Chat with Jimmy Raaj Kumaar online

Friday, October 30, 2015

::: ජිමියා රාජ් කුමාර් සිව්වැනි දිගු හැරුම :::: ( SEASON 3 )


PREVIOSLY ON JIMMY RAAJ KUMAAR :- මේ .. මාරයිනෙ .. මම ඉස්කෝලෙ කාලෙ මතක් වෙන හීනයක් දැක්කනෙ මෙයා "
-------------------------------------------------------------------------------------------------------------

PREVIOSLY ON JIMMY RAAJ KUMAAR :-
තමුසෙ නිවාස නායකය නේ එකක ?මින් ඉදිරියේදි  තමුසෙගෙ එක ෆෝල්ට් එකකට තමුන්ගෙ හවුස් එකෙන්ම ලකුනු කැපෙනව .... හරිදචතුරංග ? මට තමුන්ගෙ නිවාසෙ පුලුවන්නම් දිනවලා පෙන්නනව ! තමුසෙට ඒක කරන්න බෑ ! "
-------------------------------------------------------------------------------------------------------------

PREVIOSLY ON JIMMY RAAJ KUMAAR :- 
" නෑ ... සර් මට යන්න පුලුවන් ...!" කියා කිහිප වරක්ම ඔවුන් ප්‍රතික්ශේප කරමින් පාසල වෙතට දිව යන්නට වුනෙමි .. සිතූ දෙය සියයට සියයක් නිවැරදිය . මැරතන් ඉසව්වෙන් මා අන්තිම ක්‍රීඩකයා ලෙස පිට්ටනිය මැද  අවසාන කරද්දීම " දඩස් !!!" ගා ඇන්තූරියම් පැල පෝච්චියක් මතට වැටී කානුව අසලට ක්ලාන්ත දම වැටී මා එහි අතර සිරවන්නට විය. 

----------------------------------------------------------------------------------------------------------------------------


සුදු පැහැති ආලෝක කදම්බයක් පතිත වීමෙන්  නින්දට බ්ලොක් වී තුබූ  දැසම එක් වැර විවර වූවෙ අන්ඩර් ටේකර් ගුටි කා වැටී සිට එක් වැරම නැගිටින්නක් මෙනි . මමද එසේ නැගිට බලද්දි සිටියේ සුදු පැහැති ඇද ඇතිරිල්ලක් සහිත කුඩා ඇදක් මතය . මෙය මගේ ඇද නොවේ .. ඒවිටම මාගෙ සගයන් තිදෙනාද එතනට පැමිනෙන්නට වූහ .

" උබ මැරුනෙ නෑ එහනම් ? ... " විවර වූවෙ බාතියගෙ අසික්කිත කටයි .

" හොස්පිටල් ? " මා මටම කියාගද්දී සිහිවූයෙ අවසන් වරට මැරතන් දාවනයෙන් පසු කානුවක් තුල වැටී හිරවූ දර්ශනයයි . එයින් මා තුලම ස්වයං ලැජ්ජාවක් ඇතිවිය .

" කොල්ලො ටිකට කියල නයිට් එකට බෝතල් වලට පොඩියට කලෙක්ශන් පාරකුත් දාන්න හිටියෙ ...." 

" කලන්තයක් දැම්ම කියල මම මැරන්නෙ නෑ ඩෝ ! "  දිල්ශානයා හට පිලිතුරු දීමත් සමගම අමිලයා ..

" උබ මැරෙන්නෑ අරය උබට කෘතිම ස්වසන පාර දුන් නැත්තම් " නැවතත් අන්ඩර් ටේකර් මෙන් මාගෙ දෑස් දෙකම වී අමිලයාගෙ කතාව දිගටම යයි යැයි සිතා ඔහු දෙසම එක එල්ලේ බලා සිටින්නට වුනෙමි .






 " ආතල් ඇතිනේ මුට .." බාතිය නැවත වරක් හඩ විවර කෙරීය .

" අමිල .. ! .. කවුද මචන් අරය ..." මාගෙ තොල් දෙකම අතගාමින් දැඩි ආදරයකින් ඔහුට මා ආමත්‍රනය කරන්නට වුනෙමි .

