙ වැඩට .. උබත් ඕනෙනම් වරෙන් ...!! "

" එක්කන් පලයන් ..එක්කන් පලයන් ... ඒක නෙමේ බන් ..උබ අලුත් මිස් නැවතිලා ඉන්න පොට් එක දන්නවද ?? " මා ගයියාට අමුත්තක් නොදැනෙන පරිදි ඔහුගෙන් ප්‍රශ්න කෙර්වෙමි .

" ම්ම් වැඩපොලේ කොල්ලෙක් එදා මට කීව බන් .. මට අමතකයි පොඩ්ඩක් .. උගෙන් අහල කියන්නම් .. උබට ඇයි ඒක ?? "

" පොඩි වැඩකට බන් .. උබ අහල කියපංකො එහෙනම් ..." මා ඔහුට පිලිතුරු දුන් පසු නැවතත් මාතර කෑල්ල පිලිබද මට අසා සිටිනට සිදු විය ... බෝඩිමට ආ පසුවද දුරකතනය අසලින් නොසෙලුනු ඔහුට මාතර කෑල්ලගෙන් ඇමතුම ලැබුණි ... ඔහු පැයක් පමණ මලක් කඩා එන තුරු මම ඇදට වී කල්පනා කරමින් ඉන්නට වුනෙමි .. මල කැඩූ පසුව ඔහු සුබ ආරංචියක් මවෙත ගෙනාවේය .. ඒ උදේශිකා නැවතී සිටින හෝටලය පිලිබදයි .. එයින් අමන්දානන්ද වූ මා සුලු මොහතකින් ගයියාට මෙසේ කියන්නට වුනෙමි ..

" ගයියා .. අද රෑට පොඩි ගමනක් යංද ???"

" කොහෙද කොහෙද ?? කොල්ල දං ෆුල් හැපියෙ ඉන්නෙ ... මැරෙන්න උනත් එනවා " යි කියමින් ඔහුගේ අතින් පපුවට තට්ටු කරගන්නා ගමන් පැවසුවේය ..

" උබ දැං කිව්ව අලුත් මිස්ලගෙ හෝටලේට බං .." මම හෙන සැහැල්ලුවෙන් ඔහුට කීවත් ඔහු ඒ වදනින් බිරාන්තාට්ටු වී මගේ මුහූණ දෙස ඇහැටුල්ලෙකු සේ බලා ඉන්නට විය ....




                                  ( මාතර කෑල්ලගෙන් ඇමතුම එන තුරු බලා සිටින ගයියා ^^^^ )


------------------------------------------------ මතුවට සම්බන්දයි ----------------------------------------------------------------------

කියැවූ සැමට ඉස්තූතිය ... මීලග 06 වෙනිදා සීසන් 02 අවසන් කරනවා .. ඊලග දවසේ උදේශිකාගේ හෝටලයට පනිද්දී සිදු වෙන්නේ මොනාද කියල බලාගමු .. රැදිලා ඉන්න ... ආ අවසන් කොටසේදී ප්‍රශ්නයක් අහන්න ඉන්නේ .. නිවැරදි පිලිතුරට මගේ ගාණෙ පොඩි තෑග්ගක් දෙනව දිනන කෙනාට ... ඉක්මනට පිලිතුර දෙන කෙනා තමයි ජයග්‍රාහකයා ....

ජයිවේවා !!

Thursday, October 2, 2014

::: ජිමියා රාජ් කුමාර් තෙවැනි දිගු හැරුම ( SEASON 2 ) :::

PREVIOSLY ON JIMMY RAAJ KUMAAR :-

" ඇයි ?? දැං කියපං උබට එක කෙල්ලෙක්වත් එපා ... අර රජවත්තෙද රැජිණවත්තෙද ඉන්න උදේශිකාවමයි ඕන කියල " ගයියාට අප අවසානයට වෙරි වූ අවස්තාවේ මා දෙඩවූ ආකාරය නිසැකයෙන්ම මතක් වී ඇත ..

PREVIOSLY ON JIMMY RAAJ KUMAAR :- 

" මට දවස් දෙකක් නිවාඩු ගන්න ඕන ...! ගමේ මලගෙදරක් ...! "

PREVIOSLY ON JIMMY RAAJ KUMAAR :- 

" මා බසයට හැරලූ පසු ගයියා වැනි වැනි බෝඩිමට යන අයුරු CTB බස් රතයේ අවසන් කවුලුවෙන් දිටිවෙමි "

------------------------------------------------------------------------------------------------------------

" පුතා අන්න අමිල පුතා ඇවිත් කතාකරනවා .....! ..." මව මා නිදාගෙන සිටියදී කුස්සියේ සිට හඩ නැගුවාය .. උදෑසන බස් රතයේ එන තුරු නිදාගෙන ආවද මගේ කාමරයේ ඇද දුටු පසු සුපුරුද්දට මෙන් සිහින දකිමින් නිදා ගන්නට විය .. නිවසට එන විට උදෑසන 9.30 ව තිබුනද මම නැගිට ඔරලෝසුව දෙස බලද්දී වේලාව සවස 4.40 ව තිබිණි ..

" අමිලයා ! .. මොකද බන් එලියෙ කරන්නෙ වරෙන් ඇතුලට ....! " මව ට ඇසෙන පරිදි එසේ හඩ නගා කියා නැවත වතාවක්

" මොකද හු** එලියෙ කරන්නෙ ... වෙනද තෝ කාමරේටම එනව .. තොට ඒ සිරිත් අමතකද ?? " එසේ කියන්නට වුනෙමි ..

" නෑ නෑ බන් .. උබ ආවා කියල නිව්ස් එක ආවෙ දැං .. කියාංකො විස්තරේ ...?" අමිලයා සුපුරුදු පරිදි දිගු කතාවක් අරභනු පිණිස මා සමගින් කාමරයට ගියේ ඔහුගේ කට තුල ව් චුවින්ගමයද එලියට විසි කර දැමූ පසුවය .. අමිල යනු මාගෙ සිටි එක් හොදම පාසල් මිතුරෙකි ... අනෙක් දෙදෙනා දිල්ශාන් සහ බාතියයි ... අමිල විබාගයෙන් පසු පරිගණක අලුත්වැඩියා කරන්නෙක් ලෙසද .. දිල්ශාන් දෙවන වතාවටත් විබාගය කරන අතර .. බාතිය නොහොත් හොදම කුප්පයා නාවලපිටියේ ගල් වැඩපලක් කරන බවට දැනගන්නට ලැබිණ්i .. අප සතර දෙනා එකට පංතියේ සිටියද එකට ක්ලාස් ගියද ඉගෙනීම පිලිබද අංශු මාත්‍රයක හැගීමක්වත් එක් අයෙකුටවත් තිබුණේ නැත .. බාතිය සමග එක්ව ඒ දිනවල සිදු කලේ ගමේ ඇති වාහන කොටස් යකඩ වලට විකිණීම සහ හොරෙන් ගම්මිරිස් කැඩීමයි .. දිල්ශාන් සමගින් මා සිදු කලේ පාසල් කට් කරමින් ඔහුගේ මාමාට අත් උදව් දීමට යාමයි ... අමිල සමගින් සිදු කලේ ජංගම දුරකතන ඉස්කෝලේ කොල්ලොන්ට සහ ගමේ කොල්ලන්ව ගොනාට අන්දමින් විකිනීමයි ... ඔවුන් තුන්දෙනා සමගින්ම පාසල් යන කාලයේ එක්ව දැං රැකියාවෙන් උපයනවාටත් වඩා උපයන්නට ඇතැයි අනේක්වාරයක් මට සිතී ඇත ... අප අතීත පල් හෑලි දොඩවමින් ගියේ දිල්ශාන්ගේ නිවසටයි ....

" දිල්  .. ශාන් ! .. වරෙන්කෝ ... " අමිලයා අත් දෙක කට  දෙපසින් තබා මොර ගෑවේය ...

" උබ දවස් කීයකින් දත් මැද්දද බන් ...?" මා ඔහුගෙන් නිකමට මෙන් ප්‍රශ්නයක් ඇසුවේ ඔහු කෑ ගසූ ශබ්දයේ පවර් එක මට හොදින් දැනුනු නිසාවෙනි ... ඔහු එය නෑසුනු ගානට සිටියේ දිල්ශාන් ඇතුලේ සිට පිලිතුරු දුන් නිසාය ..

" හිටපන් පොඩ්ඩක් ඈ ..." ඒ හඩනැගුවේ දිල්ශානයායි .. අප දෙදෙන ඔහු එනතුරු ඔහුගේ වැට ලග සිට පහලින් යන ඇලට ගල් ගසමින් ඉන්නට වුනෙමු .. පාරේ යන මිනිසුන් දැන් මා දුටු පසු සුහදශීලී සිනාවක් පා යෑම මා හට දැඩි ප්‍රශ්නාර්තයකි .. මන්ද යත් පාසල් යන කාලයේ උන් එකෙක්වත් මගේ මුහුණ දෙසවත් බැලුවේ නැත නමුත්
දැන් සුහදශීලී වී ඇත්තෙ මා රැකියාවක් කරන නිසාද ?? එහෙමත් නැත්තම් දැන් මා වැඩිහිටියෙක් නිසාද ?? එහෙමත් නැත්තම් මා වැඩිය පෙනෙන්නට නැති නිසාද ?? සිතමින් සිටියදී ...

" ඒ උබ කවද්ද බං ආවේ ?? " දිල්ශාන් පුදුමයෙන් මෙන් මගෙන් එසේ ඇසුවද , මම පුදුමයෙන් බලා සිටියේ ඔහුගේ අතේ තිබුනු පෑන දෙසයි ...

" අද උදේ බං ආවේ .. උබ මොකද කරන්නේ ? යමං මොනා හරි කරමු ??! "  මා අතෙකින් සිගරටුවක් උරන සංයාවක් දුන් විගසින් ඔහු ගෙතුලට දිව කමිසයක්ද පැලද අප සමග කඩේ දෙසට ඇදෙන්නට එන්නට විය ..

" මේ .උබමොකද බන් කවදාවත් නැතුව අපි කතා කලාම විනාඩි පහක් විතර ගියේ එලියට එන්න ?? " මා දිල්ශාන් දෙස බලමින් විමසුවෙමි ...

" පොඩි ගාණක් හද හද හිටියෙ බන් !! " උගේ පිලිතුරෙන් අමිලයාටත් මටත් හොදහැටි සිනාසෙන්නට පිලිවන් වින .. විබාගයට කලින් දවසේද මා සමගින් ටවුමේ වැඩක් කල ඔහු දැන් විබාගයට පාඩම් කරන්නෙකු වීම අපහට හාස්‍යට කරුණක් විය ... අප තිදෙනා ඉන්පසු ඇදුනේ කුණු ඇලේ පොට් එකටය ... එතනදදීද අතීත සිද්දි සිහි කරද්දී දිල්ශාන් උදේශිකා ගැන මතක් කරන්නට විය .. දැන් ඒ විශාල නිවසේ සිටින්නේ ඇයගේ අයියා සහ ඔහුගේ සුරුපි බිරිද බව ද දැනුම් දුන්නේය .. සවස් වන තුරුම පම්පෝරි ගැසු අප නිවෙස් වලට විසිර යන්නට විය ..

" උබ කවද්ද ආයෙ එවෙන්නෙ ?? " අප නිවසේ වැට ලගදී අමිල විමසුවේය

" ඊලග මාසෙ තමා බන් ...." එන දිනය කියූ පසුව ඔවුන් තීරනය කලේ එදිනට ගහන බ්‍රෑන්ඩ් එකයි ... එතනින් පසු හරි හැටි විසිර ගියෙමු ...


------------------------------------------------------------------------------------------------------------


රාත්‍රියේ මා බුකියේ සීටින විට මව සෙමින් සැරේ කාමරයට විත් හඩ නැගුවාය ..

" මේ ගෙදරට වෙලා ඉන්න පුතේ ..! අර හොටෙල් කෝස් එකක් හොයල කරානම් ඉවරනේ "

" වැඩක් නෑ අම්මෙ .. මට හම්බෙන රුපියල් 8000 ඇති මට "

" ගෑණ්iයෙක් ගෙනාවම තමා උබට තේරෙන්නෙ ... !! " මවගේ හඩ යන්තම් තර්ජනාත්මක විය .. එය 100% තර්ජනාත්මක වන්නට ඇසිල්ලක කාලයක් ප්‍රමාණවත්‍ය .. මා විගසින් හඩා නගා සිංදුවක් කියමින් කාමරයෙන් මාරුවීමට තරම් බුද්දිමත් විය ...

පසු දින උදෑසනද අමිල සහ දිල්ශාන් සමුවී සමුදුන්නද බාතිය හමුනෝඔවුනේ ඔහු නාවලපිටියේ සිටි හෙයිනි . ගාමන්ට් එකට යාමට පිණ්iස ලිදට ගොස් නාගත් පසු බැගය අස් කර ගත්තෙමි .. මව සාදාදුන් කිරි ටොෆී පාර්සලයද බෑගය උඩට වන්නට සැකසුවේ බසයේ යන අතර හොරෙන් කෑමට පහසු වන පරිදිය .. නිවසට සමුදී සවස් කාලයේ පිටවුනු මා හට බෝඩිමට රාත්‍රී 7.30 පමණ වන විට යාමට හැකි වූවේ බස් රත රෙස් ආ නිසාවෙනි .. එසේත් නොමැතිනම් තවමත් මා බස් අජිත්ගේ අදෝනාව අසමින් මහමගය ..

------------------------------------------------------------------------------------------------------------

" ගයියා .. දොර ඇරපාං ...! " මා දොරට තඩිබාද්දී දොර ඇරි ගයියා කුමක් හෝ සතුටු සිතෙන දෙයක් කිවීමට කට අයාගෙන මවෙත පැන්නේය ...

" මේ බං ... අර අලුත් මිස් චීස් කෑල්ල බං .. කිරිගරුඩ වගෙ ....! " ඔහුගේ සතර අබිනයම යොදමින් මාහට පවසන්නට විය ...

