Chat with Jimmy Raaj Kumaar online

Saturday, October 24, 2015

::: ජිමියා රාජ් කුමාර් දෙවැනි දිගු හැරුම :::: ( SEASON 3 )


PREVIOSLY ON JIMMY RAAJ KUMAAR :- 
මේ .. මාරයිනෙ .. මම ඉස්කෝලෙ කාලෙ මතක් වෙන හීනයක් දැක්කනෙ මෙයා "
-------------------------------------------------------------------------------------------------------------------------
PREVIOSLY ON JIMMY RAAJ KUMAAR :-  වදනින් නම් කිසියම් චාටර් ස්වාබාවයක්සිතට දැනුනත් මාගෙ දීර්ඝ කතාව කියන්නට සිත තුල තිබුනෙ දැඩි ආශාවක් සහ හදිසියකි ...... එමනිසාම ඇගේ අතෙහි වූ නිල් වතුර ජෝගුවද රහසේම ඇයට නොදැනී මගේ ග්‍රහනයට ගෙනඉකමනින්ම ඇගෙ කැමැත්ත අකමැත්ත නොවිමසාම මාගේ සුන්දර විනෝදකාමී අතීත ආවර්ජනයදිග හරිනට පටන් ගතිමි ."
----------------------------------------------------------------------------------------------------------------------------------

PREVIOSLY ON JIMMY RAAJ KUMAAR :- " හිටපල්ලකො රැස්වීම ඉවරවෙනකම් .. 9 වෙද්දි කට්ටියම ග්‍රවුන්ඩ් එකට මිසින්ග් වෙනව ඉස්පෝර්ට්මීට් එකේ ඉවෙන්ට් වලට .... උබල දෙන්න යනව ටොයිලට් එක පැත්තෙන් පන්තියට .. ගිහින් පංතියේ මැඩම්ට පොයියක් ගහනව උබලගෙ එකෙක්ට බොකක් චාජ් උනා .. අනික හෙල්ප් එකට ගියා කියල ..."

----------------------------------------------------------------------------------------------------------------------------------

PREVIOSLY ON JIMMY RAAJ KUMAAR :- බාතිය සහ දිල්ශාන් අපගේ පංති කාමරය තුලට යද්දී අමිල සමගින් මාතොරතුරු තාක්ශන පංතිය පිටුපස බැම්මෙන් පැනීමට යනවත් සමගම ............ අඩෝ .. ඒයි මෙහෙ වරෙව් ......!!!!!!!!!"  හැරී බැලීමට අවශ්‍ය තාවයක් නොමැත ...  හඩ පාසැල්විනය පාලක තුමාගෙනි . 
----------------------------------------------------------------------------------------------------------------------------------


පාසැලේ විදුඅහ්ල්පති කාර්‍යාලය තුලින් ආවේ බොරැල්ල කනත්තේ ස්වරූපයකි ... වෙනදා කාර්‍යාලයේ සිටින ලස්සන මිස් කෙනෙක් වත් නැත . ඉදිරිපස එකොලහ ශ්‍රේනියේ කෙල්ලන් පිරිසද නැත . ඔවුන් සියල්ල ස්පෝර්ට් මීට් එකෙහි ඉවෙන්ට් වලට සහබාගි වන්නට පිට්ටනියට ගොසිනි . පිට්ටනිය දෙසින් කාර්‍යාලය දෙසට ලමුන්ගේ කෑ ගැසීම ඇසී මාත් අමිලයත් සිටියේ විදුහල්පතිටත් , විනය පාලක ගුරුවරයාටත් , ඔවුන්ගේ දෙමාපියන් දෙපලටත් හූල්ලමින්‍ය .

" ම්ම්ම් .. කෝ චන්දේ අනික් ඩබල ???? " විදුහල්පතිතුමා විදුලි වේගයෙන් අප දෙදෙනා අතරට විනය පාලක ගුරුවරයාද කැටුව ආවේ නිහඩතාවය බිද දමමිනි .

" එකෙක්ට බඩේ අමාරුවක් කියල ඇඩුව සර් .. මම බොරුවක් කියල හිතුවෙ .. පංතියේ මැඩමුත් කිව්ව ලමයට බඩේ අමාරුව නිතරම එනවයි කියල .. අනිත් එකා උට වතුර අදින්න ගිහිල්ල "

" එතකොට මුන් ඩබලට බඩ එලියෙ ගිහින් නැද්ද ? " විදුහල්පති තුමා දත් විහිදුවමින් අප දෙස බලන්නට විය .

" සර් ................!"