" චතුරිකා බන් ..."
" ශිරියානි මැඩම් "
අමිල සහ දිල්ශානය පිලිවෙලින් ප්‍රකාශ කරන්නට විය ..

" .. උන් දෙන්නම ? කවුද බන් චතුරික ? "  දුකක් සහ සතුටක්ද පිලිබිබු කෙරෙන හඩක් පිටවූවෙ දිල්ශානයාගෙ සිනාවක් පිට නොකර බොරුවක් කිසිදිනෙක කීමට නොහැකි මුහුන දෙස බලමින් ඉබේවටමය .

" හයිස්කූල් මැඩම් ඕයි ..."  ඇද ඇතිරිල්ල පොඩි කරමින් මා හට හැගීම පිට කලේ වෙනදා අමිලයාගෙ පස්ස මිරිකමින් මා පිට කරන හැගීමයි .. සිහිනයෙන් දකින දේ ඇත්තක් උනාද .. ඇද මත හිදි මා කකුල් දෙකම බිමට දා හිදගන්නට හැදුවත් ඔලුව ගැලවෙන තරම් දැඩි අපහසුවක් තදින්ම දැනෙන්නට වියමා කිසිවක් ගනනකට නොගත්තාක් මෙන් නැවත හාන්සි වී සිටියත් සගයන් තිදෙනා මා හට එල්ල කරන වාග් ප්‍රහාර වලින් නම් අඩුපාඩුවක් නොවීය . නමුත් අතට ගසා තිබූ සේලයින් බෝතලයෙන් වැටෙන කුඩා සේලයින් බිංදු  දෙස බලමින් මා සිටියේ වෙනමම ලෝකයකය . කෙමෙන් කෙමෙන් හවස් වන විට ඔවුන් තිදෙනා පිටව ගිය පසුව ඇද ලගට මතුවූවේ මාගෙ මෑණ්iයන්‍ය .

" දැන් කොහමද පුතා !"

" හැටි අමාරුවක් නෑ අම්ම ! ටිකට් කැපුවද ?"

" ඔවු ඔවු .. වීල් එක ටිකකින් එනව කිව්ව . උදේට හිස් බඩින් දුවපු නිසා කලන්තයක් දාල කියන්නෙමාගේ වේදනාකාරි ඔලුවට සැලුන් එකේ අයියාගෙ මසාජ් එකට නොපරදින ලෙස සම්බාහනයකට සමාන අයුරින් හිස අතගාමින් පැවසීය .

" හිස් බඩ ! ? බිස්කට් දෙකකුයි එලකිරි කෝප්පයි .."

" දුවන්ඩ හදිස්සිය නිසා බත් කටක් කාල ගියෙ නෑ .. දැන් පේන්වනෙ එලකිරිය .. ! " මාගෙ වචනයද ඉවර කිරීමට පෙර ඇයට සුපුරුදු පරිදි බැනුම් ගීතය දියත් කල නිසා මාගෙ කට වසා සිටීමට මට වියඩයස් අයියාගෙ වීල් එකේ යනතුරුත් ගෙදර ගොස් නින්දට යනතුරුද ඇය නන්ස්ටොප්‍ය . ඇයගේ එකම පුත්‍ර රත්නය නිසා ඇය මා හට නිතරම බැන මාගෙ වැරදි හැදීමට ඇය පසුබට වන්නේ නැත , එය සිතාගනිමින්ම මා නින්දට ගිය මා පසු දිනම ඇගේ පෙරැත්තුව නොතකා පාසලට පිටව ගියේ අප්‍රමාන ආතල් එකකිනි . නමුත් පාසැලේ උන්ගේ නෝන්ජල් සිනහව ආවෙ කානුවක හිර වුන එකටද , නිවාස නායකය වශයෙන් මැරතන් තරගයෙහි අවසන්ම ක්‍රීඩකයා වූ නිසාද ? එය නොතකමින්ම සුපුරුදු පරිදි මාගෙ නිවාස සගය වූ අමිලයා සමගින් ඉතිරිව ඇති ඉවෙන්ට් වලට සහබාගි වීමෙ අරමුනින් සොයා ගියේ ශ්‍රියානි මැඩම්වය. නමුත් සිත සොයන්නේම චතුරිකා ( හයිස්කූල් ) මැඩම් වය .