" අම්මටසිරි සිරාද ?? උබ දැක්කද ඒකිව ?? "

" ඔව් යකෝ .. අද ඔපිස් එක පැත්තෙ යද්දි දැක්කෙ ... පට්ටම සුදුයි ..." ඔහුගේ කතාන්දරයට සවන් දීමෙන් මගේ නින්දද පැය බාගයක් පමණ ප්‍රමාද විය .. ගමන් මහන්සිය නිසාම හොදහැටි නිදාගත් මා පසුදින උදෑසනින්ම නැගිට කිරි කෝප්පයක් සදාගෙන එය පානය කොට ඔපීසියට බඩ ගාන්නට වුනෙමි ... මාතර කෑල්ලගේ මැසිම අසල ගමේ කිරිටොපී කමින් සිටියදී මා හට නිවාඩු දුන් කැහූටු සේවකයා මිස් කතා කලායැයි කිව් පසු මා ඔපීසියට ගියේ කඩිනමිනි .. ඇතුල් වද්දිම කැරකෙන පුටුවක පිටුපසට හැරී සිටින අලුත් මිස් ගේ කොංඩය ඉහලින් තිබූ ටියුබ් ලයිටය නිසා දිස්නෙ ගසන්නට විය .. සුදු අතට දමා සිටි ඔරලෝසුවෙන් වේලාව බැලූ ඇය මා දෙසට හැරුනු පසු මා හට බූමිකම්පාවක් ඇති වන්නාක් මෙන් ශරීරයම සෙලවී යන්නට විය. දුටු දේ පලමු වර විශ්වාස කල නොහැකි වූ නිසා ඇස් දෙක පොඩි කරමින් නැවත ඇය දෙස බැලූ පසු ඉබේම

" උදේශිකා !!! " යන වචනය පිටවිණි .....




-------------------------------------------- මතුවට සම්බන්දයි ----------------------------------------------

කියැවු ඔබට ඉස්තූතිය .. ඊලග කොටසින්වත් උදේශිකා සෙට් වෙයිද ?? එහෙම නැත්තම් මුට මැරෙන්න හිතෙයිද ?? කියල හරියටම දැනගමු .. අවසන් කොටසට කලින් කොටස මීලග 04 දින රාත්‍රියේ දී .... !

-------------------------------------------------------------------------------------------------------------




Tuesday, September 30, 2014

::: ජිමීයා රාජ් කුමාර් දෙවැනි දිගු හැරුම ( SEASON 2 ) :::

 PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :-

 " අනේ පලයං බං ... උබ කෝමද කියන්නෙ ඒ මාතර කෑල්ල මට සෙට් කියලා ?"  මාතර කෑල්ල යනු පෙරේදා අපගේ වැඩපලට ආ අලුත්ම සාමාජිකාවයි ..


PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :-

 " හෙට ගෙදර එනවනෙ පුතා ..? " ....... 

   " ඔව් අම්ම උදේ 5.45 බස් එකේ එනව ටවුමෙන් බැහැගන්නත් ලේසිනේ "


 PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :-

 " අලුත් මිස් ආය කැන්ටිම අරින්නෙ 10.30 Tea එකටයි .. Lunch එකටයිලු බං ..."


------------------------------------------------------------------------------------------------------------------

 ඉදිරි කඩයෙන් උදෑසන තේක බී රු 25/=ක් ගෙවා වැඩපල ඇතුලට  ගියේ කැන්ටිමට වඩා රු 10ක් වැඩියෙන් වියදම් වූ පසුතැවීමෙනි .. රු 10ක් යනු වැඩපලේ සිට බෝඩිමට ගමන් කරන ගමන් ගාස්තුවයි .. වැඩපලට විසිල් එකක් ගගහ යනවිට මා දුටුවේ සිතාගත නොහැකි දසුනකි .. මා එය දැකීමෙන් දෙවරක්ම එය දෙස බැලුවේ විශ්වාස කිරීමට තිබූ අපහසුව නිසාවෙනි .. ඒනම් අලුතින් වැඩපලට ආ මාතර කෑල්ල සමග ගයියා පණි පෙරමින් කතා කරමින් සිටින දර්ශනයයි .. මා ගයියාට සැලුට් එකක් දමා එතනින් විසිල් කරමින් මාරු වද්දිම ....


" ඒ ඒ ... ස්ස්ස්ස් ස්ස්ස් පොඩ්ඩක් එන්නකො !! ..." ඒ ටකරමකට ගල් ගසන්න සේ කතා කලේ මාතර කෑල්ලයි .. ගයියා එතැන ඉද්දී මට කතා කරන්නේ අහවල් එකටදැයි දැඩි ප්‍රශ්නාරතයක් සිතේ රදවාගෙන ඈ වෙත ඇදුනෙමි ...

" ආහ් කොහමද ??? වැඩපල හොදද ?? " ඇගේ මැසිමට තට්ටු කරමින් පඩ වොයිස් එකකින් ඇගෙන් විමසන්නට වුනෙමි ...

" හොදයි හොදයි ... මේ අදත් මට මේ නූල අමුන්නගන්න බෑ අනේ ..." කියමින් ඈ අත වූ කොලරයෙන් මගේ අතටද තට්ටු කලාය .. මා සැනෙකින් ගයියාගේ මුහුණ දෙස බලද්දි එය රු 5/= උලුදු වඩයක් ගානට පොඩි වූවේය ...
" ඇයි මේ ලග ඉන්නෙ නියම අමුනන්නෙක් .. මොකාක්ද බං .. අලුත් උන්ට උදව් කරපං .." මා ගයියා දෙසට හැරී එක එල්ලේ කියා ඉවර වෙන්නත් කලින් ..

" මචං මචං .... මේ මේක අලුත්ම මැසිමනෙ .. නෙ .. උබ .. දන්නවනේ ....! " ගයියා ඇගේ පිටුපසට වී ඇස් ගසමින් කියන්නෙ කුමක්දැයි වැටහෙන්නට මාහට වැඩි කාලයක් ගියේ නැත .. සැනෙකින් සිනාවක් පහල වුවද පිට නොකර සීටියේ ගයියා තුල ඇති වූ අනුකම්පාව සහ යහලුකමේ නාමයනි .. අලුත්ම මැශින් යන්ත්‍ර අප වැඩපලට ගෙන ආ දවසේම ඉන් එකක වැරදි බොත්තමක් ඔබා මැහුම් රටා රැසක් මාරු වී බොසාගෙන් බැනුම් අසා ගයියා වැඩපලේම නෝන්ඩි වී සිටි අයෙකි .. ඇය ඒ බවක් දන්නවානම් මොහු සමග මැසිම ලගද නොමැත ..

" චතුරංග .. උබ දන්නවනෙ නේ මචං .. මං මේ මැශින් අස්සෙ ඉන්න එකෙක් නෙමෙයි කියල .. මං වැඩිපුර ඉන්නෙ බොසාගෙ ඔපීසියේනෙ ...!" මා නූල අමුණන අතරතුර ගයියා හඩ නැගුවේය ..

" අද උබ මොකද එහෙනම් මෙතන කරන්නේ ?? අදත් පලයංකො එහෙනම් ! " මා එසේ පවසද්දී මාතර කෑල්ල අත කටට තබා සිහින් ශබ්දයකින් සිනාවක් පෑවාය ..

" අර අලුත් මිස් එක්කෙනෙක්ව ඇතුලට ඇරන් නැල්ලු .. එලවගෙන " මාතර කෑල්ල එසේ පවසද්දී ගයියාගේ උලුදු වඩ මුහුණ පරිප්පු හැඩයක ස්වරූපයකට මාරු වුනේ මාඅ බලා සිටියදීමය ...

" නවත්තපන් තොපිලගෙ හැකර හිනාව !! ..." මා එසේ හඩ නගා මැසිමට පහරක් ගැසුවේ සිතට ආ තරහටය .. එය කෑලි කෑලි වී විසිවී යන අයුරු මට පෙණිනි ...

" මොනාද බන් කල්පනා කරන්නෙ ? " ගයියා පිටට තට්ටු කරද්දී නැවතත් මා පියවි ලෝකයට ආවෙමි . මැසිම තිබූ පරිදිම ආන්ත්‍රාවකින් තොරව තිබේ .. මා දැක ඇත්තේ ඉතාම කෙටි සිහිනයකි ... නමුත් මට ඒ සිතුනු දේ සිදු කරන්න තිබුනානම් යැයි මට නිතරම සිහිවුනි .. අප තිදෙනා පල්හෑලි  දොඩමින් ඉද්දී අප ඉදිරියට ටයි හැදගත් මහත්වරු කිහිප දෙනෙකු පැමිනියේය , පසුව ඔවුන්ගේ කතාවට සවන් දෙන ලෙස ඉල්ලා සිටියේය ...

" හරි සුබ උදෑසනක් හැමෝටම ....! " එක් ටයි මහතෙක් අපට ආමන්ත්‍රනය කරද්දී

" හෙණ ගහපන් !..." සුපුරුදු පරිදි ගයියා සහ මා ඔවුන්ට ආමත්‍රනය කලේ අප දෙදෙනාට පමණක් ඇසෙන පරිදීය ...

" මේ FIT කර්මාන්තශාලාවේ .. ආයතන හිමිකරු විදෙශ ගතවෙලා තියනවා .. ඔහු තව මාසයකින් එන්න පුලුවන් .. අවුරුද්දකින් එන්න පුලුවන් ... ඔහු එනකොට .. මේ ගාමන්ට් එකේ ලාබ වැඩි වෙලා තියෙන්න ඕන .. ඔහුගේම නෑදෑ දියනියක් වන මිස් කෙනෙක් තමයි දැනට රාජකාරියේ ඉන්නේ ... එතුමිය වැඩපලේ සාර්තකත්වය උදෙසා අලුත් නීති ටිකක් කැන්ටින් එක ලග ප්‍රදර්ශනය කරල තියනවා ... නිකරුනේ කතා කරන්නෙ නැතුව ( අප දෙස බලමින් ) ...  වැඩ කරන්න පටන් ගන්න .. ස්තූතියි ... !" ඔහු ආමන්ත්‍රනය කල ගිය පසු අප තිදෙනාගේ හෑල්ල ටද තිත තැබිනි ..




----------------------------------------------------------------------------------------------------------------


Lunch වේලාවේදී මව කතා කලාය .. ඇයට මා නොවරදවාම නිවසට හෙට දින පැමිනෙන බව දැනුම් දුන්නෙමි .. ලගක් වන තුරුම කොලබ ආ ගමනට ඈ බැනවදිමින් සිටියාය .. මා මීට මාස දෙකකට පමණ කලියෙන් යැවූ පඩියෙන් පසු ඈ දුරකතනයෙන් හඩා වැටුනාය .. මේ අවුරුදු දෙකටම නිවසට ගොස් තිබුනේ දෙවතාවක් පමණි ...

හවස 3.30 ට පමණ මා කාර්‍යාලය දෙසට ඇදුනේ හෙට නිවාඩුව ගැනීමේ අරමුණෙන්‍ය .

" ඇයි තමුන් අවේලාවේ මේ ....?" කාර්‍යාලය ඉදිරිපස සිටි කැහූටු  සේවකයා එසේ විමසද්දී මා හට මතක් වුවේ අප පාසලේ සිටි විනය පාලක ගුරුවරයායි ...

" මිස් පොඩ්ඩක් හම්බෙන්න ....!" මා ඔහුගේ සපත්තුවේ සිට ඉහ තෙක් බලන්නට වුනෙමි ... ඔහු විගසින් කාර්‍යාලය තුලට දිව එලියට පැමිනියේය ..

" මිස් දැන් ලොකු වැඩක් .. කාරණාව කියන්න මං මිස්ට කියන්නම් ....!" ඔහුගේ කතා ස්වරූපය මා හට දිරවව්වේම නැත ...

" මට දවස් දෙකක නිවාඩුවක් ගන්නෝන ... ගමේ මලගෙදරක් ... " යැයි පවසා ඔහු දෙස එක එල්ලේ බලා සිටියේ මූ ගේමටවත් එයි යැයි සිතාගෙනය ..

" වැඩ කරන සෙක්ශන් එක 3B නේ මල්ලී ?? මිස් හා කීවොත් මං කියන්නම්කො " සේවකයා එසේ කිව් පසු කොරවක්කෙකු නියරේ පියනගින්නක් සේ පඩියෙන් පඩිය සෙමෙන් බැස ගියෙමි .. රාජකාරිය නිම වීමට විනාඩි 10ක් තිබියදී කැහැටු සේවකය මවෙත පැමිණ නිවාඩු කොලයද ලබා දුන් පසු වැඩ නිමවී සුපුරුදු පරිදි ගයියා සමග පාර දිගේ පියමන් කරන්නට වුනෙමු ...

" මේ වරෙං යන්න ...!" ගයියා අපගේ නිහඩතාවය බින්දේ වැඩපලේ සිට අඩි පහක් පමණ ඉදිරියට ගිය පසුවයි ....

" කොහෙ යන්නද ???"

" රන්රෝ යමන් !..."  ගයිය පවසන්නේ වැඩපලට නුදුරින් පිහිටි රෙස්ටුරන්ට් එක ගැනයි ....

" බෑ බං අද ... හෙට උදේම ගෙදර යන්නෝන ...." ඒ පිලිතුරෙන් ඔහුගෙන් බේරීමට මට නොහැකි විය .. ඇතැති වූ රුපියල් 30/= ක් ඔහුට දුන් පසු සිගරට්ටුවක් රැගෙන පාර දිගේ ගසමින් බෝඩිමට යන්නට විය ...

---------------------------------------------------------------------------------------------------------------

බෝඩිමට ආ පසුද මාතර කෑල්ල ගැන ගයියාගෙන් අසා සිටිමට මා හට සිදුවිය ... ඔහු ඇයට සදුදා දිනයේ දුරකතන අංකය ලබා දෙන ප්ලෑන කියද්දී මම බැන වැදුනේ වැඩ පලේ අලුත් නීති වලටයි ... ශවරයෙන් හොදහැටි නාගත් පසු රොටී දෙකක් පුච්චන් කා එලාම් එකට අත නොතබන සේ ගයියාට තරයේ අවවාද කොට නින්දට ගියෙමි .. පසුදින උදෑසනම බස් රතයට මා ඇරලීමට ගයියාවද ඇදගෙන එද්දී  .. ඔහු නිදිමරගාතේ බැනවදිමින් මා බසයට හැරලඅට ආවේය .. හැරලූ  පසූ ඔහු වැනෙමින් බෝඩිමට යන ආකාරය CTB බස් රතයේ අවසාන් ආසනයේ වූ කවුලුවෙන් දිටිවෙමි





----------------------------------------  මතුවට  සම්බන්දයි ----------------------------------------------------------------------

අද 30 වෙනිදා ... ඊයේ තමයී මේ කතාවේ කොටස දාන්න සැලසුම් කරල තිබුනේ ...එ නිසා  ඊලග කොටස මීලග 32 දින .. ආ  සමාවන්න ඔක්තෝබර් දෙවන දිනට එය විකාශ කරන බව දැනුම් දෙන්නෙමි .. කියවු ඔබ සැමට ස්තූතිය .......

