Chat with Jimmy Raaj Kumaar online

Tuesday, October 7, 2014

::: ජිමියා රාජ් කුමාර් අවසන් දිග හැරුම ( SEASON 2 ) :::

PREVOUSLY ON JIMMY RAAJ KUMAAR :- 

" ජිමී පුලුවන්නම් මාව හවස මීට් වෙන්න ...!" ඇය බිත්තිවලටවත් නොඇසෙන පරිදි රහසින් මට කියනවිට හින්දි පිලුමක මෙන් මගේ කොංඩය ඉහලට ගසාගෙන යන්නට විය .

PREVOUSLY ON JIMMY RAAJ KUMAAR :- 

" මම මාතර කෑල්ලත් ඇරං පනිනවා මාතර .. ඒකි මෙහෙ හීටියට ඒකිගෙ තාත්තට එහෙ කඩයක්ලු බන් .. මම යනව ඒකිවත් ඇරන් එහෙ වැඩට .. උබත් ඕනනම් වරෙං ...!"

PREVOUSLY ON JIMMY RAAJ KUMAAR :- 

" කොහෙද කොහෙද ?? කොල්ල දං ෆුල් හැපියෙ ඉන්නෙ .. මැරෙන්න උනත් එනවා "

" උබ දැං කිව්ව අලුත් මිස් ලගෙ හෝටලේට බං .." මම හෙන සැහැල්ලුවෙන් ඔහුට කීවත් ඔහු එම වදනින් බිරාන්තට්ටු වී මගේ මුහුණ දෙස ඇහැටුල්ලෙකු සේ බලා ඉන්නට විය ...


---------------------------------------------------------------------------------------------------------------

          " මිස්ගෙ හෝටලේට ..?? තොට පිස්සුද උලමො .. ජොබ ගහල යන වැඩ කරගන්නද හදන්නෙ !?? " ගයියා උපරිම ලෙසින් කලබල වී කෑගසන්නට වූවේය ..

" උබ දැන් කීවේ මැරෙන්න උනත් එනවා කියලා ....!? අනික තොට ජොබ වැඩකුත් නෑ කෙල්ලෙකුත් ඉන්නවා කීවෙ ...!! .. උබත් අර කයිවාරුවෙක්නෙ බන් ...!" මා ඔහුට පෙරලා පිලිතුරු දෙන්නට වුනෙමි ...

" ආ හරි .. දැං උබට මිස්ගෙ කාමරේට රිංගන්න තියන මෝල මොකක්ද කියහං මට ...!!?"  ඔහුගේ ප්‍රශ්නයට උපරිම කෙටියෙන් මා සියල්ල පැහැදිලි කර දුනිමි .. ඔහුට ඇය උදේශිකායි එක්වැරම විශ්වාස කල නොහැකි විය . ඔහු සිතා සිටිය උදේශිකාට වඩා සිය ගුණයක් ඔහු දූටු උදේශිකා සුන්දර දසුනක් යැයි මා හට කීවේ ආදරය සම්බන්ද ඕනෑම මලහිලව්වකට එන පොරොන්දුවක්ද දෙමිණ්i .. රාත්‍රියට බිත්තර කොත්තු දෙකක් මාගේ වියදමින්ම නයිට් කඩේකින් කා ගයියා පිටුපස මා ඇය නැවතී සිටින හෝටලයටම පියමනින්නට විය . නමුත් එලියේ මුරකරුවන් දෙදෙනා අප දෙදෙනාගෙන් පාස් කාඩ්පතක් ඉල්ලුවේ ඇතුලට යාමටය .. එතනින් නෝන්ඩි වන්නට නොතියා අප නැවත හැරී  පාරට පැමිනියෙමු .. මා හෝටලයේ වූ උස යෝද තාප්පය දෙස බලමින් ඇතුලට යෑමට ක්‍රමයක් කල්පනා කරමින් සිටියදී ගයියා හට මනා අදහසක් පහල විය .