" ගුඩ් මෝනිම් මැඩම් . මොකෝ තත්වෙ "

" .. හියර්ස් බෝයි .. කොහමද පුතා ... අයියෝ අපි කියපු වෙලාවෙ වෑන් එකට නගින්නනෙ තිබ්බෙ ..  මේකා දුවපු විදිය දැක්කනම් ...! " විනෝදයට බර ශ්‍රියානි මැඩම් සිනහවක් දමමින්ම එය කීවේ අමිලයාටය ..

" ඔව්ව ඔහම තමයි මැඩම් .. එලකිරි කෝප්පෙන් රන් කලේ ඔය ටික හරි .. කෝ අනිත් මිස් නැද්ද අද ? "

" හවුස් එකේ වැඩ වගේකට මේ දැන් ඔෆිස් එකට ගියා පුතා , ඩොක්ටර්ස්ල කිව්වෙත් තමුන් කාල ආපු නැති නිසා කියල .තමුසෙ අද කාලද ආවෙ ? "

" නෑනෙ මැඩම් !" ඇයට පෙරලා බොරු පිලිතුරක් දුන්නේ ඇයගේ ඊලග පිලිතුර මා හොදාකාරවම දන්නා නිසාය .

" මේකෙන් හවුස් එකේ බැජ් ටික ගහන්න ටවුන් එකේ කඩේට සල්ලි දීල ඉතුරු එකෙන්  කැන්ටිමෙන් මොනව හරි කාල එනව ගිහින්ඇයට පින් දෙමින්ම මාත් අමිලයාත් රොකට් මෙන් පාසැල් ආපනශාලාවට ගොස් හොද හැටි බඩ කට පුරවා ගෙන එනවිට දුටුවේ සුරගනක් සේ ලා නිල් පැහැති සාරියට දිදුලන චතුරිකා මැඩම්වය .

" ගුඩ් මෝනින්ග් " කට පුරා සිනාසෙමින් ඇය මා ප්‍රකශ කරන්නට කලින්ම හඩ නගන්නට වූවාය .

" ගුඩ් මෝනින් මැඩම් .. ..." වචනද ගොත ගැසුනේ ඊලගට කුමක් කියන්නද කියා සිතන විටය .

" දැන් කොහමද ? "

" දැන්නම් හැටි අමාරුවක් නෑ .. "

" අද කාලද ආවෙ ? " ඇගේ සිනහවනම් අඩුපාඩුවක් නොවන්නට කට පුරා තිබේ ඇගේ කිරිසුදුවන් දත් පෙල දිලිසෙමින් තිබෙද්දී ඇගේ දෑසද එයට නොපරදින ලෙස දිදුලන්නට විය .

" නෑනෙ මැඩම් මූ අදත් කාල නෑ " අමිලයා මැදින් පනින්නට විය .

" දැන් ඩබලම කැන්ටින් එකේ ඉදන් නේද ආවෙ ? " ඇගේ සිනහව සපිරි මුවින් පිටවූවේ මාගෙ අතින් අමිලයාගෙ ගෙල සිර කරන්නට පුලුවන් වදන්‍ය .

" මු පොඩ්ඩක් විහිලු කරනව මැඩම් ගනන් ගන්න එපා .. තැන්ක් යූ මැඩම් !" සාක්කුවට දමා සිටි අත ඇය දෙසට දිගු කරමින් මා පවසන්නට වුනෙමි

" යූ ආර් වෙල්කම් පුතා .. මොනවටද තෑන්ක්ස් කලේ ? ඇයද තම සිනිදු දකුනත දෙමින් ප්‍රකාශ කලාය ." " පුතා " යන වදනින් මා හට ආමන්ත්‍රනය කල එක ගැන මාගෙ සිතේ හැටි කැමැත්තක් නොවිනි .