 

Saturday, September 27, 2014

::: ජිමියා රාජ් කුමාර් පලමු දිගු හැරුම (SEASON 2 ) :::


                        " ට්‍රී .. ට්‍රීං .. ට්‍රීං .. ට්‍රීං .. " වම්පස තිබුනු අසම්ජ්ජාතී ඔරලෝසු වේලාවෙන් සෑමදාම වාගේ කඩාකප්පල් කරන මාගේ සොදුරු සිහින සහිත නින්ද මෙවරත් උදෑසන 7:10 වද්දී පැහැර ගත්තේය . විගසින් ඇදෙන් බැස චාජරයට ගසා තිබුණු දුරකතනය වෙත නිදිමරගාතේ ඇදුනේ මුහුණුපොතේ තිබුණු යාවත්කාලීන කම් බැලීමටය . නමුත් දුරකතනයේ වේලාව 7:35 ව තිබිණි ..විගසින් ටෙලිවිශනය වෙත ගොස් සිරස නාලිකාව දැමුවේ වේලාව බලාගැනීමටය . මෙවර එලාම් ඔරලෝසුවට වැරදී දුරකතනයට හරි ගොස් තිබිණි .


" අඩෝ ගයියා .. තෝ අදත් එහෙනම් වැඩේ කරා නේ ?? ...."  මා කෑ ගැසුවේ ගයියාට ඇසෙන පරිදිය . ගයියා යනු මා සමග එකම රැකියාව සිදු කරන සහ එකම බෝඩිම් කාමරයේ මා සමග වාසය කරන මාගේ බ්‍රෑන්ඩ් නිව් ම මිතුරා වේ .. ඔහුට ගයියා ලෙස නමක් පටබැදුනේ ඔහුගේ සත්‍ය නාමය ගයාන් වූ බැවිණි ...

" ඈ උබ හිතුවද වැඩපලේ අලුත් කෙල්ල බලන්න මම උබෙ එලාම් එක කල් තිබ්බා කියලා ?? ..." ගයියා කාමරයට පිටුපස වූ එලිමහන් ශවර් එක යට සිට කෑ ගැසුවේය .

" ඔය බලපන් කටින්ම මාට්ටුනෙ උබේ .." මා එසේ කියමින් දත් බුරුසුවට Clogard දන්තාලේපය එක් කර ගනිමින් ශවරය දෙසට ඇදුනෙමි .. ගයියා සරම තුලට අත දැමාගෙන බිත්තිය දෙසට හැරී යමක් කල්පනා කරමින් සිටින බව මා ගිය විගස දීවෙමි .. නමුත් ඔහුට මා එන හඩවත් නොඇසුනේ ශවරයෙන් කොන්ක්‍රීට් පොලවට වැටෙන සමම්මත ජල ප්‍රමානයහි ශබ්දය නිසාවෙනි . නමුත්මාගේ  දත් මදින ශබ්දය ඔහුට ඇසී මා දෙසට හැරුනේ ඔහුගේ සරම යට වූ අත කෙලින්ම ඔහුගේ හිසේ අතුල්ලමිනි .. එය පිලිකුල් දසුනක් වුවද එය නොදැක්කා සේ දත් මැදගෙන යාමට මා උත්සුක
වුනෙමි .

" මේ අර මාතර කෑඑල්ල උබට සෙට් බන් .. උබ මොකාදෝ එකා වගේ ඉන්නවනෙ උඩ බලාගෙන ..." ගයියා ලොකු කතාවකට මුල පිරීම පිණිස ශවරයද වැසුවේය .

" අනේ පලයං බං .. උබ කෝමද කියන්නෙ මාතර කෑල්ල මට සෙට් කියල .. ? " මාතර කෑල්ල යනු පෙරේදා අප වැඩපලට ආ අලුත්ම සාමාජිකාවයි ... තරමක් ලස්සන වූ ඇයගේ සත්‍ය නාමය අප දෙදෙනාගෙන් කිසිවෙක් දන්නේ නැත .. ඇය ආ දවසේම ගයියා ඇය වෙත ඇබලයෙකු සේ ඇදුනද ඇය මොහුව මායිමකට මායිම් නොකලාය .....

" ඒකි උබත් එක්ක ඉදිකටුවට නූල අමුන්නන පුරුදු වෙනව අපි දැක්කනෙ බං " ඔහු පවසන්නේ වැඩපලට ආ අලුත්ම මැශිමට නූල දානා අකාරය මා ඇයට කියාදුන් සැටීයි ....

" අනේ හොන හූල හමින්නුවත් වඩොක් නෑ බල් " මා ගයියාට පිලිතුරු දුනිමි .

" මොකාක් ?? " ගයියාට මා කිව් දේ වැටහුන් නැති  නිසා දෙවන වර එය පැවසුවේ මුකය තුල වූ දත් බෙහෙත් රිත්ත එලියට විසි කල පසුවයි ..

" මොන නූල ඇමින්නුවත් වැඩක් නෑ බන් "

" ඇයි දැං කියපං උබට එක කෙල්ලෙක්වත් එපා රජවත්තෙද රැජිණවත්තෙද කොහෙද ඉන්න උදේශිකාවමයි ඕන කියල " ගයියාට අප අවසානයේ වෙරි වූ අවස්තාවේ .. මා දෙඩවූ අකාරය නිසැකයෙන්ම මතක් වී ඇත ..

" හ්ම්ම් .. කර කර සර බර ක්‍රිශි ක්‍රිශි " මා දිගටම දත් මැදීමේ නිරත වූවේ ඔහුගේ කතාවට සවන් දීමේ අරමුනෙනි .

" අනේ බොරු නොකර හිටපං බං .... දැං ඒකී කොලබ ආවා කියලා උබත් මෙහට ඇවිත් අවුරුදු දෙකයි .. හම්බුනාද තොට ?? " ඒකතාවෙන් මා හට මතක් වූවේ විබාගය අවසන් වූ පසු ගෙදරින් කෝස් එකක් කිරීමටයි බල කල මොහතේ රැකියාවක් සොයා ස්ව කැමැත්තෙන්ම කොලබට පිටත් වූ අකාරයයි .. ආ පලමු මාසයේ කොලබ  සෑම අහුමුල්ලකම බඩ ගෑවේ උදේශිකාව වත් නිකමට හමු වේ යැයි සිතා ගෙනය .. වාසනාවකට ඇදුම් ගාමන්ට් එකක රස්සාවක් සමුවුවද අවසනාවට උදේශිකවනම් සමුවූවේ නැත ...

" ඉක්මනට අතුල්ලගෙන පලයංකො බන් ඕක .. මටත් නා ගන්න " මා එසේ පවස්න්නට වූවේ ඒ කතා තේරුමක් නොමැති හෙයිණි .

" හරි හරි  වැඩියෙන් නාපන් ටිකක් ඇවිත් .. අද අලුත් මිස් කෙනෙක් එනවලු බන් .. බොසා රට යනවලු .." ගයියා තුවායෙන් හිස ගසන අතරතුරේදී පවසන්නට විය ...

" අම්මටසිරි එලනෙ බං .. උබ ඉන්නවනෙ මං එනකල් විනාඩි 10 ක් දියන් ..." ගයියාගෙන් මට ලැබුනු පිලිතුරනම් යහපත් එකක් නොවීය ..

" පිස්සුද ...බෑ බෑ  බං මම අද ඉදල උදේම වැඩට යන්නෝන .. අපි ගියා .." ගයිය තෙත වූ සරම පිටින් කාමරයට දිව යන්නට විය .. ඔහුට කිසිවක් නොකියන්නට ගියේ ශවරයෙන් වැටෙන අසම්මත ජල ප්‍රමානයෙහි ශබ්දයත්  සමග මාගේ කටහඩ තරග වැදීමට තිබූ අකමැත්ත නිසාවෙනි .  මාද හොදහැටි නා ගත් පසු ඊයේ රාත්‍රියේ ඉතුරුවූ පාන් පෙති කිහිපයකට බටර් සහ ගම්මිරිස් කුඩ් දමාගෙන කා බෝඩිම් කාමරයේ ඉදිරි සහ පිටුපස දොරගුලු ලා පාර දිගේ ගාමන්ට් එකට පියනගින්නට වුනෙමි ..



--------------------------------------------------------------------------------------------------------------

ගදී බාත් .. ගදි ගදි ගදී බාත්.. " පඩි ලැබෙන දිනය ගැන මනෝමයෙන් ගැන ගැන ගිය මා තිගැස්සී ගියේ මාගේ දුරකතනය නාද වූ පසුවයි ...

" හෙලෝ අම්මා ...." නිවසෙහි දුරකතන අංකය දුටු පසු මා හඩ නැගුවෙමි ....

" හෙට ගෙදර එනවනෙ පුතා ?? " මව අනෙක් අන්තයෙන් ප්‍රශ්න කලාය ..

" ඔව් අම්මේ .. උදේ 5:45 බස් එකේ එන්නෙ .. ගේ ගාවින්ම බැහැගන්නත් ලේසියිනෙ .." 

" පරිස්සමින් එන්න .. තියන්නම් පුතේ .. බුදුසරණයි .." මව දුරකතනය කට් කලේ මාත් ඇයට ආමන්ත්‍රනය කලාට පසුවයි ..

ගාමන්ටුවේ විශාල ගේට්ටුව තුලින් ඇතුලු වුනාට පස්සේ මා ඇදුනේ කැන්ටිමටයි .. ඒ උදෑසන ගත නොහැකි වූ Tea එක ගැනීමේ අරමුණෙනි .. නමුත් සෑමදාම තේ එක බොන කැන්ටිම වසා තිබුනු නිසා ගාමන්ට් එකේ කොල්ල්ක්ගෙන් ඒ ගැන අසන්නට වුනෙමි ...

" අලුත් මිස් ආයෙ කැංටිම අරින්නේ 10:30 තේ බොන වෙලාවටයි .. ලන්ච් ටයිම් එකටයිලු බං .." ඔහු පිලිතුරු දුන් විගසින් අලුත් මිස්ගේ මෑණියන් සහ එතුමිය ගැන කනස්සල්ලක් ඇතිවූවේ සැනකිනි ...



------------------------------------------- මතුවට සම්බන්දයි -----------------------------------------------

කියැවූ සැමට ස්තූතිය ... අලුත් මිස් ට එරෙහිව ජිමී සහ ගයියා කුමක් කරයිද ??? රැදී සිටින්න .. ජිමීයා රාජ් කුමාර් සමග .. දෙවැනි කොටස 29 වන සදුදා රාත්‍රී 7:00 ට විකාශය වේ ....

Thursday, September 25, 2014

#ජිමියා රාජ් කුමාර් හැදින්වීම ( SEASON 2 )

#ජිමියා රාජ් කුමාර් SEASON 2 හැදින්වීම

හොදායි .. යාලුවනේ .. මේක අමුතුවෙන් හදුන්වන්න දෙයකුත් නෙමෙයි .. ඔයාලට මගෙ පරන කතාවත් ඕනෙනම් පිලිවෙලකට බලාගන්න පුලුවන් .. මම ඒක නිසා තමයි ෆේස්බුක් එකේ මේක ලියන්නෙ නැතුව බ්ලොග් එකේම ලියන්න හිතුවෙ .. කට්ටියට චරිත ටික අමතකනම් මම යටින් පොඩ්ඩක් දාන්නම් චරිත ටික

1. චතුරංග අවිනාශ් බණ්ඩාර ( ජිමීයා )

2. උදේශිකා

3. ගයියා ( පලමු කොටසෙ හිටියේ නෑ )

4. දිල්ශාන්  , අමිල සහ බාතිය ( පාසල් මිතුරන් තිදෙනා )



මීට අමතරව තව චරිත තියනවා .. ඒව ස්ටෝරියෙන් බලාගන්න පුලුවන් වෙයි .. මම වැඩිය හදුන්වන්න යන්නෙත් නෑ .. මේ කතාවත් කොටස් පහකින් ඉවර වෙනවා .. කලින් කොටස් වල සමහර කොටස් දාන්න ගොඩක් පරක්කු වුනා .. නමුත් මේ වතාවේ දවස් දෙකකට සැරයක් කොටසක් දන්න මට පුලුවන් .. කලින් කොටස 859 වතාවක් කියවලා තියනවා .. මේ වතාවේ ඊට වඩා අඩුවෙන්න පුලුවන් .. වැඩිවෙන්න පුලුවන් ... මේක ලියන්නෙත් විනෝදාංශයක් විදියට .. ඔයාල සතුටුවෙලා වැරදි අඩුපාඩු තිබ්බොත්
කියල දෙන්න .. බොහම ස්තූතීයි දිගටම රැදිලා ඉන්න :) ..... පලමු කොටස 27 සෙනසුරාදා රාත්‍රී 7:00 - 8:00 අතරේ ටෙලිකාස්ට් කරන්නම් .




...  #Jimiiya ....

Thursday, July 3, 2014

::: ජිමීයා රාජ් කුමාර් අවසන් දිගු හැරුම :::

PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :- ඔවුන්ගේ කරච්චලය අස්සේ මං ඩ් ඇක්කේ ඇගේ සද වැනි රුවයි .නිල් පැහැති ටී ශර්ට් කක් සහ උණබම්බු ඩෙනිමට ඇය IPL එකට නටන අක්ක කෙනෙක් වගෙ ලස්සනට පෙනුනි .

--------------------------------------------------------------------------------------------------------------------------

  PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :- මට අමිල සියල්ල පැහැදිලි කර දුන්නේය . දනුක උදේශිකාගෙ පෙම්වතාය . රාජන්ස් රග්බි කන්ඩායමේ නායකයාය . සල්ලි අතින්ද ශරීරයෙන්ද ඔහු මට වඩා දෙගුනයක් ඉදිරියෙනි .

--------------------------------------------------------------------------------------------------------------------------

 PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :- අප හතර දෙනා දැක්ක දර්ශනෙන් ඩිම් වූහ .දනුකගේ එක් අතක කලු ගලකි . බිම තව කලු ගලකි .. එය මැද චීන පටස් කරලකි . ඔහු ඉදගෙන චීන පටස් පුපුරවයි . 