" ටක් ගාලා බැහැපං බං ....!" ගයියා හෝටල් වත්ත තුල සිට රහසින් කෑ ගැසුවේය .. ආත්මෙකට වලල්ලක් නොදා පොල් ගසකට පය නොතිබූ මා හට වලල්ලක් නොමැතිවම පොල් ගස දිගේ බඩ ගා ඉන් අඩි විස්සක් පමණ උස තාප්පෙට බැස ඉන් හෝටල් වත්තට විනාඩි දෙකක පමණ කාලයක් පැන්නෙමි ..

" අම්මේ... කොංද බං.. !!" බිමට පතිත වූ පසු ඉබේම මගේ කටින් එය පිටවිය ..

" උබට හෙට උදේම මේ මගුල කියන්න තිබ්බනෙ ...!! " ගයියා මට නැගිටීමට අත දෙන අතරේ රහසින් කෙදුරුවේය ..

" අද මගෙ ලවු එක කෙලින්ම ඒකිට කියනව බන් .. අකමැති උනොත් හෙටම ජොබෙන් යනව ..!" එය මගේ පිලිතුර විය ..

" තෝ ගියොත් .. මාත් යනව අරකිවත් ඇරන් මාතර .. ඒකිත් කැමතී බං .." කෙතරම් බරපතල තත්වයක සිටියත් මුගේ කටින් මාතර යන නමනම් නිසැකයෙන්ම පිටවෙන්නක් බව එවෙලේ මට සිතුනි ..

" සද්ද නැතුව වරෙං මාත් එක්ක දැං .. !! ..උබ උදේශිකාව දැක්කොත්  ශනිකව මට පෙන්නපං ...!! .." ගයියාට එසේ පැවසූ පසු අප සෙමෙන් සෙමෙන් ඉදිරියට ගමන් කලෙමු .. හෝටලයේ වූ පිහිනුම් තටකය පසු කරද්දිම ගයියා මගේ පිටට අනින්නට විය ..



" ඇයි බං අපි හොරු වගේ යන්නේ ...?? දැං බය වෙන්න දෙයක් නෑනෙ බං ! .. මිනිස්සු හිතන්නෙ අපිත් හෝටලේ ඉන්න උන් කියල ..හිටපං මම අර අතන ඉන්න මිනිහගෙන් අහන්නම් උදේශිකා ගැන ශේප් එකේ .. උබ ඉදපංකො !! " යැයි තරයේ කියූ ගයියා ,, කොට කලිසමක් ගසා සිටි මැදිවියේ මිනිසෙකු වෙත ඇදෙන්නට විය .. ඉන්පසු ඔහුගෙන් ප්‍රශ්න කල පසු, ගයියාගේ කොලරයෙන් අල්ලාගෙන මැදිවියේ පුද්ගලයා ඔහුට පහරදෙන්නට සැරසිනි .. මෙතෙක් වෙලා අඩ අදුරට තිබූ මැදිවියේ පුද්ගලයාගෙ මුහුණට එලිය වැටුණු පසු මා හට දෙලොව රත් විය .. ගයියා මාන බලා කෙලින්ම ප්‍රශ්නය අසා තිබෙන්නේ උදේශිකාගේ පියා ගෙනුයි !! මම ඉක්මනින් ඔහුට ඇගේ පියාගෙන් බේරී පාරට යන ලෙස කෙටි පණිවුඩයක් දමා හෝටලය තුලට රිංගා උදේශිකාගේ කාමරය සොයමින් සෑම කාමරයකට එබ්බිකම් කරන්නට වුනෙමි ..එක් කාමරයකට හිස දැමූ පසු ඉන් බේරී ආවේ අනූ නවයෙනි .. නැත්නම් මදුසමය ගත කල යුවලකගෙන් මට මැරුම් කන්නට සිදුවෙනවා නොඅනුමානය ... මගෙ වාසනාවට උදේශිකාගේ හංස රුපය එහා ගොඩනැගිල්ලක සදලු තලය මතින් දිස් විය .. සුදු පැහැති Hand Free දෙකක් කනේ ගසාගෙන සිංදු අසමින් සිටිය ඇය දුටු  මා ශනික ඇය වෙත දිව යන්නට වුනෙමි ...