" ... නිදහසට කතා එපා චතුරංග !!! ඔයාල යන ඉස්කෝලේ මම හොද .... දන්නව ! හෙට මම නෑ අනිද්ද වෙද්දි අම්මව එක්කන් වරෙන් .. නැත්තම් නෑවිදින්ම හිටපන් " ඔලුවට පොල්ලකින් ගැසුවානම් හොදයි යන හැගීම ආවේ මේ දැන්‍ය . විදුහල් පතිගෙ සහ ගුරුවරුන්ගේ බැනුම් උපරිම පැය පහක් වෙයි . මක් නිසාද යත් අප ඔවුනට පෙනෙන්න සිටින්නේ පැය අටෙන් පැය පහක පමන කාලයක් නිසාය. නමුත් අම්මා මේ බව දැනගත්තොත් නම් ජීවිත කාලයටම මට විදවන්නට සිදු වනු නිසැකය .

" මගෙ සයිකලේ හුලන් ඇරපු උනුත් මුන්ම තමයි සර් .. දෙකක් නෑ !! වගේ වැඩ කරන්න වෙන මොකෙක්වත් මේ ඉස්කෝලෙ ඉදලත් නෑ .. ඉන්නෙත් නෑ !!"

" අනේ සර් .. නොකරපු වැරදි වලටනම් කියවන්න එපා ! අපි දන්නෙත් නෑ .. අපි ඇල්ලුවෙත් නෑ !!" අමිලය හඩ අවදි කලේ තෙලිගු ෆිල්ම් එකක නලුවෙකුගේ දෙබසක් මෙන් දෑස් කෝපයෙන් දිලුසවිමිනි . ටෝල්ක්ස් එකෙන් චාන්දෙ සර් යම්තාක් දුරට සැලැන්ඩර් උනු ස්වාබවයක් දිස් වියමමද අමිලගේ පස්සට තට්ටු කිහිපයක් දමා රහසේම ඔහුට සුබ පතන්නට විය .

" හරි පංතිවලට පලයල්ල ...! හැබැයි පරිස්සමෙන් ඉදපන් ...! තමුසෙ නිවාස නායකය නේ එකක ? මින් ඉදිරියේදි  තමුසෙගෙ එක ෆෝල්ට් එකකට තමුන්ගෙ හවුස් එකෙන්ම ලකුනු කැපෙනව .... හරිද චතුරංග ? මට තමුන්ගෙ නිවාසෙ පුලුවන්නම් දිනවලා පෙන්නනව ! තමුසෙට ඒක කරන්න බෑ ! " විදුහල්පති තුමාගෙ කතාවෙ තිබුනු ගැම්ම මා හට තදින්ම දැනෙන්නට විය . ඔහු හට අබියෝගයක් වී මා අපේ නිවාසය දිනෙව්වොත් ? මම සුපිරි වැඩ්ඩෙක් වේවි . පාසැලේ කෙල්ලන්ගේ අත්පුඩි මැද්දෙ මම වැඩර් වගේ කුසලානෙ උස්සාවි ..... ලස්සන ටීචර්ල අස්සෙන් මම කුසලානෙ ඇරන් වේදිකාවෙන් බහීවි යන සිතුවිලි කාර්‍යාලයේ සිට එලියට එන ටිකට සිහි විය .




" රුපියල් විස්සක් නැද්ද ? " අමිලය ටික දුරක් ගොස් අසන්නට විය .

" ඇයි ? "

" රොටි දෙකක් කමු " කැන්ටිමට අත දිගු කරමින් අමිලයාගෙන් ආවෙ ආයාචනයකි .

" $%# කමු .. වරෙන් යන්න හවුස් එක පැත්තට .. " මා හට දැන් ඇත්තේ විදුහල් පතිට අබියෝගයක් වීම පමනි . පංතියට ගොස් කලු හිස්වැසුමක් දමගෙන අප දෙදෙනා ගියේ අප නිවසය බාරව සිටින ගුරුවරිය ලගටය . පාසලට වසර තිස්පන්දහසක පමන සේවාකාලයක් දී ඇති මැය නමින් " ශ්‍රියානි මැඩම් " වේ ... මා පාසලට එන්නටත් පෙර සහෝදරිය පාසැල්   කාලයේ සිටි මැයව හොදට හුරු පුරුදුය .

" ගුඩ් මෝනිම් මැඩම් ... මොකෝ තත්වෙ ? "

" ගුඩ් මෝනිම් පුත !! අද ගෑනු ලමයි ටිකක් සිලෙක්ට් කරගන්න ඕනා බාස්කට් බෝල් වලට .. ඔයාල බෝයිස්ල ටිකක් ගන්න වොලිබෝල් වලට .. හොද පැක්ටිස් එකක් දෙන්න ඕන හොදද ?"