--------------------------------------------------------------------------------------------------------------------------

PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :- "හ්ම්ම් " කියමින් ඇය මගේ සාක්කුවට අත දාන්නට විය . මමද දෑස පියාගත්තේ සිදුවන දෙයක් වෙන්නට ඉඩ හරිමිනි . 

" හම්බුනා යැයි" පවසමින් ඇය මාගෙ දුරකතනය හැද එලියට ගත්තාය . 

--------------------------------------------------------------------------------------------------------------------------

                පිටුපසින් ආ පොලිස් රතයටත් වෙට්ටුවක් දමමින් මා ඉදිරියට යන්නට වුනෙමි . මාගේ කාර් රතය පිටුපස මොවුන් විනාඩි 10ක් පමණ පන්නන්නට විය .ඉදිරියෙන් ඔහුගේ කාර් රථය යනු දිස්වුණි . මමද කාරයේ වේගය වැඩි කරමින් ඔහුව ලුහුබදින්නට වුනෙමි . නමුත් අවාසනාවකට පොලීසියට හසුවී ඔහුව මග හැරුනි . මා හට එක්වැරම ආ කෝපයට Game එකෙන් Exit වී එය ඩිලීට් කර දමන්නට විය . මේ සති දෙක පුරාවට ඇය නොදුටු නිසා සිත දුකින් , සැකයෙන් , කෝපයෙන් පිරී තිබිනි . ඇය හමුවෙන්නට තිබුනේ බුකිය සහ ඉරිදා පංතිය පමණි . නමුත් මේ ගෙවුණු සති දෙක පුරාවට ඇයව එහිදී දක්නට නොලැබිණි .

" මචං රජවත්තට ගිහින් එමුද ? " උදෑසනින්ම මා දිල්ශාන් ගෙන් විමසන්නට වූයේ ඇගේ නිවස අසලට හෝ යෑමේ අපේක්ශාවෙනි .

" මචං මං අක්කලාගෙ ගෙදර ආව බං " ඒ ඔහුගේ පිලිතුරයි . ඉන්පසු ඒ කෙටි පණිවුඩයම බාතියට යොමු කලෙමි .

" හ්ම් .. බස් එකට ටිකට් කඩපං .. කන්න ඇරං දියං "

" හරි හරි බං 9 වෙද්දි බස් හෝල්ට් එකට වරෙං " යැයි පිලිතුරු දුන්නෙමි. මා හට සිතට සංතෝශයක් දෙන්නට බාතියට හැකි විය . විගසින් ඇදෙන් බැස දත් මදින්නට පටන් ගත්තෙමි . ඇයගේ නිවසේදී වූ සිදුවීම් මතක් වන විට එලියට ගසන කෙල නොදැනුවම ගිලෙන්නට විය .

" කොහෙ යන්නද ලෑස්තිය ? " නිවාඩු දිනයක දත් මදින නිසා මව මාගෙන් විමසුවාය.

" මැච් එකක් ගහන්න ... ටූ .. ර මන්ට් ... "

" ටූ .. රමන්ට් කර කර හිටපං .. විබාගෙට බැට් බෝල ගැන ලියපං .. ටූරමන්ට් ... " මුහුන සෝදා නිම වන තුරුම ඇයගේ දෙහි කැපිල්ලට සවන් දීමට මට සිදුවුනි . කහ කමිසය සහ ඩෙනිම හැදගත් පසු මා ටවුමට දිව යන්නට විය . කුනුහරුප විමානයකට මා කන් දෙක සූදානම් කර ගත්තේ ඔහුට කිව් වෙලාවට වඩා විනාඩි 20ක් පසුවූ නිසාවෙනි . මව විසින් ටූරමන්ට් ගෙන යෑමට බත් පාර්සලය බදින තුරු බාතියගේ වදන් මැවි මැවී පෙනෙන්නට විය. 

_________________________________________________________________________________

" මොකද හු** ෆෝන් ආන්සර් කරන් නැත්තේ .. තියපං ඔය ජාවා ගඩොලෙ කෝච්චියට "

" හදිසියේ බන් ආවේ "

" හදිසිය ප* තමා හදිසිය "

" හම්මේ උබ සිගරට් එකක් ගැහුවද ? ගද එනව .. අපෝ " අවංකයෙන්ම ඔහුගේ මුවින් දුම් වැටි සුවද ගලා ආවේය .

" උබ එනකම් මෙතන පොල් ගාන්නද .. ගියා අංකල්ගෙ කඩේට " එසේ දෙබස ගලා යද්දී අප දෙදෙනා රජවත්තට යෑමට බසයකට ගොඩ වුණි . රජවත්තට ටිකට් දෙකක්ද කැඩූ නමුත් බාතිය අප යන ස්තානය ගැන කිසිවක් දන්නේ නැත . ඇයගේ නිවසට යන තුරු ඉවසිල්ලක් නොවුනි . මා සිහින සාගරයක ගිල්වන්න උඩ ස්පීකරෙන් ඇසුනු බස් අජිත්ගේ හඩට හැකිවිය .

ගමනාන්තයෙන් බැසගත් අප දෙදෙනා රජවත්ත ලේන් එකෙහි සුවිසල් මන්දිර ඇතුලෙන් පියනගන්නට වුනෙමු . බාතිය මුව අයාගෙන නිවාස තුල සිටින ඇන්ටිලා දෙස බලමින් ගමන් කරද්දී උදේශිකාගේ නිවස අසල ඇති පේර ගසෙන් පේර කොලයක් කඩාගෙන ඔහුට දිගු කෙරුවෙමි .

" මේ මොකද බං "

" ඕක කාපං තොගෙ ගද යන්න " ඔහුට පේර කොලයක් දුන් පසු මමද නැවුම් පේර දල්ලක් මුවට ඔබාගතිමි .

" කොහෙද බං මේ අපි යන්නේ "

" සොනක්ශි සිං ලගෙ ගෙදර .. ඒකි දැං ලංකාවෙනෙ ඉන්නෙ " එසේ කිව් පසු සොනක්ශි සිංහා පිලිබද සම්පුර්න වාර්තාවක් දීමට මට සිදු විය . ඔහු බොලිවූඩය ගැන කිසිවක් දන්න පුද්ගලෙයෙක් නොවීම මගේ අවාසනාවකි .

____________________________________________________________________________________

කතා බස් කරමින් ඇයගේ ගේට්ටුව අසලටම යැවුනි . නමුත් ගේට්ටුව වසා තිබිනි . ඉහල මාලයේ ජනෙල්ද , සෑම දොරක්ම තිබුනේ වසාය . අප වැඩ කිරීමේදී ඉදිවෙමින් තිබූ ගොඩනැගිල්ලද තිබූ පරිදිමය . ඇයගේ නිවස තුල කිසිවෙකු සිටින බවක්ද දක්නට නොමැත . මාගේ මොලයට ඇය ගැන තොරතුරක් හොයාගැනීමට කුප්ප අදහසක් පැමිනෙන්නට විය . ඒ අසල ඇති නිවසකින් ඔවුන් ගැන තොරතුරක් ලබා ගැනීමය . සිගරට්ටුවක් අරන් දීමට පොරොන්දු වෙමින් .. තව ඝනකම් බටර් තලියක් ගෑමෙන් පසු බාතිය එය ඉශ්ට කිරීමට එකග වුනි .. ඔහු එම නිවසක් ඇතුලට බොරුවක් උගන්නමින් ඇරලූ පසු මා එම නිවසේ යෝද ගෙට්ටුවට හේත්තු වී  සිටියෙමි . තප්පර දෙකක් ඇතුලත දරුනු ගනයේ බල්ලන් බුරන හඩක් ඇසෙන්නට වූ නිසා මම ගේට්ටුව තුලින් එබී බලුවෙමි . දිවගෙන එන සුලු වේගයකින් බාතිය ඇවිද ආවෙ .. " යමං යමං " යැයි අතින් පෙන්වමිනි . එලියට ආ පසු බල්ලන් හට බැන වදිමින් පාරේ තිබූ ගල් කැබලි රැගෙන ඔවුන්ට පහර දෙන්නට විය . මමද ඔහුට සහය දීමක් වශයෙන් ඔහුවම අනුගමනය කරන්නට විය . අවසානයේ අප දෙදෙනාට සිදුවූයේ රජවත්ත ලේන් එක ඉවරවෙන තුරු " තුරු සුනකයින්ගේ " ග්‍රහනයෙන් මිදීමට දිව යෑමයි . වාසනාවකට ආ ලංගම බස් රතයකට අප දෙදෙනා හති අරිමින් ගොඩ වුනෙමු . කැටපිටිය ටිකට් එකක් පමනක් කැඩුවේ මා හට සීසන් පතක් ඇති නිසාවෙනි . ඔහුට සිගරැට්ටුවක්ද ඇරන් දුන් පසු පසු දින පංතියේදී මුන ගැසීමට කතිකා කරගෙන නිවස කරා පියමැන්නෙ මාගෙ අනෙක් සැලැස්ම සැලසුම් කරගනිමිනි .

_____________________________________________________________________________________

          පසුදින උදෑසන 7:10 ට අවදි වු මා පංතියට දිව ගියේ දෙවැනි සැලැස්ම දියත් කිරීමටයි . එය වැරදීමට කිසිම හේතුවක් නොමැත . මා පංතියට ඇතුලු වද්දිම . මාර ගස යට සිටි අමිල

" මොනාද යකෝ බලු වැඩ කරන්නෙ ?" යැයි උපහාසාත්මකව විමසන්නට විය .

" ඇයි මොකක්ද කේස් එක ...? "

" මූව තව ඩිංගෙන් බල්ලෝ කාලානෙ ඩෝ මැරෙන්නෙ . පොලීසියෙන් වෙඩි කාලා මැරෙන්න ඉන්න එකා මූ " කියමින් සිනාසෙන්නට විය . දිල්ශාන්ගේ සිනාහවේ සහයද ඔහුට නොඅඩුව ලැබිණි . මමද ඔවුනගේ සිත සතුටු කිරීමට " හහ් හ " යැයි පොඩි ශබ්දයක් නිකුත් කෙරුවෙමි . මා හට දනුක දූටු පසු දෙවැනි සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කාලය එලබ ඇතැයි වැටහිනි  . ඔහු හා ඔහුගේ යහලුවන් සිටින ස්තානයට මා තනිව යද්දී මගෙ මිතුරන් තිදෙනාත් පිටුපසින් එන්නට විය . දනුකගේ මිතුරන් අප ඔවුන් දෙසට එන විට සිටියේ "කන්න වගේ" බලමිනි . තවකෙක් අතේ කරගැට කඩයි . ඒවා මායිම් නොකල මා දනුක ගාවට ගිය පසු

" දනුක .. උබත් එක්ක පොඩි දෙයක් කතා කරගන්න තියනව " එසේ පැවසුවේ ඔහුගේ ඩයිනෝසර් අතට තට්ටුවක්ද දමමිනි .

" ආ කියපං " ඔහු ස්මාර්ට් දුරකතනයේ වැඩක යෙදෙමින් එසේ පවසන්නට විය .

" තනියම බං කතා කරන්න ඕන " මම එසෙ කිව් පසු ඔහු මා සමග පංතියේ වැසිකිලිය අසලට යන්නට විය .

" මොකක්ද .. දැං උබට වෙන්නෝන ?? "

" මචං .. උදේශිකා .. උ .." එසේ කීමට මත්තෙන්

" පොඩ්ඩක් හිටපං .. උබටද අර ජිමී කියන්නෙ .... ? අර පිස්සි මට උබව කියල තියෙයියි . උබ අර 1000ක් දීපු එක .. ලගකදි උන්ගෙ ගෙදර ගියපු එක .. ඒ උබනෙ ?? උබ ලවුද ඒකිට ? " දනුක එසේ පවසද්දී ඔහුව සිපගන්නට තරම් සංතෝශයක් සිතට දෝර ගැලුණි .

" පිස්සුද බං උබෙ කෙල්ලට ..."

" උබටත් පිස්සුද බං ? උබ හිතුවද මං ඒ පිස්සි එක්ක සෙට් කියලා "

" පිස්සු .. ඇයි බං පිස්සු කියන්නෙ ..?" මට ඒ වචනය ලොකු ප්‍රශ්නාර්තයක් වූ නිසා මුවින් පිටවුණි .

" අනේ උබ මහ ලොකුවට ලවු කරනවා .. පංතියේ බාගයක්ම දන්නවා ඒකිගේ මොලේ කචල් කියලා ..උබ දන්නෙ නැද්ද ?"  ප්‍රශ්නාර්තයක් ව තිබූ ප්‍රශ්නය දෙගුණ වන්නට පටං ගත්තේ එතණිනි .

" මොලේ කචල් .උබ දාගෙන හිටියෙ එහෙනම් ? "

" අයියෝ ඒකි නිසා මං පට්ට චාටර් වෙලා තියේ බන් . ක්ලාස් එකේ ඒකිගෙ නම කියල කෑගහන්න වුණා . පාරෙ කෙල්ලෙක්ට කතා කලා කියල පාරෙදි ඒ කෙල්ලට ගැහුවා . අර අතන ඉදගෙන චිනපටස් පිපුරුවා  ... "

මට ඔහු එසේ පවසද්දී ඇය යහලුවන්ට බැන වදිමින් පංතියේ පිටුපසට ආ හැටි .. ඇයගේ නිවසේදී වූ සිදුවීම් එකිනෙක ගලා එන්නට විය . ඇයගැන තවත් විස්තර ඇසීමේදී දනුක පැවසුවේ ඔහු ඇයව කුඩා කල සිටම හොදින් දන්නා අයෙකු බවයි , කුඩා කාලයේදීම ඇයට රිය අනතුරකින් වූ හිසේ ආබාදයකින් ඇය එසේ සිදුවූ බවත්‍ පවසුවේය . . මුලින් පිලිගැනීමට අපහසු වුවද පසුව මා හට සියල්ල වැටහුනි .ඇය නිවස දමා කොලබ පදිංචියට ගොස් ඇත්තේ ඇගේ පියා විසින් සහෝදරයාට එම නිවස බාර දුන් පසුවය . නැවත ඇය රජවත්තටත් , මාගේ දෑසට හමු නොවුනත් .. තාමත් හදවතේ සිටින්නේ උදේශිකාම පමණි.