--------------------------------------------------------------------------------------------------------------

" උදේශිකා ...ටොක් .. ස්ස්ස් .. ටොක් ,, උදේශිකා !" මා කතා කල එක ඇයට නෑසුනේ ඇගේ කනේ වූ  Hand free දෙක නිසාවෙනි .. මා හට තිබූ කලබලයටම අසල තිබූ පුංචි ගල් කැටයක් ගෙන ඇගේ ඉදිරියෙන් වූ ජනේලයට විසිකලෙමි .. ඇයද උඩ බිම බලා පහත බැලූ පසු මා හදුනාගෙන මා හට නැවත යන ලෙස අතින් ඉගි කලාය .... එය ගණනකට නොගත් මා පැත්තක එල්ලී තිබූ වැහි වතුර පහලට ගලන බටයක් දිගේ ඉහලට යන්නට තැත් කලත් එය කඩා වැටෙන්නට ගියේ ඇය බලා සීයදීමය .. ... " ඔහම ඉන්න !" යැයි අතින් ඉගි කල ඈ සදලුතලයේ සිට පහලට දිව ආවාය ...

" මැට්ටා... ! අඩු කඩා ගන්නද යන්නේ ...?? " ඈ පහලට ආ පසු ස්මාට් ෆෝනය තිබු අතින් මට ඇගිල්ල දිගු කලාය ..

" උදේශිකා ප්ලීස් ... මං කියන එක පොඩ්ඩක් අහන්න ...! ... මං කොලබට  ආවේ ඔයාව හොයාගෙන .. ඉස්සර ක්ලාස් යන දවස් වල ඉදන් ඔයා ගැන මට අදහසක් තිබුනා .. මං කියන්නේ.. මං ඔයාට ආදරෙයි කියලා !! " මා වීරයෙකු සේ එසේ කීවද හදිසි වුනාදෝ යැයි සැකයක් සිත අස්සෙ කැරකෙනට විය ..

" ඔයා කොලබ ආවේ මං නිසා ..?? ..ජිමී ..!! ..." ඇය පුදුම වී සිටියද අතීත සිදුවීම් ඇයට මා මතක් කර දුන්නෙමි .. මා කොලබ ආ පසු ඇයව සෙව් සැටි .. ඇය රජවත්තෙන් ගියිදා ඇගේ නිවසට ගිය සැටි,,  ඇගේ මිතුරන්ගෙන් ඇය ගැන සෙවූ සැටි සියල්ලක්ම පාහේ විස්තර කලෙමි .. ඇය මා ඇය ගැන තිබූ ආදරය ගැන පුදුම වූවේ අවුරුදු දෙකක් ගතවූ ඇයගෙන් ආදරය පතා ගෙන මා පැමිණීම පිලිබදවයි ...

" උදේශිකා ... ඔයාට මං මේක කියල හිත හරි නිදහස් කර ගත්තු එක මට ඇති .. සමහර විට ඔයාට හෙටින් පස්සේ මාව දකින්නත් නැතිවෙයි ..." එසේ පවසා විනාඩි දෙකක් පමණ ඈ දෙස බලා සිටියේ පිලිතුරක් අපේක්ශාවෙනි .. නමුත් ඇය බිමබලා කල්පනා කරමින් සිටියාය .. මා ඇගෙන් හැරී සෙමෙන් සෙමෙන් මහ පාර දිගට ඇදෙන්නට වුනේ සිතේ වූ ශෝකයත් දරා ගෙනය ..

" කොහෙද යන්නේ ??" උදේශිකා මා ටික දුරක් ගිය පසු ඇසුවාය ..

"ම්ම් .. ඔයාගේ තාත්තගෙන් යාලුවා බේරගන්න ..!! .. ඊට පස්සෙ නුවර යනව ...!" ඇයට එය පැවසුවේ ඇගේ මුහුණ දෙසවත් නොබලමිනි ...