" හැමදේකටම මැඩම් .. මම අසනීප උන වෙලාවෙ ඉදන් කරපු හැම දේකටම .. .. " ඇයට දැනෙන ලෙස මා මනමාල හඩකින් ගොත ගසමින්ම ප්‍රකාශ කරන්නට වුනෙමි .

" අහ් .. ග්ලෑඩ් ටු හියර් දැට් .. මට හවුස් එකේ පොඩි වැඩ වගයක් තියනව ග්‍රවුන්ඩ් එකට එන්නකො ඔයාලත් වැඩ ඉවර වෙලා එහනම් .." අප දෙදෙනට සමු දෙමින් මාහට බලාපොරොත්තු කිහිපයක්ම දෙමින් හැරී ගිය පසු ...

" මැඩම් ! මැඩම් ! " මා වොලියුම් එක ඇයට ඇසෙන ගානට හඩ නැගුවෙමි .

" චතුරංග මැඩම් ! ^_^ "  ඇය හැරුනු පසුව මාගෙ නම ඇයට දැනගනු පිනිස කීවෙමි .

" දන්නව දන්නව !" සුපුරුදු ලෙන්ගතු සිනාවෙන්ම පිලිතුරු දුන් පසු කුකුලෙකු හඩලන්නා සේ හඩ නැගුවෙ අමිලයාය .

" ආවු හු*** ...." මා මිරිකමින් සිටි ඔහුගේ පස්සෙ ඇති මාගෙ දකුනතට පහරදෙමින්‍ය .  


------------------------------------ මතුවට සම්බන්දයි --------------------------------------------------------



Tuesday, October 27, 2015

::: ජිමියා රාජ් කුමාර් තෙවැනි දිගු හැරුම :::: ( SEASON 3 )

PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :- 
" මේ .. මාරයිනෙ .. මම ඉස්කෝලෙ කාලෙ මතක් වෙන හීනයක් දැක්කනෙ මෙයා "

" ඔව් .. හීනෙන් පස්සෙන් ගිය කෙල්ලෙක්වවත් දකින්න ඇති පැනිය වගේ " උදේශිකා කින්ඩියටමෙන් පවසන්නට වි ."
-------------------------------------------------------------------------------------------------------------------------

PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :- තමුසෙ නිවාස නායකය නේ එකක ?මින් ඉදිරියේදි  තමුසෙගෙ එක ෆෝල්ට් එකකට තමුන්ගෙ හවුස් එකෙන්ම ලකුනු කැපෙනව .... හරිදචතුරංග ? මට තමුන්ගෙ නිවාසෙ පුලුවන්නම් දිනවලා පෙන්නනව ! තමුසෙට ඒක කරන්න බෑ ! "

-------------------------------------------------------------------------------------------------------------------------------------

PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :- 

බාස්කට් බෝල් සිලෙක්ට් කරන්නෙ ඊයෙ ආපු අලුත් මැඩම් ... හයිස්කූල් ( නුවර ඇති බාලිකාපාසලකි ) වල ඉදන් ආවෙ .. පින්සිපල් සර් අපේ හවුස් එකට දාල  ...   !! අර ඉන්නේ !! " අපදෙදෙනාගෙ බෙලි දෙක  දිශාවට හැරෙන ශබ්දයද පිටවන්නට ඇත .  සුලග කපාගෙන යනවේගයකින්  දෙස අප බැලු නිසාවෙනි .


-----------------------------------------------------------------------------------------------------------------------------------

  පාසැල් මැරතන් දාවනය සදහා සහබාගි වන නිවාස සාමජිකයින් කරුනාකර පාසැල් ක්‍රීඩාංගනයට සහබාගී වන්න !!!! නැවත වතාවක් දැනුම් දීමයි .....!!!!!! මැරතන් .........................." ඉස්පීකරය තුලින් නාකි ගුරුවරයෙකු බෙරිහන් දෙන්නට විය . මේ වන විටත් මැරතන් තරගයට සහබාගී වීමට මා සිටියේ රනින් ශෝට හැදීමට ගැලවූ ලන්කැට්ටුව දස අත සොයමිනි .