------------------------------------------------------------------- නිමි ---------------------------------------------------

විශේශ ස්තූතිය :- බ්ලොග් එක පටන් ගත්තට පස්සෙ . හැදින්වීමත් එක්ක කොටස් පහක් ( මේ කොටස නැතුව ) ඒක දැනට 657 දෙනෙක් බලල තියනවා .. ඒ කට්ටියට හදවතින්ම ස්තූති වෙනවා ..තව බුකියේ ඉන්බොක්ස් එකෙන් ගුණ අගුණ කියපු හැමෝටමත් ස්තූතියි .. අපි තව කතාවකින් හම්බෙමු එහෙනම් :D සුබ සුබ ඈ ...!!!

 ආ මෙන්න මං ගානේ සිංදුවක් .. අහල නැති අය ගන්න Sarre ke Fall sa සිංහල වර්ශන් එක .
https://db.tt/0EW7AUEy ගුඩ් බායි ...!!!



Friday, May 30, 2014

::: ජිමියා රාජ් කුමාර් සිව්වැනි දිගු හැරුම :::

PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :- 

" හ්ම්ම් ඔයා තරම් ලස්සනක් ඒ මලේ නෑ .. " ඒ මම ඇත්තටම උදේශිකා තරම් ලස්සන කෙල්ලෙක් තවත් නෑ "

------------------------------------------------------------------------------------------------------------
PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :-

" අනේ මෙතන සල්ලි වගයක් තියනව දැක්කෙ නැද්ද " ???

" මේකද ඔයාල හොයන්නේ " ?? කියමින් පර්ස් එකේ හොර පොකටුවේ සගාවා තිබූ රුපියල් 1000ක් ඔවුන් දෙසට දිගු කෙරුවෙමි ..

------------------------------------------------------------------------------------------------------------
PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :- 

" ඒයි දන් නෑ වගේ යනවා නේ .... " ඇය පසු කරනවාත් සමග මට එය ඇසුනි .......

" අප දෙදෙනා ලෑල්ලට පෑගුවේ බෙබී මහත්තයා ගේ බාර් එකට යෑමටයි . මොකද අද අපි හතර දෙනාට කුනු ඇලේ පොට් එකේ ලොකු වැඩක් ඇති හෙයිනි "

------------------------------------------------------------------------------------------------------------
 
" රජවත්තේ වැඩක් තියනවා . දවසට 800යි , එනවද ? ඒ මැසේජ් එක දිල්ශාන්ගෙනි . මා සතේටම හිදුනු පසු දිල්ශාන්ගේ මාමා සහ දිල්ශාන් සමග කුලී වැඩක් කොට පර්ස් එක පුරවා ගැනීමට සැදී පැහැදී සිටියෙමි . 

" එකෙන්ම මං එනවා " කියමින් මම රිප්ලයි කෙරුවෙමි . අවසාන සතියේ සංතකේටම තිබුනු රුපියල් දාහද බෝතලයකට යටවී ගියේය . වෙරි මර ගාතේ මා එදා මේ යෝජනාව දුන්නා මතකය . දැං ප්‍රශ්නය කට ඇත්තේ උදේ පාන්දරම ගෙදරින් පැන ගැනීමටය . ගෙදරට මා අත්  වැඩ දෙන්නෙකු යැයි දැනගත්තොත් එය මගේ සියලු වැඩ අත් හිටුවීමට හේතු වෙයි . එම නිසා මා කුස්සියට  ගියෙමි .

" අම්මා .... මං අද බෝල ගහන්න යනවා ....!!! ටූරමන්ට් එක අද ... " මා එසේ පවසද්දී මව මා දෙසට හැරුනි .

" මොන ටුරමන්ට් ද ??? " 

"ක්‍රිකට් ...." ඒ මමයි 

" මේ හදිසියේ .... ?? " මව ව්‍යඒංජන සකසමින් සිටි හැන්ද මා වෙත  දිගු කලාය .

" ඔව් මට කලින් කියන්න මතක උනා ඉතින් ..." සරමද කැහැපොට ගසමින් එසේ කීවේ එන දෙයකට මුහුන දීමටය . 

" අනේ මංදා .. මේකා .... පොතක් පතක් අල්ලන්නේ නෑ .. බෝල බැට් අල්ල අල්ල ....... " දිග හෑල්ලක් කියවීමට පටන් ගත්තාය .

" සචකරකේ ....සචකරකේ ....මෙරේ දිල්කේ සචකරකේ ........ " 

ඒ මාගෙ උපක්‍රමයකි . මවගේ බැනුමට එරෙහිව මා නිතරම බාවිතා කරන්නේ සිංදු කෑලිය . ඇයගේ හඩට වඩා උස් හඩකින් සිංදුවක් කියා ඇයගේ බැනුමෙන් ශේප් වීමට මට පුලුවන . දත් මැදීමට අමතක වූ නමුත් මුහුන සෝදා උදේ අහාරය ගෙන බෑගය තුලට ශෝටක් දමාගෙන ,, බත් මුලකුත් රැගෙන එලියට බැස්සෙමි . 

 " පරිස්සමෙන් ගිහින් එන්න ... රෑ වෙන්න කලින් .." 

මව මා වැන්දයින් පසු සේ කියන්නට වූවාය . සිතට එවෙලෙට ශොක් එකක් අවේ දෙමව්පියෝ දරුවන්ට දුක් මහන්සි වෙලා උගන්නද්දී .. අපි එහෙම වැඩ කරන එක හරිද ..... ??? නෑ ඉතින් මම යන්නේ සාදාරන සල්ලි හොයාගෙන ... සිහට නොයෙක් ආකාරයේ සිතුවිලි එයි ... මා ලෑල්ලට පෑගුවේ දිල්ශාන්ගේ නිවසටයි ...
------------------------------------------------------------------------------------------------------------

" යකෝ වෙඩින් එක්කට නෙවෙයි යන්නේ ....!! " 

මා එනවා දුටු විගස ඔහු ඈත සිටම කෑ ගැසුවේය ... 

" ශෝට  බෑග් එකේ බං ... " මමද කෑ ගසා පැවසුවෙමි . ගෙදරින් පැනගත් හැටි . මවට පෑ කෙබරය දෙගුනයක් වැඩි කොට ඔහුටද උදේ පාන්දර ගුලියක් ඇබරුවෙමි . දිල්ශාන්ගේ මාමා සමගින් අප දෙදෙනා රජවත්තට පිට වුනෙමු . රජවත්ත යනු සල්ලිකාරයන් වෙසෙන ප්‍රදේශයකි . දොස්තරවරු ,, ඉංජිනේරුවන් , ව්‍යාපාරිකයන් වගේ උදවියද එමෙන්ම මන්ත්‍රීවරු ,, පාතාලේ උදවියද වෙසෙන ප්‍රදේශයකි . බස් රතයෙන් රජවත්තෙන් බැස ගත් අප දෙදනා මාමා සමග ඇඩ කරන ස්තානයට පිය නැගුවෙමු .

සුවිසල් නිවාස මැදින් යන තාර පාර දිගේ හඩ්ඩෙන් මෙන් යන විට දනපතියන් කෙරෙහි ඊරිසියාවක් හට නොගත්තාම නොව . 

" උබ දත් මැද්දද මචං  ...???? මම දිල්ශාන්ගෙන් විමසුවෙමි .

" ඔව් මැද්දා ඇයි ... ?? දිල්ශාන්ද කුතුහලලයෙන් පිලිතුරු දුනි .

" නෑ නෑ නිකං ..." මම පාරෙ අයිනට වෙන්නට තිබූ පේර කොලයක් කඩාගෙන කට ඇතුලට ඔබ  ගතිමි .. 

දිල්ශාන්ගේ මාමා ඒ අසල හිබූ නිවසකට  ගොඩ විය . එය ඉතාම විශාල ගෙයකි . පැත්තකින් අලුත් කොටසකුත් ඉදිවෙමින් තිබෙනව දුටිමි .මාම ගෙමිහියාටද දැනුම් දී වැඩ අරබන්නට යැයි කීවේය මමද ශෝට මාරු වී ස්කිනියක් හැදගෙන දිල්ශාන් සමග වැලි හලන්නට වූවේමි. වැලි හතක් අටක් හලද්දී ...

" ඔය මල්ලී ඇවිල්ලා අර විල්බැරෝව ගේන්න ...."

 යැයි මාම මට කීවේය . වැලි අලමින් හෙම්බත්ව සිටි මා මැටල් පිරවූ විල් බැරක්කය ගෙන ඒමට ගියෙමි . අමාරුවෙන් මැටල් ලෝඩ් එක උස්සන් එද්දී දැකපු දෙයින් දෙලොව රත් උනි ... විල්බැරක්කයේද එක් අතක් අත් හැරීම ඉසා මැටල් අහුරක්ද බිම පතිත විය . උදේශිකා .... !!!!!! ඔව් එයා තමයි . කොට කලිසමකුත් හැදගෙන , රතු ටී ශර්ට් එකකුත් හැදගෙන මිදුලේ ව්‍යායාම කරන්නේ ඇයයි ... එවිට මා පැමින ඇත්තේ ඇගේ මේ සුවිසල් ගෙදරටයි .

" මල්ලී .. හයියෝ ඕක අද ගෙනෙන් .. හලාගත්තද හයියෝ ... !!! 

දිල්ශාන්ගේ මාමාද ඒ අතරෙ බෙරිහන් දෙයි . මමද වෙව්ලමින් තිබූ අතපයටම වෙර යොදා විල් බැරැක්කය ස්තානගතකොට දිල්ශාන් අසලට දිව්වෙමි .

------------------------------------------------------------------------------------------------------------

" හු**** මේ අරකිගෙ ගෙදර ප*** .. "  මා දිල්ශාන්ට පැවසුවෙමි . 

" කාගෙද යකෝ ... ?? "

" උදේශිකාගෙ යකෝ .. මගේ ලව් එක .. මේ අපි යමන් බන් ..!!!" මා ඔහුට බැගෑපත් උනෙමි .

" යකෝ තොට පිස්සුඩ ??? වරුවක්වත් ගියේ නෑ .. ඕකනෙ උබලට ගෑනු ලොකු වෙනවනේ ... මාමා ආයෙ කතා කරන්නෙත් නැති වෙයි .." 

දිල්ශාන්ටද මල පැන ඇත . මටද වෙන විකල්පයක් තිබුනේ නැත . සිදුකලේ හිස්වැස්මක් දෑස වැසෙන තුරුම පැලදගෙන වැලි හලමින් ,, මාර්වෙන් මාරුවට මැටල් ට්‍රැවල් කිරීමටයි . නිවැසයි යන්ගෙන් උදෑසන ආහාරයට ඇරයුම් ලැබිනි .. දිල්ශාන් සමග අත පය සෝදාගත් පසු මා පාන් පෙත්තක් සහ පරිප්පු රැගෙන සැගවී අහාර ගත්තෙමි . වතුර පානය කිරීමට යන මොහතේ උදේශිකාට  මාව මාට්ටු විය .. මමද ඇයව නොදැක්කා සේ ගමන් කරන්නට වූවෙමි . නැවතත් වැලි කෝස් එකා දිල්ශාන් සමග පැමිනියේ දාඩිය වගුරුවමිනි .

" පුතාල තාම ඉස්කෝලෙ යනවද ...???" ඔය වදන ඇසෙනා තුරු මගේ සිත නිවී තිබිනි. හැරී බලන විට ඒ උදේශිකාගෙ මවය . උදේශිකාද ඇය සමග පැමින සිටී . 

" නෑ ඇන්ටී ..."
" ඔව් ඇන්ටී .." 

දිල්ශාන් සහ මම එකිනෙකට වෙනස් පිලිතුරු දෙන්නට විය . 

" මෙයාල අපේ ක්ලාස් එකට එන්නෙ .. අකවුන්ට්ස්  එකේ අපි දුරනවා නේද ජිමී ... " උදේශිකා ඇයගේ මවගේ කරේ එල්ලී පැවසුවාය.

" ඔව් ... මේ දිල්ශාන් කීව උදව් කරන්න එන්න කියලා ..මටත් කම්මැලි නිසා අවා ...!!!" 

මම එසේ දිල්ශාන් හට බැගෑපත් සිනාවක් දමමින් පැවසුවෙමි . දිල්ශාන් ඔරවාගෙන වැලි හලාගෙන හලාගෙන  යයි .. . මමද උදේශිකාට  සහ මවට අහිංසක සිනාවක් පෑවෙමි . 

"අපිට පොලීසිත් එක්ක යන්න වෙයිද දන් නෑ ... පොඩි ලමයි වැඩට ඇරන් ... "

ඇයගේ මව පැවසුවාය . උදේශිකාටද හඩ නගා සිනා ගියාය .. මමද ඇගේ සිනාවට වශීවි සිටියෙමි. සීතල සුලගක් වැදීගෙන හින්දි පිලුමක මෙන් එක් එක් සිංදු කෑලි ඔලුවා ගලා ආවේය .... 


" ගාදී බාත් ... ගදි ගදි ගදී බාත් ... ගදී බාත් .. ගදි ගදි ....ගදී බාත් .... "

ඒ සිංදුව මතක් උන එකක් නොව මගේ දුරකතනයේ නාදයයි ... සයිලන්ට් කිරීමටද අමතක වී තිබිනි .. එය සද්දෙන් නාද වන්නට විය ... දුරකතනය තිබුනේ මාගේ සාක්කුව තුලය .... 

" හොදට වැඩ කරන්න ආ .. අපි යං අම්මී ... මෙයාල ලැජ්ජයි අපි ඉද්දී වැඩ කරන්න ... "

යැයි පවසමින් උදේශිකා සුකුමල සිනාවක් පාමින් මව සමග නිවස තුලට පිය නැගුවාය ... උදේශිකාව මොහතකට  අමතක කරන්නට දිල්ශාන්ගේ විහිලු වලට හැකි විය .. විනෝදයෙන් අපි සවස් වන තුරුම වැඩ කෙරුවෙමු . 

------------------------------------------------------------------------------------------------------------
 වැඩ නිමවූ අප එම නිවසින්ම නෑමෙන් පසු ඇදුම් මාරු කිරීමට කුඩා කාමරයකට ගොඩ වුනෙමි .තෙත ශෝට ගලවා ඩෙනිම හැදගත් පසු දක්නට ඌයේ උදේශිකාගේ රුවයි ... කාමරය තුලට ඇයත් පැමිනියාය .. මා හට ඊලගට කුමක් සිදුවේද යන්න දෙලොව රත්වී සිටියෙමි .. 