" නෑ නෑ ... අපි කොහෙද යන්නේ ?? දැං මහ රෑ ආවේ මාව ඇරන් පැනල යන්න නෙමෙයිද ?? " නැවත වතාවක් මගේ ශරීරය තුලින් බූමිකම්පාව ඇතිවිය .. ඇය සිනාසෙමෙන් මා දෙස බලා සිටී ...

" උදේශිකා ...! ඔයා මට ....! "

" ඉක්මන් කරල කියන්න ... තාත්ති මෙතනට එන්න කලින් ... අපි කොහෙද යන්නේ ?? " ඇගේ කතාවට මගේ පපුව තුලින් හුලංද  පිරී තිබිනි .. ඒ සතුටටය .. නමුත් ඈව මගේ නිවසට එක්කන් යාමටද නොහැකිය ... බෝඩිමටද නොහැකිය ...

" මාතර !! " මගේ මුවින් එය ශනයෙන් පිටවිය .. ඉන් පසු සිදු කලේ ගයියාට ඇමතුමක් ගැනීමයි ..

" අම්මෝ චතුවා !! .. උබ කොහෙද ?? මං මේ පාරේ ඉන්නෙ .. අර නාකියාගෙන් අමාරුවෙන් බන් පැනගත්තේ ...!" ඔහු අනෙක් අංතයෙන් කතාකලේය ....

" පුලුවං තරම් ඉක්මනට .. අර මාතර කෑල්ලවත් බෝඩිමෙන් පන්නං වරෙං වීල් එකකුත් අරන් ... ! " මම ඔහුට සියල්ල පැහැදිලි කල දුන් පසු ඔහුද එක පයින් එයට එකග වී මාතර කෑල්ලගෙ බෝඩිමට දිව ගියේය ..

" උදේශිකා .... අපි ඇතුලට ආවෙනම් අමුතු විදියකට ... ඒත් එලියට යන්නෙ කොහමද ?? " මා ඇගෙන් විමසුවෙමි ...

" මටනම් පාස් එක තියනව ..ම්ම් ඔයාටනම් ආපු විදියටම තමයි එන්න වෙන්නෙ ..." ජීවිතේ දෙවනි වතාවටත් වලල්ලක් නොමැතිව පොල් ගහේ නැග තාප්පයකින් බිමට  පැන්නෙමි .. නමුත් උදේශිකාව හිමිවීම පිලිබදව මා තුල වුවේ සෑහෙන සතුටකි .. පාරේ සිටින විට ගයියා ත්‍රී රෝද රතයකුත් රැගෙන නිදිමතේ සිටින මාතර කෑල්ලත් රැගෙන පැමිනියේය .. උදේශිකාව වීල් එකට ඇතුල් කර මා එහි නැගග්ත් පසු .........

" කොහාටද මල්ලී ?? "

" කොටුවෙ ස්ටේශමට අයියා !" මා ත්‍රීරෝද රත හිමියාට පිලිතුරු දුන්නෙමි





--------------------------------------------- නිමි ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

කියැවූ ඔබ සැමට ඉස්තුතිය ... පලමු කොටසේ දෙවන කොටසේ දෙකේම රැදුනු ඔයාලට මගෙනුත් දෙයක් වෙන්න ඕන නිසා .. මම ප්‍රශ්නයක් අහනවා .... ඒකට මුලින්ම පිලිතුරු දෙන කෙනාට මම පවුද්ගලිකව පොඩි තෑග්ගක් දෙනවා .. පිලිතුර ෆේස්බුක් එකේ මම ලින්ක් එක දාන ෆොටෝ එකේ කමෙන්ට් කරන්න ..
--------------------------------------------------------------------------------------------------------------

ප්‍රශ්නය :- මෙ කතා මාලාවේ ජිමියා උදෑසනට අවදිවන්නේ විශේශිත වෙලාවකට  .... පලමු සීසන් එකෙයි .. දෙවනි සීසන් එකෙයි දෙකේම ඒක සදහන් කරල තියෙන්නේ ..... ඒ වේලාව කුමක්ද ??????????