" අඩෝ මගෙ ලන්කට් එක දීපල්ල විහිලු කරන වෙලාවක් නෙමෙයි මේක !! "

" ඉස්සෙල්ල බලපන් උදේම උබ ජොකෙක් දාගෙනද ආවෙ කියල .. අපි ඇල්ලුවේවත් නෑ ඩෝ !!!" කිසිදිනක සිනා නොවී පොයියක් කියාගැනීමට නොහැකි දිල්ශානයා අදද කට කොනකින් සිනාසෙමින් මා වෙත පවසන්නට විය .

" ඔය රනින් ශෝට ගහගෙන පලයන් බන් අමුවෙන් .. හුලන් වැදි වැදී යන එකයි තියෙන්නෙ " අමිලයාද වටපිට බලමින් දිල්ශාන් හට සහය වන්නට විය .

" අමුවෙන් යද්දි මගෙ දෙකයි අරකයි ඔක්කම එලියෙ යකෝ ...! ඉක්මනට දීපල්ල අරෙහෙ සීසර් ( ඉස්පීකරයෙන් කෑ ගැසූ ගුරුවරයා ) කෑ ගහනව බන් .... සෙල්ලම් නෙමෙයි !!!"

" උබට මතකනෙ ශෝට් කට් එක නේ ??? තුන් වෙනි චෙක් පොයින්ට් එක පන්නපු ගමන් වෙලෙන් දාල ලිද ගාව කන්දෙන් නැගල තේ වත්තෙන් පල්ලට දාපන් ..." බාතිය තම දකුනතින් මාගෙ ලන්කැට්ටුව උරහිසට වැටෙන සේ විසි කරමින් පවසන්නට විය .






" හරි හරි බන් .. පුරුදු නැති පාරවල්ද ඔව්ව .. අරකිගෙ ගෙට යන පාරත් ඕකනෙ .... ! " පවසමින් මා කඩිනමින් සිසු සිසුවියෝ රෑනක් මැද්දෙන් මැරතන් ඉසව්වට දිව යන්නට විය . මේ මාගෙ ප්‍රතම මැරතන් තරගයයි . මීට පෙර අපේ සෙට් එකෙන් බාතිය පමනක් පාසැල් මැරතන් ඉසව්වට සහබාගිව තිබෙ .. ඔහු එයින් දෙවැනියා වුවත් ඔහු ගංජ ගසා දිව්වායැයි චෝදනා ලබා ඔහුගේ ස්තානය ඔහුට අහිමි විය . මෙවර ක්‍රීඩා නායකයා වශයෙන් යම් කිසි දෙයක් කර පෙන්වීමට  දැඩි අවශ්‍යතාවක් හිසෙහි තිබූ නිසාම ක්‍රිඩා උලෙලේ ආරම්බක ඉසව්වටම සහබාගි වන්නට වුනෙමි . ඉන්පසු දුටු දර්ශනයෙන් මා උමතු විය . අපේ නිවාසයෙන් මැරතන් එකට දුවන අයවලුන් හට අලුත් හයිස්කූල් අක්ක මැඩම් විසින් නිවාස අංක ගසන දර්ශනයයි ... මමද අතැති වූ හැට්ට කටුවද රැගෙන අක්ක මැඩම් ඉදිරියේ ගොස් හිටගෙන ඉන්නට වුනෙමි .

" මේ ඉන්නෙ මම හොයපු එකා ...!! පුතා ඔන්න හැමෝටම වැඩ පෙන්නන්න වෙලාව ඇවිත් !!! " මාගෙ අරමුනට බාදා කරමින් නාකි ශියානි ගුරුවරිය මැද්දට පනින්නට වූවාය . කතා කල ශබ්දයට අක්ක මැඩම් තුමියද අපදෙස බලා හිනාවක් දමා නැවත අහක බලාගන්නට වූවාය .