" ජිමී .. මට පොඩි බඩ්ඩක් ඕනා ... " සරාගි හඩකින් ඇය කෙදිරුවාය .... 

" මොක...ක් ... ද .... !!?? " මං සීතලට වෙව්ලනවා මෙන් රගපෑවත් කකුල් දෙක ගැහෙමින් තිබුනේ බයටය . 

" හ්ම්ම් ..."  කියමින් ඇය ආගේ සාක්කුවට අත දමන්නට විය ... මමද දෑස පියාගත්තේ සිදුවන දෙයක් සිදු වන්නට කියාය.

" හම්බුනා ... කෝ කෝ අරක ..."

යැයි පවසමින් ඇය මගේ දුරකතනය සාක්කුව තුලින්  එලියට ඇද්දාය ..

" මං ඔයාගෙ රිගින් ටෝන් එකට හරි අසයි ... ඩවුන්ලෝඩ් කරගන්න නැතුව හිටියේ ,, කෝ දාන්නකෝ සිංදුව අනේ ...."

මමද සැනසුම් සුසුම් හෙලමින් සිංදුව සම්බ්දයෙන් දමන්නට  විය .. ටික වෙලාවකින් ඇය නැවතත් සාක්කුව අත ගාන්නට විය .. මෙවර නම් මම ඇයව වැලදගන්නට දෑතම සූදානම් කරගතිමි .. මොකද සාක්කුවේ කිසිවක් නොමැති බව මම හොදාකාරව දන්නා නිසාය ... 

" හෑන්ඩ් ෆ්රී එකක් නැද්ද ..... ??? මට බේස් තියාගෙන අහන්න ඕනා අනේ ....."

මම උපරිම පිඩනයකින් සිටියෙමි . නෑවට මොකද දාඩිය නැවතත් මුහුන පුරා බහිමින් තිබුනි ... උදේශිකා ඒ වගේ කෙල්ලෙක් නෙමෙයි මා සිතට ආවේය ,,, අවසානයේ ඇයට සිංදුව බ්ලූටූත් කොට දී නිවැසියන්ටද සමුදී දිල්ශාන් සහ මාමා සමග පිටත් උනෙමි ..


------------------------------------------------------------------------------------------------------------

දවසේ පැනය :- උදේශිකාගේ නිවසේ තට්ටු ගාන කීයද ???? ( පිලිතුරු ෆේස්බුක් මාර්ග ඔස්සේ ලබා දෙන්න ).

Friday, May 9, 2014

:: ජිමියා රාජ් කුමාර් තෙවැනි දිග හැරුම ::

PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :-

ඔවුන්ගේ කරච්චලය අස්සේ මං දැක්කේ ඇගේ සද වැනි රුවයි.නිල් පැහැති ටී ශර්ට් එකට සහ උන බම්බු ඩෙනිමට ඇය අද  IPL එකට නටන අක්ක කෙනෙක් ලෙස මට පෙනුනි .
----------------------------------------------------------------------------------------------------------------

" අනේ ඔව් රුපියල් 1000/= ක් තමයි . මගේ අනෙක් ක්ලාස් එකේ සල්ලි මේ . තැන්ක් යූ අනේ. කොහම තෑන්ක් කරන්නද මන්දා " ඇගේ මිතුරිය පවසයි .

----------------------------------------------------------------------------------------------------------------


                                            " අම්මපල්ල ඩෝ .. උබලට කියලා බෑ " අද දවාලේ මම කොච්චර මගේ පරම මිතුරන්ට පැහැදිලි කලද ඒවා සිහිනෙන් ගිය වාතයකටවත් ඔවුන් මායිම් නොකලහ . ඔවුන් සිතුවේම මා විසින් කෙබරයක් ඇද බාන බවය . අවසානයේ තීරනය වුනේ කුනු ඇලේ පොට් එකේ බෝතලයක් ගැසීමටය . මටත් පඩිසම් දී ඇත්තේ පූරුවේ කරුමයකි . නමුත් මගේ මනසේ පුංචි වීරකමකුත් සක්මන් නොකලාම නොවේ .

වෙනදා මෙන්ම සුපුරුදු පරිදි මවගෙන්ද බැනුම් අසාගෙනම නින්දට ගියෙමි . ඇස් දෙක පියාගත් විටම මැවෙන්නෙ උදේශිකාගේ ස්ක්‍රීන් ශොට් ටිකකි . තූහ් .. තූහ් අර බැටිස්ටා  වගේ හිටපු හෝතබුවත් ඔලුවට එනවනේ ශේහ් .. ශේහ් හීනේ .. කෙසේ හෝ මම නින්දට  ගියෙමි ..

" .. පුතා .. නැගිටින්න .. නැගිටින්න .. ෆේස්බුක් යන්න තියනවා ...."

හෑ ..... මම විගසින් අවදි වුනෙමි . වේලාව උදෑසන 7:10 යි . මාගේ මවද ලග පාතක නැත . එතකොට කව්ද මට ෆේස්බුක් යන්න කතා කලේ ?? එයද සිතින් අමතක කොට බුකියේ කරක් ගැසීමට ගියෙමි  . වෙනදා මෙන්ම උදේශිකාගෙ ස්ටැටූ එකට බබරෙකු මෙන් ඇදුනේ ලයික් එකක් කොටා ඒමටය .

" සුබම සුබ උදෑසනක් යාලුවනේ .. ඔයාල දන්නවද .. අපේ නරක මිතුරන් අතර හොද මිනිස්සුත් ඉන්නවා ... ........... #respect ....... ummaa ...... "

දෑස් නිලංකාර විය . හම්මේ වස්තුව .. මේ දාල තියෙන්නෙ මං ඊයෙ කරපු වැඩේ ගැන .. මේකට මං රියල් එකෙනුයි ෆේක් එකකෙනුයි දෙකෙන්ම ලයික් කලා . දැං මගේ සිත කියන්නේම ඇයට මං කව්දැයි කියා මැසේජ් එකක් දැමීමටයි . සෑහෙනට කල්පනා කොට අවසාඅනයේ ඇයට මැසේජ් එකක් දැම්මෙමි . ඇගේ පිලිතුරක් අපේක්ශාවෙන් පැය දොලහකට  ආසන්න පැය ගානක් වේලුනෙමි . රාත්‍රී අහාරයෙන් පසුව බුකියට ගොඩ වීමේදි ඇගේ පිලිතුර මට ලැබිනි. මගේ අනන්‍යතාවය මම එයට පැහැදිලි කෙරුවෙමි . ඇයද මා හා දිනෙන් දින මිතුරු වුනි.

මා හට ඉවසිල්ලක් නොමැතිව තිබුනේ හෙට දිනය එලබෙන තුරුය.  හෙට තමයි ඇයව දකින ඉරිදා දිනය , අද තමයි ඒ ගැන හීන බලන දවස , මං අර ගංගාවම මවාගෙන මුල් රෑම සිහින දකිමින් නින්දට ගියෙමි .

" උදේශිකා ,, ප්ලීස් මාව අතාරින්න ... මට යන්න දෙන්න උදේශිකා ප්ලීස් .. අවසානයේ බැගෑපත් වී මම ඇගෙන් මිදී දුවන්නට වුනි , "

මම විගසින් අවදි වුනෙමි . මට කිනම් රෝගයක් වැලදී එත්දැයි මට නොවැටහේ  . මන්ද යත් සෑමදම පිබිදෙනුයේ භයානක සිහිනෙයකිනි . තව පොඩ්ඩක් වෙලා හීනෙ බැලුවනම් මම ඉවරෙටම ඉවරයි . සමාජෙට මුහුන දීලා ඉවරයි . ( මං දන්නව ඔයාලත් දැන් නිදි කිරා වැටෙන බව . අවදියෙන් ඉන්න අහන ප්‍රශ්නෙට නිවැරදි පිලිතුර දෙන්න ) කෙසේ හෝ වෙනදාටත්  වඩා උදෑසන සැන්ට් පවුඩර් ගාගෙන ක්ලාස් එකට ගියේ බලාපොරොත්තු පෙරදරි කර ගනිමිනි .

---------------------------------------------------------------------------------------------------------------
     
        පංතියට ඇතුලු වෙද්දිම ඇගේ රුව විපරම් කරමින් ගියෙමි , ( ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ... ) . හිස් දාසක් අතරින් ඇගේ රුපය ෆෝකස් කරන එක මට කජ්ජක් නොවේ . මගේ මිතුරන් තිදෙනාද මුන ගැසී ඇයව සෙවීමට පටන් ගත්තෙමු . පංති  ශාලාවේ , කැන්ටිමේ , පාරේ , ඩෙස් යට සෑම තැනම බැලුවෙමි .


චටාස් .... !!!! අප සතර දෙනාම ශබ්දයක් ආ දිශාව හෙව්වෙමු . " චටාස් ....!!!!! " කොල්ලන් වටවී සිටියි . අප සතර දෙනාද හනි හනිකට දුව ගියේ චීත්තය දැක බලා ගැනීමටය .

දුටුවේ බයානක දෙයකි , ඒ එව්ලන ස්වරූපයෙන් සිටින ධනුකය . උදේශිකාගෙ පෙම්වතාය . දකුනතේ මස්පිඩු තරගයට සෙලවෙයි . දෑසද රත් පැහැයට හැරවී ඇත . දෑසේ ඇත්තේ පලිගෑනීමේ ස්වරුපයකි . මුහුනෙන් දාඩිය වැගිරෙයි , පසෙකින් උදේශිකාගේ විලාප ශබ්දයද ඇසුනි .

" අනේ ඇති  ධනුක ... ප්ලීස් නවත්තන්න අනේ . හොදටම ඇති .... ඇය කෑ ගසයි , නමුත් ඔහු නවත්වන පාටක් නම් නැත .

චටාස් ....!! පටාස් ...!!! ගැහැනු ලමුන් එකිනෙකා මුහුනු දෙස බලාගයි ,, අපටද එම දර්ශනය හරියටම දැක ගත හැකි වූවෙ අසල තිබූ පඩියකට නැගීමෙන් අනතුරුවය . අප හතර දෙනාම දැක්ක දර්ශනයෙන් ත්‍රස්ත වූහ .

ඔහුගේ එක් අතක කලු ගලකි , බිමද තව කලු ගලකි . එහි මැද චීන පටස් කරලකි . ඔහු හිදගෙන චීන පටස් පුපුරවයි . මුත් එක්තරා පිස්සෙකි මට සිතුනේ එයයි .

 
අප හතර දෙනාද විගසින් එම පඩියෙන් බැස උදේශිකා පෙනෙන ඉසව්වට ගමන් කලෙමු .  ඇය ඉදිරියෙන් තුන් හතර වතාවක් ගමන් කලද ඇයට ගානක්වත් නැත . යහලුවන් සමග උසුලු විසුලු කරමින් සිටියි , ඇය දුරකතනය ටච් කරමින් සිටියි . ඇය දුරකතනය ටච් කරන හැම විටම බැලෙන්නෙ මගේ ටච් නොවන දුරකතනය දෙසයි . සෙලෝටේප් දමා සුපර් ග්ලූ දමා බොහම පරස්සමෙන් පාවිච්චි කරන නොකියා 6070 දුරකතනය දෙසයි .

කෙසේ හෝ සුපුරුදු පරිදි අප පිටුපස පෝලිම් වල අසුන් ගත්තෙමු . දිල්ශාන් සහ මම වෙනදා මෙන් බොරු දොඩමින් සිටියෙමු . උදෙශිකා සිටියේ අපට ඩෙස් තුනක දුරකිනි . චීනපටස් ධනුකද පෙනෙන මායිමක නැත .දේශකයාද දේශනා අරගෙන යයි . කිසිවක් ඔලුවට එන්නේ නැත . පංතිය අවසන් වන තුරුම ඇගේ ඉටි රුවට මං පෙම් බැන්දෙමි . සියල්ලන් පිටවෙන තුරු වෙනදා මෙන් අප සිටියෙමු . මෙවර ඇය මා දුටුවාය . ඇය කට කොනකින් සිනා උනාය , මමද ලෝභ නැතුව මගේ දත් තිස් දෙකම එලියට දාගෙන ඇයට සිනාවක් පෑවෙමි . මම විගසින් බැලුවේ ඇගේ ඩෙස් පෝලිම දෙසය . ඒ ඇයට කිසියම් හෝ දෙයක් අමතක වී ඇත්දැයි බැලීමටය . මට වඩා භාතිය ඉකමන් වී සිටියේය , නමුත් ඔහුද පරාජිත ස්වරූපයෙන් බිම හොවාගෙන සිටියේය . නැවත මා ඇය දෙසට හැරී බලන විට අය එතන නොමැත  .

විගසින් භතියත් සමග ශාලාවෙන් පිටතට පැන ගැනීමට මට හැකිවුනි .

" අර ඉන්නෙ බං " භාතිය අත දිගුකර මට පෙන්වූයේ හංසියක් මෙන් ටවුම දෙසට ඇදෙන ඇගේ ශරීර කුඩුවයි . ඇය සීටින ඉසව්වෙන් ටවුමට දුරය . නමුත් මම භාතියත් සමග ඒ දෙසට ඇදුනෙමි .

" ඒයි .. දන් නැ වගේ යනවනේ .... " ඇයව පසු කරනවාත් සමග මට එය ඇසුනි . මම විගසින් නැවතුනෙමි ..

" ඉතින් ජිමී කොහමද .... ?? " සිනා මුසු මුහුනෙන් මගෙන් විමසුවේ උදේශිකාය .

" ඉන්නව අ , අ ,, ඇයි මෙතන " මං කලබලෙන් කටට ආ වචන ටික පිට කෙරුවෙමි ....

" අයිය එනකන් ඉන්නව ..." ඇය සිහින් හඩින් දෙඩුවාය . එවිටම භාතිය මගේ අතින් මිරිකනව මට දැනුනි . මටද සීන් එක වැටහුනි . බැරි වෙලාවත් උදේශිකාගෙ අයියා කාරයා ලාවට හරි දැක්කොත් රබ කෑමකි .

" ම්ම් එහෙනම් මං ගිහින් එන්නම් " එසේ පවසමින් මගෙයි ඇගෙයි ෆේස් ටු ෆේස් සිදුවූ වචන හුවමාරුව නිමාවිය . ටවුම දෙසට මායි භාතියයි ලෑල්ලට පෑගුවේ බේබි මහත්තයාගෙ බාර් එකට යෑමටය . මොකද අපි හතර දෙනාට කුනු ඇලේ පොට් එකේ ලොකු වැඩක් ඇති හෙයිනි.