-------------------------------------------------------------------------------------------------------------

අපි නැවතත් හම්බෙමු ජිමියා රාජ් කුමාර් සීසන් 3 එකෙන් ... එතකන් ඔයාලට ජය වේවා !!



--------------------------------------------- හරියටම නිමි ---------------------------------------------------

Saturday, October 4, 2014

::: ජිමියා රාජ් කුමාර් සිව්වැනි දිගු හැරුම ( SEASON 2 ) :::

PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :-

" උබ කවද්ද ආයේ එන්නෙ ?? " අමිලයා ප්‍රශ්න කලේ මගේ නිවසේ වැට ලගදීය ..

" ම්ම්ම් .. ඊලග මාසෙ තමයි බන් ... දැං හෙට හවස යනව " මා ඔහුට පිලිතුරු නැගුවෙමි .

PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :-

" මේ බං ... අර අලුත් මිස් .. චීස් කෑල්ල බං ... කිරිගරුඩ වගේ ...!"

" සිරාද බං ඒකිව දැක්කද උබ ?? ..."

PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :- 

සුදු අතට දමා සිටි ඔරලෝසුවෙන් වේලාව බැලූ පසු ඇය මා දෙසට හැරුණු පසු මා හට භූමිකම්පාවක් ඇතිවෙන්නාක් මෙන් ශරීරය නොසන්සුන් විය .. ඉන්පසු මගේ කටින් ඉබේම 

" උදේශිකා ..!! " යන වචනය පිටවිණි ..

------------------------------------------------------------------------------------------------------------

" උදේශිකා ...!! ..." දෙවැනි වතාවේ එය හඩ නගා කියවිණි .. ඇගේ හංස රුව එක් වැරම හදුනාගන්නා එක මට අමුතු දෙයක් නොව .. මගේ හිතේ සෑමවිටම ඇදෙන රූපය උදේශිකාගේ රුපයයි.. එය වරදින්න කිසිසේත්ම හේතුවක් නැත .. ඇගේ නම දෙවනි වතාවේ කිව් පසුව ඇය මදෙස බලන්නට වූවාය .. ඇයද වදනක්වත් පිට නොකර මගේ මුහුණ දෙස ටික වේලාවක් බලා සිටියේ කව් බෝයි චිත්‍රපටයක ජවනිකාවක් යන්නාක් මෙනි ....

" ජිමී ...! . ඔයා මොකද ?? ..." අවසන් වචන ටිකද පිට නොකල ඇය මා දෙස පුදුමයෙන් බලා සිටියාය .. ඇගේ සුදු වත අතීතයේ කතරගම කිරිහට්ටියක් වුවද කාලයාගේ අවෑමෙන් ඇය ස්විස්ටර්ලන්තයේ වැනිලා අයිස් ක්‍රීම් එකක් ගානට තවත් රසවත්ව සිටියාය ...

" උදේශිකා !! .. ඔයා ?? ..." මා ප්‍රශ්න කිරීමට යනවිටම ඇයත්

" ජිමී ඔයා .." ලෙස ප්‍රශ්නයක් නැගීමට සැරසුනාය .. ඇයට ප්‍රශ්නය මගෙන් අසන්නට දී මා මොහොතකට නිහඩව සිටියේ මා හට ඇගෙන් නගන්න ප්‍රශ්න කන්දරාවක්ම ඇති නිසාවෙනි ..

" චතුරංග බණ්ඩාර කියන්නෙ ඔයාද ?? වෙන්න බෑනේ  !! " ඇගේ සුදු අත් දෙක දෙපසින් ඉහලට කරමින් මේසය මත ව් කොලයක් දෙස බලා ඇය නැවතත් මවෙත බලන්නට වූවාය .. ඇයද මාගේ සත්‍ය නාමය කිසිසේත්ම දන්නේ නැත .. ඇය නිතරම මට ආමන්ත්‍රනය කලේ " ජිමී " යන නාමයෙනි ...