" මෙහෙම කරමු අපි ගෑනු ලමයි සිලෙක්ට් කරන්නම් ... මැඩම් වොලිබෝල් ටීම් එක හදන්න " සුලු වෙලාවකට විනෝද කතාවක් කියූ මා අමිලය සහ සියානි මැඩම් සමග තත්පර කිහිපයක් හයියෙන් සිනාවෙන්නට විය .

" බාස්කට් බෝල් සිලෙක්ට් කරන්නෙ ඊයෙ ආපු අලුත් මැඩම් ... හයිස්කූල් ( නුවර ඇති බාලිකා පාසලකි ) වල ඉදන් ආවෙ .. පින්සිපල් සර් අපේ හවුස් එකට දාල  ...   !! අර ඉන්නේ !! " අප දෙදෙනාගෙ බෙලි දෙක දිශාවට හැරෙන ශබ්දයද පිටවන්නට ඇත . සුලග කපාගෙන යන වේගයකින් දෙස අප බැලු නිසාවෙනි . පූස් පැටවුන් දෙදෙනෙකු මෙන් අප දෙදෙනාම දැක කොර වන්නට විය . නාකි හම්පඩ ගුරුවරු මැද සන්ග්ලාස් කුට්ටමක් පැලද , හිසට තොප්පියක් දමගෙන , රෝස පැහැති සාරියක් හැද ඊටම සරිලන සෙරෙප්පු සහ පසුම්බියක්ද රැගෙන හඩ නගයි .

" .. යා .. තනට යා .. න්න !!! "( ඔයා අතනට යන්න ) ලෙස කුඩා ගෑනු ලමයෙකුට කෑ ගැසූ දේ මා හට ඇසුනේ ඉස්ලෝ මෝශන් ලෙසය  . අමිලයාගේ පස්ස නැවත වරයක් මිරිකූ මා හිතට ශනිකව හැගීම් වලින් කිහිපයක් යටපත් කරගතිමි .

" පුතා ! චතුරංග ! ගිහින් ටීම් එක හදනව ටක් ගාල " ශ්‍රියානි ගුරුතුමී මාගේ දැහැනද බිදුවාය .

" තව පොඩ්ඩකින් ගියොත් මොකද ?"  මා ඇගෙන් ඇසූ ප්‍රශ්නයට සරිලන ප්ර්තිචාරයක් නම් අපේ ශරීරයට ගැලපෙන ලෙස නොලැබිනි . ඉන් පසු මාත් අමිලයත් පාසැල් විවේක කාලය වන තුරුම  පොඩි උන් කිහිපයක් එකතු කොට ඔවුන්ට වොලිබෝල් පුරුදු කරන්නට වුනෙමු . ඉන්ටවල් එකේදී අපට බාතියත් දිල්ශානුත් මුන ගැසී ඔවුන්ගේ රගපෑම ගැන උදම් අනන්නට විය . මේ අතරතුර අපගේ පංතියට ආවේ ඕලෙවල් පන්තියේ කෙල්ලෙකි ..................................

" චතුරංග අයියා .....!!!? හශිනිට කතා කරන්න ඕනැලු  !" කියා මාගෙ පිලිතුරක් අපේක්ශාවෙන් බලා හිදින්නට විය . මා හට ඔබලාට කීමට විශේශ කරුනක් අමතක විය . මා ආතල් එකට කලකට ඉහතදී  දාගත් කෙල්ල පිලිබදයි . එහම කෙනෙක් ඉන්නවැයි මා හට මතක් උනේ මේ විටය .....

" කාල එන්නම් කියන්න නංගි .... ! අතනට එන්න කියන්නකො විනාඩි පහකින් !" මාගෙ පිලිතුර රැගෙන පිටවීමට මත්තෙන් මාගේ යහලුවන් තිදෙනාගෙන්ද හට පිලිතුරු ලැබෙන්නට විය .

බාතිය :- " නංගී ඔයාට එන්න බැරිද ???"

අමිල :- " එයා එයි නංගි ..., ඔයා යන්ඩ ....!"

දිල්ශාන් :- " ෆකින් ඕසම් !"

බත් කමින් සිටි අප තිදෙනාම දිල්ශාන් දෙස හැරී බැලුවෙ

" වට් ෆා ..ක් ?" කියාගෙනය ....


------------------------------------------- මතුවට සම්බන්දායි ------------------------------------------------------



No comments:

Post a Comment