------------------------------------------------ මතු සම්බන්දයි---------------------------------------------------------------------------------------------------------------------------------------------------------




------------------------------------------------------------------------------------------------------------දවසේ පැනය :- කුනු ඇලේ පොට් එකේ සෙට් වෙන්නේ කාගෙ මුදල් වලින්ද ??, නිවැරදි පිලිතුර ෆේස්බුක් මාර්ගය ඔස්සෙ යොමු කරන්න . ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Friday, May 2, 2014

::ජිමියා රාජ් කුමාර් දෙවැනි දිගුහැරුම::

PREVIOUSLY ON JIMMY RAAJ KUMAR :- ශේප් එකේ පලවෙනි කොටස කියවන්න ඔතන පල්ලෙහෙන් , මේ දෙවැනි කොටස......




 ඇගේ දෑස නීල තරු සේ දිදුලයි . තොල් පෙත්තක් වියලි මිරිස් කරලක් සේ මෙරූන් පාටයි . ඇගේ කම්මුල් නිකං කතරගමකිරි හට්ටි දෙකක් වගේ . ඇගේ දත් ... ඇගේ දත් ... කිසිම දෙයකට උපමා කරන්නට මට දහසක් ආවේ නෑ ..

" ඒ අර කෑල්ල පට්ට නේ බං ... බලකංකො නිකම් , දත් ටික තමයි පට්ට ඔක්කටම වඩා  නැඩ්ඩ මචා ... "

එසේ පැඅවසුවේ මගේ ලග සිටි නසරානියෙකි . ඒ නරුමයාද මුව අයාගෙන බලා සිටින්නෙ මාගේ උදේශිකාගෙ රුව දෙසය . ඒත් සමගම මම

"මචං අමිල ... මං ඒ කෑල්ල ටෝක් බන් " අපායට උනත් කලින් යන්න එපැයි, ඒක නිසා මං ඇරල දැම්ම . නමුත් යහලුවන් දෙදෙනෙක්ම තත්පර පහලවක් වැනි කාලයක් මා දෙස නෙත් නොපියා බලාපු කරගෙන ඉද්දි , එක් පාංකඩයෙක් ...

"මේකේ කලු පාට දෙක පට්ට බං .. පොඩි කොලිටියක් තියේ , අපරාදේ .... " ඌ තාමත් බලා සිටින්නේ මාගේ සෙරෙප්පු දෙක දෙසය . ඌ නමින් දිල්ශාන්. ඔහු ගැන හදුන්වව්වොත් ඔහු සෑම දෙයකම අඩුපාඩු එකක් හෝ දකින පුද්ගලයෙකි . කොන්ඩය කැපුවත්,අලුතින් ඇදුමක් ගත්තත් කිසියම් හෝ අඩුපාඩුවක් පෙන්වීම උගේ සිරිතයි, උට "මූසලයා" ලෙස නමක් පට බැදී ඇත්තේ ඒ නිසාවෙනි . ඔහු එය කීයනවාත් සමග මට මහක් උනේ මල්ලිකා ඇන්ටිව , පොඩි කාලෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර එක්කන් ආවේ, ක්ලාස් ඔක්කම එක්කන් ගියෙ ඒ ඇන්ටි , ආ .. උබල දන්නවද කවුද මල්ලික ඇන්ටි කියල ?? ඒ තමයි මේ මූසලයගෙ  අම්ම . අනේ හොදයි ...

" මේ උබ සීරියස්ද කියන්නෙ ... ? අමිල එය මගෙන් ඇහුවෙ ඌ සීරියස් වෙමින්‍ය

"ඔව් බං .. වෙන කෙල්ලන්ට අගේ නෙමෙයි බං .. මේකට මට මාර ෆීලිං එකක් එන්නෙ .. ඔලුවට එන්නෙම මේකිවනෙ .. "   is @ අඩමින් ..

"එලකිරි .. උබ ඩිගටම ටෝක් කරහං .. හැබැයි පෝරියල් දෙකක්ම කාහං " අමිල එය පැවසුවේ මගෙ උරහිසටද තට්ටුවක් දමමිනි .

"ඇයි කාගෙන්ද කාගෙන්ද පෝරියල් ...?? " මම හිතට ආ කලබල ශීලී ස්වාබාවයෙන් කෙලින්ම ඇසුවෙමි .

" ඒකිගෙ අයියා සුදේශ් යකෝ .. වැඩේ මිස් උනොත් උබ ඉවරයි ..කපනව කීවොත් කපනව .. උබව පෙති ගහයි යකෝ .. " ඒක අමිල කටින් කිව්වට වැඩිය පෙති ගහන විදිය අතින් පෙන්වීමත්  සමග මම නොපෙනෙන සේ කෙල බිංදු දෙකක් ගිල්ලෙමි . නමුහ් ඒ වචන ටික වම් කනින් ඇසී ශරීරය පිටුපසින්ම හොර රහසේ කාන්දු වී ගියේය , එනිසා මට  ගානක්වත් නැත .

" හරි .. උබ කිව්වෙ පෝරියල් දෙකක් කියල ?? ඒ ඇයි ?? "

"වරෙන්කො පොඩ්ඩක්" අමිල කතා  කලේය , ඉන්පසු අමිල මට අපේ පංතියේ සිටින දේහ දාරියෙක් දෙස අත දිගු කල පෙන්නුවේය . ඔහු කොල්ලන් වට කරගෙන පඩ ටෝක් දාගෙන ඉන්න චරිතෙකි , ප්‍රසිද්ද පාසලක රග්බි කන්ඩායමේ නායකයා ඔහුයි . එක් අතක ස්මාට් ෆෝන් එකක් , අනික් අතේ මං දැක්කෙ පිදුරුතලාගල කංද වගේ උගේ තියන මසල්ස් ටිකයි . බැලින්නම් ඔහු කෙලින්ම උදේශිකාගේ පෙම්වතායි . ඒ වචනෙ අමිලය මට කිව්වෙ අන්තිමේට . මා මං ගැනම දුක හිතුනෙ එතකොට , ඌ මට වඩා ශරීරයෙන් , සල්ලි අතින් හැම දෙයකින්ම දෙගුනයක් ඉස්සරහින් , මම මොකෙක්ද ?? මටම හිතුනි ... මගේ සිතට කවඩාවත් ආපු නැති වේදනාවක් ඇතිවුනි . ඒ අස්සෙ අජිත් මුතුකුමාරනගෙ සිංදු කෑලිත් ඔලුවට ගලාගෙන ආවේය . යහලුවන් ඉදිරියේ කදුලු බිංදුවකින් අංශු මාත්‍රයක් හෝ වැටුනොත් මං වසල හමාරය .

( පසුබිම් ගීතය .... දුක දන්නෙ වෙන කව්ද ඇස් දෙක තරම් .. උහු උහු ... )

මම පංති  ශාලාවට  ගියෙත් සිතේ වේදනාවෙනි .මං කතා කලේ වචන දහයකටත් අඩු ප්‍රමානයකි , මුහුන බිම හොවාගෙන කල්පනාකර කර සිටියෙමි . අද උදේශිකා දිහා බලන්න හිත දෙන්නේ නැත , නමුත් ඉදල හිටල බලන අවස්තාවල සිතට එන්නේ ආශ්වාදයක් නොව අවුරුදු හතක් ලව් කරල බූ කාපු කොල්ලෙක්ගෙ හැගීමකි .

මම සහ දිල්ශාන් ශාලාවේ පිටුපසින්මය . ඒ සමගම ගුරුවරයා ප්‍රශ්න පත්‍රයක් බෙදාගෙන බෙදාගෙන ගොස් . පිලිතුරු සපයන්නටයි කීවේය . ඉන් පලමු ප්‍රශ්නයම හුකෑස් වුනි .

01. සමාගමක වගකීම් තිබේද නැද්ද ? තිබේනම් එය පැහැදිලි කරමින් දක්වන්න .

. මේ දාහක් ප්‍රශ්න ස්සේ ඔවුව හිතන්න මට මානසිකත්වයක් නොතිබිනි .

පි:- සමාගමක කිසිම වගකීමක් මා දන්න තරමින් නැත . සිම්පල් වැඩේ ඉවරයි . ඒ මගේ පිලිතුරයි ,

 අනෙක් ප්‍රශ්න කිසිවක් නොකර මගේ ඔලුව අජිත් මුතුකුමාරනටම චැනල් කොට විසුවල් එක්කුත් මවාගෙන කටු බලි අදිමින් සිටියෙමි . මොහොතකින් .. "ජරාස් බ්‍රාස්ස් ජොර ජුරු ..... " ශබ්දයක් ඇසුනි , අම්මටහුඩි !! මල රෙද්දකි සුදුවන් අතකින් පේපර් එක්කුත් රැගෙන , කොමල පපා .. මගේ ඩෙස් එකා යාබද ඩෙස් ඇද ඇද සිටින්නේ උදේශිකා සහ ඇගේ යෙහෙලියයි ..ඔවුන් දෙදෙනාම කූටු  කුටු ගගා ඔවුන්ගේ යාලුවන්ට බනින ශබ්දෙකුත් මට  ඇසිනි . පපුවේ හර්දස්පන්දනයද සීග්‍රයෙන් වැඩි විය .. නියපොතු වැඩි වැඩියෙන් කැවෙන්නට  විය . නහය වැඩි වැඩියෙන් .. ආ ඒක ඕන් නෑ ..  එම පැය ඉවර එන තුරු මාගේ දෑස තිබුනේ ඇගේ දෙසටය . ඒ පැයෙන් විනාඩි පහක් පමන ඇගේ මිතුරිය දෙස බලන්නත්  යොමි කලෙමි . ( :3 ) පංතිය අවසන් විය . අප සෑමදාම පංතිය අවසන් වීමන් පසු සියලු දෙනා පිටව යනතුරු සිටින්නේ කූබියෝ වගේ ඉන්න අපි අලියොන්ගෙන් තැලෙන්නෙ මොකද යන තේමා පාටය මූලික කරගනය .

" ඒ මචං .. අඩෝ අරක ගනින් යකෝ ශනික . ටක් ගාලා ගනින් නැමිලා ." ඒ හඩ අවදි කලේ බාතියය . ජඩ වැඩක් එත්නම් පාසලේද ගමේද සියලුම ඒවා බැර වන්නේ මුගෙ ගිනුමටයි , යකඩ බඩු ඉස්සීම , ගම්මිරිස් හොරෙන් කැඩීම , සාදික්කා කැඩීම , ඔක්කම ඔහුගේ ආදායම් මාරගය . ඔහු අත දිගු කලේ උදේශිකා සිටිය බංකුවටය . එය කියනවාත් සමගම දිල්ශාන් විපරම් කර බංකුව අස්සේ රිංගා රුපියල් 1000/= නෝටුවක් අතැතිව කෙකර ගාමින් අප අතරට ආවේය .

"යකෝ දාහක් !! මොනාද බොන්නේ ? උබනම් එලකිරි බං .. බොම්මු නප් වෙන්න .. වේවට තමයි බං කියන්නෙ චාන්ස් කියලා ..."

සියලු දෙනාම බීම සහ කෑම පිලිබදව අදහස් පල කරමින් එතන සීටින අතරතුර පංතිය ඇතුලට නැවතත් පැමිනියේ උදේශිකා සහ ඇගේ මිතුරියයි .. අපේ සිනා හඩ මද්‍යයේ ඔවුන් යමක් සොයන බව අප හතර දෙනාටම වැටහී අවසනය. ශේප් එකේ මාරු වෙමුයි පවසමින් එකිනෙකා කැපෙන්නට විය . මට කෙතරම් හොර වැඩ කලද මේ වැඩේට හිත දෙන්නේ නැත . මා ඔවුන් දෙස බලා සිටිනවා ඔවුන් දැක්කේය .  මා හැරී බලන විට  නරුමයන් කැපී අවසන්‍ය .

( තැන තැන වැටී විදවයි  අපාය සහයක මිතුරන් මාගේ .... හිරිමල් වියේ .... ලා ලා ලා .. )

මා හැරී එන්නට හදද්දිම

"ස් ස් ස් " හම්මේ එවැනි වොයිස් එකක් මා මීට කලින් අසා නැත , ශේප් එකේ පඩ ලුක් එකකින් ඔවුන් දෙස හැරී බැලුවෙමි . නෙද්දකින් කතා කොට තිබෙන්නේ ඇගේ මිතුරියයි .

" අනේ මෙයා .. මෙතන සල්ලි වගයක් තිබ්බ දැක්කෙ නැද්ද  ? ඇගේ මිතුරිය විමසුවාය.

මම කියන්නේ කුමක්දැයි නොවැටහුනි . මම ජඩයන් තිදෙනා දෙස බැලුවෙමි . ඔවුන් නැහ , පංති ශාලාවටම සිටින්නේ අප තිදෙනායි . හම්මේ හිතට ආවෙම අරව මේව . අර කව් බෝයි ෆිල්ම් එකක් වගේ , මුහුනට මුහුන දෙපාර්ශවයම බලං ඉන්නව . දැන් චාටර් වෙලත් බෑ . මොනා උනත්  ලවු එකනේ , මම උඩ බිම බැලුවෙමි . මුලු ලෝකයෙන්ම කොල්ලෙක් කල ගොන්ම වැඩේ මම එදා කෙරුවෙමි .

" මේක වෙන් නැති "කියමින් මගේ සීයා මා අවුරුද්දට දීපු රු 1000/= ක් දික් කෙරුවෙමි , අයියෝ සල්ලී .

" අනේ ඔව් ඔව් රුපියල් දාහක් තමයි . මගේ අනික් ක්ලාස් එකේ සල්ලි මේ අනී , තැන්ක් යූ ... තැන්ක් යූ සෝ මච් . මං මෙතන්දි අන්තිමේට  පර්ස් එක ඇද්ද මතකයි .මට හිතුන මෙතන ඇති කියල .

" හිහ් .. මම ගත්තෙත් දන් නැතුව " වෙව්ලන කටහඩකින් එසේ පවසා විදුලි වේගයෙන් පිටුපස නොබලා ගියේ බාතිය සංතකයේ තිබෙන රුපියල් දාහට විදීමටය .