" බය වෙන්න එපා මැඩම් .. මෙව්ව පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයි .. ගෙදරට යන කන්ද විනාඩි පහෙන් රයිඩ් කරන මට පොඩි උන් සැට් එකක් එක්ක දුවල දිනන එක ගේමක් නෙමෙයි ....!" මා හෙන ගැම්මෙන් පවසද්දි ශියානි මැඩම්ම මාගෙ අංකය ඉස්කිනියට තබා හැට්ට කටුව ගැසුවාය . ඇයද සුබ පැතූ පසුව ඉසව්වට යන සැවොම එක පෙලට සිට දිවීමට සැරසෙන්නට විය . පාසැල් ලමුන් එක එකා නිවාසයේ නම් කියමින් අපව දිරිමත් කරන්නට විය .. අතරින් පතර මාගේ නමද ඇසුනත් මා සිටි සිටුවේශන් එකට වට පිට නොබලා දිවීමට ඇති පාර සහ කිරීමට ඇති හොර ක්‍රියාවද සිහියට නගන්නට වුනෙමි . "ටෝක් !" ගුරුවරයෙකු විසින් ලෑලි දෙකක් එකට කරමින් විශාල ශබ්දයක් නැගූ පසු මැරතන් දුවන සියලු දෙනාම පොරකමින් දුවනට විය . මා සිතා සිටියේ මැරතන් යනු ඉතා සෙමෙන් යන ඉසව්වක් බවයි .. නමුත් ඉදිරිය බලද්දී ඉන් පෙලක්ම ඉලග වංගුවේ හති දමමින් දුවනු යාන්තමින් පෙනෙන්නට විය . මමද තරමක් වේගය වැඩි කර දුවනට හැදුවත් කටින් අපි බොන සිගරට් ෆිල්ටර් හැලෙන්නට වූ නිසා තරමක් සෙමෙන් දුවා පසුව වේගයෙන් යාමට තීරනයක් ගත්තෙමි .

" මොන හු**කට මේකට ආවද මන්ද !" මා හට මෙය කිහිප වරක්ම සිතුනේ කදු පාරවල් දකින විටය . මා චෙක් පොයින්ට් දෙකක්ම පසු කෙරුවත් මා ඉදිරියෙන් විසි පහක් පමන යන බව මට දැනිනි . සමහර නිවෙස් වල උදවියගෙන් ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නාක් මෙන් වතුර බාල්දි පාරවල් කිහිපයකුත් ගැසුවේ මා විසින් ඔවුන්ගේ දෙමාපියන්ට පින් අනුමෝදන් කරන අතරේමය  . මාගේ මෙහෙයුමට ඇත්තේ තව කුඩා දුරකි .. තුන්වැනි චෙක් පොයින්ට් එකේ ගුරුවරුන්ගේ සිනා හඩ මැද ඔවුන්ව පසු කොට ගොස් බාතිය කියූ මඩ හිදුනු වෙලට දමා උපරිම වේගයෙන් ලිද අසලටද දිව ගියෙමි . ඉන් පසුව මා දුටුව දර්ශනය නිසාම සැනෙකින් සාක්කුවේ දමාගෙන දුරකතනය ගෙන බාතියට ඇමතුමක් ගන්නට වුනෙමි .

" අඩෝ .. මේ කන්දෙ කම්බි වැටක් ගහලනෙ ඕයි ! " හති අරිමින් බාතිය හට ඇමතූ පසු ඔහුද අනෙක් අන්තයේ සිට පුදුම විය . මින් පෙර අවස්තාවලදී මෙතන කම්බි ගසා තිබුනේ නැත , ඉඩම් ආරවුලක් නිසා හෝ ඊයේ පෙරේදා දිනක මාගෙ කරුමයකටම වැට ගසා ඇත . සිත සිත සිටීමට කාලයක් නොමැති නිස කම්බි වැට අස්සෙන් අතද සූරාගෙන කන්දට ගොඩ වුනෙමි ... කන්දද ග්‍රීස් ගහක ස්වරූපයක් ගත්තායැයි දැනුනේ එහි ගොඩ වන විටය . ඊයේ රාත්‍රියේ වූ දැඩි වර්ශාපතනය නිසා අඩිය තබන තබන තැන බිම තිබෙන දූරියන් කොල වල ලිස්සා නැවත අඩි දෙකක් පහතට රූටයි .  . වත්තේ තිබූ පොලු දෙකක් රැගෙන සපත්තු දෙක කරේ තබාගෙන හිම කන්දක් නැග්ගා මෙන් කන්දට ගොඩවී තේ වත්තෙන් පාතට බැස මා නැවතත් මැරතන් රෝඩ් එකට දමා කිසිවක් නොවූ පරිද්දෙන් දුවන අතරතුර මාගෙ පිටුපසින් සුදු පැහැති වෑන් රියක් එක දිගට හෝන් කරන්නට විය .. මම අයිනට වී එයට ඉඩ දීමට යන අතරතුර