-------------------------------------- මතු සම්බන්දයි ------------------------------------------------------



( ඊලග එපොසිඩ් එක ලබන 5 වෙනිදා විකාශය වේ ... දවසේ පැනය ... ජිමියා කල ගොන් වැඩේ කුමක්ද ? නිවර්දි පිලිතුර ෆේස්බුක් මාර්ගය ඔස්සේ සපයන්න . )

Monday, April 28, 2014

:: ජිමියා රාජ් කුමාර් පලමු දිගු හැරුම ::

     



                       ලස්සන මල් යායක් .. සමනලුන් රෑනක් .. ලස්සන ගගක් .. ඒ ගගේ මාලුවෝ ,, තාරාවෝ ,, කක්කුට්ටෝ ,, කිබුල්ලු ,, හැමෝම එකා වගේ සංතෝසෙන් ඉන්නවා . මායි උදේශිකයි ,, අපි දෙන්නා ගග පාමුල ආදර බස් තෙපලනව .


" අර ඕලු මල හරි ලස්සනයි "

" හ්ම්ම් .. ඒත් ඔයා තරම් ලස්සනක් ඒ මලේ නෑ .." ඒ මම . ඇත්තටම උදේශිකා තරම් ලස්සන කෙල්ලෙක් මට වෙන නෑ

" අනේ .. ඇත්තමද .. ? "

" ඔව් පැටියෝ .. ඉන්න මම ඒ මල ඔයාට ඇරන් එන්නම් සටස් ගාලා " එසේ පවසමින් මා ඇද සිටි ඩෙනිම දනහිස දක්වා නැමුවෙමි ..

" අනේ චතුරංග .. ඔය ගගේ කිබුල්ලු ඉන්නවා .... ! අනේ වස්තුවේ ඉන්න .. " ඇය හඩා වැලපෙයි


මට හිතුනේ එකම එක දෙයක් පමනි .. ඒ අර ටී වී එකේ යන සිංගර් ඇඩ් එක .. " ගෑනු කවද්ද හිතෙන දේ කිව්වේ ..." .... " නෑ පැටියෝ ඔයා බයවෙන්න එපා . කිබුල්ලුන්ගෙ බඩ අතගෑවම එයාලගේ ඇස් පියවෙනවා . ඔයා දන්නවනේ .. මට ඕන කෙනෙක්ගේ බඩවල් අතගාන්න පුලුවං විත්තිය " ?

" Hmmm " ඇගේ පිලිතුර එපමනයි


                     මම වට පිට බලමින් පිය නැගුවෙමි . බෝට්ටු පදින තොටියෙක් ගගේ කෙලවර සිටියි . අවුරුදු 45ක් පමන ඇති සිහින් සිරුරක් ඇති මට වඩා ටිකක් මහත මෑන්ස් කෙනෙකි .


" අංකල් .. ඔය බෝට්ටුව පොඩ්ඩක් දෙන්න බැරිද ? අර මලක් තියනව කඩං එන්න "

" ඔහේ කවුද ? " අංකල්ගේ මුවින් පිටවුනේ එච්චරයි. මම ක්‍රියාත්මක වුනෙමි .

" අංකල් ෆේස්බුක් ඉන්නවද ? මම ඒකේ ජිමියා .. "

" අම්මටසිරි .. මට අදුරගන්න බැරිවුනානේ ,, ආ පුතා බෝට්ටුව " . ඔහු සිනා මුසු මුහුනින් මට බෝට්ටුවට යෑමට අවසර දුන්නේය.

------------------------------------------------------------------------------------------------------------

" ඒ නැගිටපං .. මූ අදත් කිරි එකෙං කට හෝදලා .. වතුර බීලනේ .. නැගිටහං අද ක්ලාස් .."

මම වටපිට බැලුවේ කෑ ගසමිනි .. මං හිතුවේ බෝට්ටුවේ යන ගමන් කියාය , නැත. මම වැරදි . ඒ ගෝරනාඩුව මගේ මවගෙනි .

" වෙලාව කීයද ?? " ඒ මගේ පැනයයි

" 7:10 යි .."

මම සරමත් හැද ගනිමින් ඇදෙන් බිමට පැන ගියේ බාත් රූම් එකටය . ඉරිදා දවස තමයි මගෙ ආසම දවස . මොකද උදේශිකා බලන්න පුලුවං එකම එක දවස එදා නිසාය . ඇය ක්ලාස් එනවාද නැද්ද හරියටම බලාගන්න පුලුවං FB එකෙං . මොකද එයා ක්ලාස් එනවනම්

' ගුඩ් මෝනිං කස්ටියටම .. අඩ උඩේම උඩේශිකා ක්ලාස් යනවා . හවස තමයි එන්න වෙන්නේ .. බායි , උම්මා '

කියල ස්ටැටූ එකක් අප්ඩේට් කරනව . මාත්  ඉතිං දත් මදින ගමන් බුකියට ගොඩ වුනා . Notifications, Masseges කිසිවක් නොබලා කෙලින්ම ගොඩ වුනේ මා විසින් ලයික් කමෙන්ට් ලක්ශ ගානක් දැමූ ඇගේ අකවුන්ට් එකටයි , වැඩේ හරි !! ... වචනයක් දෙකක් එහෙ මෙහෙ උනත් ස්ටැටූ එක දාලා .. මං එහෙම්ම දුරකතනය කාමරයේ කොට්ටෙ උඩ තබා දත් මැදගෙන මැදගෙන ගියෙමි . කෙසේ හෝ බාත් රූම් එකෙං එලියට එද්දී වෙලාව උදෑසන 8:00 වී තිබිනි . ලාවට තියන දැලි රැවුල ලාවට  කපලා , සෑම ශැම්පූ ජාතියක්ම ගාලා කොන්ඩේ සෑදීමට ඒ කාලය වැය වී තිබිනි . .. මා සිටින්නේම සිහින ලෝක වලයි , ඇගේ සිනාව .... ඇගේ කතාවට  ... මා ආකර්ශනය වී සිටියෙමි. .. සිංදුවක් මුමුනමින් මා කාමරයට යද්දී .....විනාශයකි  !! මගේ මව කාමරයේ සිටින්නේ මගේ දුරකතනය අතැතිවයි . මම සද්ද නොකර හොරෙන් එබී බලද්දී සිටියේ උදේශිකා ලගදී බුකියට  අප්ලෝඩ් කරපු ෆෝටෝ  එකක් දෙස බලමිනි . ඇගේ මුහුනේ ඉරියව් ටිකෙන් ටික වෙනස් වනවා මට පෙනුනි . ඇස් දෙකම කුඩා කොට බලන්නේ එහි ඇති කමෙන්ට් දෙසය .

" උබ මේක තමා කරන්නේ .... හැම තිස්සෙම මේක අතේ තියං කෙල්ලෝ බල බල හිටපං .. " අම්මා මා දෙසට  හැරුනාය

" නෑ අම්මා .. ඕක වෙන කාගෙද මගුලක් .. මට යන්න පිස්සු යෑ .... " එම වදන් ටික තරමක් තදින් කීවේ මම තදින් කියන දේවල් අම්මා පිලිගන්නා නිසාය .

" මොකාද මේ ජිමියා කියන්නේ .... පොත් පිටිපස්සෙයි බිත්තියෙයි හැම තැනම කුරුටු ගාලා තියෙන්නේ " ??

" මං දන් නෑ .. කවෘහරි යාලුවෙක් අදින්න ඇති  පොතේ ....."   මා මේ තෙපලන මුසා බස් වලට කුමන අපායක දොරක් විවුර්ත වේදැයි මා නොදනී :( ..     කෙසේ හෝ 8:30 වෙද්දී කාලා බීලා නිමකල මා අතිශය දුශ්කර ගැටලුවකට මුහුන පා සිටියෙමි .. ඒ ඇදන් යන කමිසය පිලිබදවයි . අවසන් වරට ඇදන් ගියේ තද නිල් කමිසයද .. කහ කමිසයද යන්න මට ප්‍රශ්නයක්ව තිබිනි .. විනාඩි 5ක් පමන වැය කොට අල්මාරියටම ඇති කමිස දෙකෙන් කහ කමිසය තෝරාගත්තේ දහය විස්ස ගැසීමෙනි . ඩෙනිමක් ගැන මා එවැනි ප්‍රශ්නයකට මුහුන දෙන්නේ නැත . මන්ද යත් .. දුරට , ලගට ටව්මට , ඕන තැනකට ඇදීමට ඇත්තේ එක ඩෙනිමක් පමනක් වන නිසාය .

_________________________________________________________________________________

ටවුමට පැමිනෙන මා සැමවිටම බසයේ පිටුපස අසනයේ ගමන් කරන්නෙකි . එය තුල ජීවීතේටම කපල් දමා නොගිය මා තනිවම දහස් වාරයක් ගමන් කරමින් බස් රත තුල පෙම් කෙලින කුරුල්ලන් ඉදිරිපස ආසන වලට යවා ඇත . එය මාගේ කුප්ප කමයි .

" පීටිපස්සෙන් මාරු සල්ලී ගන්න ..... " ඒ කොන්දොස්තරයායි .. මම ඔහුගේ හඩ නෑසුනා සේ සිටින්නේ ඔහුට මා අමතක වී ඉස්සරහට යයි සිතාගෙනය . මොකද රු 16/= ක් කියන්නේ මං වගේ එකෙක්ට බර ගානක් වන නිසාය .

" ඔය මල්ලී කොහාටද .. ? " කොන්දා විමසුවේ මගේ අතට තට්ටුවක්ද දමමිනි .

මමත් බොරුවට  කලබලෙන් මෙන් පවිත්‍ර වූ රු 16/= ක් ඔහුට පුද කෙලෙමි . ගමනාන්තයට ආවෙමි . මම උත්සාහ කලේ උපරිම ඩීසන් විදියට ඇඩ් එකක් දාගෙන ක්ලාස් එකට යන්නම් කියල හිතාගෙනය .ඩීසන් කම අඩි 5ක් යන්තුරු පමනි, මගේ ගොන් හැලපයෝ ටික පංතිය ඉස්සරහ මාර ගස යට සිට මා දෙස බලමින් මොනවා හෝ දොඩවනවා මට හැගිනි , ඔවුන් මගේ මුහුන දෙසත් සෙරෙප්පු දෙක දෙසත් මාරුවෙන් මාරුවට බලමින් සිටියි , මා උඩ ගියේ එවිටයි . මට පරන සෙරෙප්පු දෙකක් උනත් ඒ නසරානියන්ට මා දාගෙන යන සෙරෙප්පු අලුත් වන නිසාය .

" අම්මට හු ... ඩී ..... කීයඩ බං .. කොහෙන්ද බං "  ???

" අක්කගෙද බං පට්ට ඈ .... "

" ඕකේ කලු එක පට්ට බං අපරාදේ "

ඔවුන්ගේ කරච්චලය අස්සේ මං දුටුවේ ඇගේ හංස රුවයි .. නිල් පැහැති ටී ශර්ට් එකක් සහ උන බම්බු ඩෙනිමට මට එයාව පෙනුනේ IPL එකට නටන සහෝදරියක්  විලසිනි .



---------------------------------------------මතු සම්බන්දයි ------------------------------------------------




( මීලග එපොසිඩ් එක එලබෙන 31 වන දින පෙන්නනවා , එක්කෙනෙක් හරි ආසාවෙන් කියෙව්වනම් මම හදවතින් ස්තූති වෙනව . ලංකාවෙ පලවෙනි පාරට තමයි මෙහෙම බ්ලොග් එකක කතාවක් යන්නේ . මට පුලුවං උපරිම ලෙස මං කතාව ලියන්නම් , තෑන්ක්ස් - #ජිමියා - )


------------------------------------------------------------------------------------------------------------දෙවනි කොටසේදී ජිමියා ආදරේ ප්‍රකාශ කරයිද නැද්ද ? යාලුවෝ මොනවා කරයිද ? බලාපොරොත්තු වන්න
------------------------------------------------------------------------------------------------------------

Friday, April 25, 2014

#ජිමියා රාජ් කුමාර් හැදින්වීම

ඔන්න යාලුවනේ මම අද ඉදන් අලුත්වැඩක් කරනවා . ඔයාලගේ සහාය ගොඩක් අවශ්‍යයි . ඉන්දියාවේ තිරගත උනු රෝමියෝ රාජ් කුමාර් තේමා පාඨය ගත්තත් මේක වෙනස්ම කථාවක්.  ගොඩක් දුරට උත්සාහ ගන්නේ හාස්‍ය ගෙන එන්න. බලමු මාත් කථාවක් ලියන කුලුදුල් වතාව . වැරදි තිබුනාවේ . වැරදී හෝ  හරියන්න ඕනා . මාව දැනුවත් , නොදැනුවත් සැමටම එකට සිට නැරබිය හැකි ටෙලි වුර්තාන්තයක් ( :3 )  .. කෙටියෙං කීවොත් මේ කථාවේ චරිත කීපයක් මෙසේ හැක්විය හැකියි


  1) ජිමියා :- රත්නායක මුදියන්සේලාගේ චතුරංග අවිනාශ්

  2) උදේශිකා :- බිසෝතැන්නේ කුමාරිහාමිලාගේ සොනක්ශි සිංග්

  3) ධනුක :- රාජපක්ශ ගෙදර නාමල් රාජපක්ශ ( පොඩි බේබි )

  4) කලු සුජී ( උදේශිකාගේ අයියා ) :- වැලිකඩ සුජිත් ආරියසිංහ

   5) නිලන්ති (ජිමියාගේ මව) :- ඉන්දියානු නිලි ප්‍රියංකා චොප්‍රා




ප්‍රධාන චරිත වලට අමතරව සුලු චරිත එදිනෙදාට යොදා ගනියි . මෙහි ප්‍රදාන කොටස් 5ක් පලමු වුර්තාන්තයට යොදා ඇත , බ්ලොග් අඩවියකට මෙය ගේන්න හේතුව එක කොටසක් වත් මග නොහැර බලන්න පුලුවං නිසා . පලමු කොටස එලබෙන අප්‍රේල් 28 වන දින රාත්‍රී 8:00 විකාශය කෙරේ . කොටස් 5ක් ලෙස දිග හැරෙන කෙටි කතාව ඔයාල පිලිගයි කියල මං  හිතනව.. එහෙනං අදට ගියා . ආය 28 වෙනිදා අපි එන්නම් පලමු කොටස ඇරගෙන . 





ස්තූතියි
#Jimmy