" චතුරංගය .. නැගපන් නැගපන් වෑන් එකට අනිත් ඔක්කමල ගිහින් ඉවරයි !"  සුදු පැහැති වෑන් රිය තුලින් හිස එලියට දමා සිනාසෙමින් හඩ නැගුවේ පාසැල් විනය බාර චන්දේ සර්‍ය . තව පාසැල් ගුරුවරියන් කිහිප දෙනෙකුම මාගෙ නම කියමින් සිනාසෙන්නට විය . නිසැකයෙන්ම ශෝට් කට් එකේ දමන අතරතුර සියලුම ක්‍රීඩකයන් මා පසු කොට  දුවා ඇත . මක් නිසාද යත් එම කන්ද නැගීමට මා හට විනාඩි විස්සක් පමන ගිය නිසාවෙනි .

" අව්ලක් නෑ සර් ... මම යන්නම් ..... " යැයි කියා විනාඩි පහක් පමන දුවන්නට වුවත් වෑන් රිය තවමත් මාගෙ පස්සෙන් එන්නට විය .

" කෝ කෝ .. චතුරංග .. නැගපන් නැගපන් .... උබට අමාරුයි වගේ ..." චන්දේ සර් නැවත හඩනගද්දී එය ගනනකට නොගෙන තරමක් වේගය වැඩි කොට දහඩිය ගලන ඉස්කිනියෙන් මුහුන පිසිමින් ඉදිරියටම දුවන්නට වුනෙමි ...

" යකෝ ... දැන්වත් නැගපිය වෑන් එකට !!!!! "  තවත් විනාඩි පහලවකින් පමන ඔහු සිනාසෙමින් කෝචෝක් එකට මෙන් කෑ ගැසුවේය .

" අනේ සාර් .. මට යන්න දෙන්න !!! "
මා පිටුපසවත් නොබලා හැකි තරම් වෙර යොදා කෑ ගැසුවෙමි . නමුත් වෑන් රියෙහි වේගය තරමක් වැඩි කොට මාගේ අසලටම පැමිනියේය . දැන් මාගෙ පාද දෙකේ ශක්තියද හීන වෙමින් ක්ලාන්ත දමා වැටෙන සයිස් එකටම ඇවිත්‍ය  .

" චතුරංග .... !!! උබ නගිනවද නැද්දා ????? "

නැවත වරක් වෑන් රියෙහි තුලින් චන්දෙ සර්ගේ ගොරෝසු හඩ ක්‍රියාත්මක වූවත් ......

" නෑ ... සර් මට යන්න පුලුවන් ...!" කියා කිහිප වරක්ම ඔවුන් ප්‍රතික්ශේප කරමින් පාසල වෙතට දිව යන්නට වුනෙමි .. සිතූ දෙය සියයට සියයක් නිවැරදිය . මැරතන් ඉසව්වෙන් මා අන්තිම ක්‍රීඩකයා ලෙස පිට්ටනිය මැද  අවසාන කරද්දීම " දඩස් !!!" ගා ඇන්තූරියම් පැල පෝච්චියක් මතට වැටී කානුව අසලට ක්ලාන්ත දම වැටී මා එහි අතර සිරවන්නට විය.





---------------------------------- මතුවට සම්බන්දයි ---------------------------------------------------