" ඒ මගේ ඇත්ත නම උදේශිකා .. "
" ඔයා ...??" කියා මා ඇගෙන් විමසන්නට ගියේ අවුරුදු දෙකකට අතුරුදහන් වූවේ කොහෙදැයි කියාය .. නමුත් ...

" ඇයි මිස් ප්‍රශ්නයක්ද ??? ! " දොරකඩ අසල වු සෙප්පඩ කාලකණ්ණි කැහුටු සේවකයා අප දෙදෙනාගේ මැද්දට පනින්නට විය . උගේ මීමුත්තාගේ නාමයන් පවා ඒ මොහොතේ මට සැනකෙනි සිහිවිය ..

" මේ චතුරංග බණ්ඩාර නිවාඩු දවස් අරන් වැඩී කියන්න ගියේ සුමනසිරි ...!! .. ප්‍රශ්නයක් නෑ !" කැරකෙන පුටුවේ යන්තන් පසෙකට වු ඇය සේවකයාට පවසද්දී .. ඔහු මට රවා නැවතත් දොරකඩට ඇදුනේය ....

" ඉතින් ජිමී .. ඔයාවනම් මට හැමවෙලේම මතක් වෙනව .. ඔයාගෙ විහිලු වැඩ තමයි .. " උදේශිකා මා හට එසේ පැවසුවේ සේවකයා දොරකඩට ගිය පසුවයි .. ඇයව මට මතක් වන තරමටනම් මාව ඇයට මතක් වෙන්නට නැතැයි මා සිතින්ම සිතගත්තෙමි ..

" ඔයාවත් ...! " උදේශිකා දෙස මෙවර මම බැලුවේ හෙනම කැත ලුක් එකකිනි...

" ඉතින් .. ඔයා කොමස් කරල මොකද අපෙ බාප්පිගෙ ගාමන්ට් එකේ වැඩ කරන්නේ ...?? " එම ප්‍රශ්නය ඇසීම මා හට ඇස්වැසිල්ලක්ම විය .

" මං ආවේ ඔයා හින්ද ...!! " එම වදනෙන් පසු සිනා වෙමින් සිටි ඇගෙ මුහුනේ ඉරියව් යාන්තමින් වෙනස් වනවා මම දිටිවෙමි ..

" මං හින්දා ?!! " ඇය ප්‍රශ්නය නැගීමට යද්දිම අර කැහුටු සේවකයා නැවතත් අප දෙදෙනා අතරට නැවත දිව ආවේ මගේ උරහිසේද හැප්පෙමිනි .....

" මිස් රත්මලාන සයිට් එකේ පෙරේරා මහත්තයා අවිල්ලා ඉන්නව ..මිස් හම්බෙන්න ...!! " ඔහු පවසන විටම ඇය ඇගේ කොංඩය දෙපසට පිරිමදිමින් ...

" එන්න කියන්න සුමනසිරි !! ..." යැයි පැවසීය .. නැවත වරක් මා දෙසට හැරුණු ඈ ...

" ජිමී .. පුලුවන්නම් මාව හවස මීට් වෙන්න ! .." ඇය බිත්තිවලටවත් නොඇසෙන පරිදි රහසින් මට කියන විට හින්දි ෆිලුමක මෙන් සුලගට මගේ කොංඩය ඉහලට ගසා යන්නට විය .. දෑස ඇර බලන විට ඇය ඇගේ මේසය මත වූ විදුලි පංකාව ක්‍රියාත්මක කොට ඇත .... මමද එකපයින් ඇයගේ කතාවට එකග වී වීදුරු දොරින් එලියට දුටුවේ විදුලි පංකාව නිසා විසිරුණු මාගේ පිස්සෙකු වැනි කොංඩයයි ...




-------------------------------------------------------------------------------------------------------------

මා සතුටින් ඉපිලෙමින් පඩිපෙල දිගේ බැස ගියේ මාගේ පවිත්‍ර ප්‍රේමය වූ උදේශිකාව අවුරුදු දෙකකට පසුව හෝ හමුවු නිසාවෙනි ..නමුත් දත් විරිත්තාගෙන මටත් වඩා සතුටින් ආ ගයියා මවෙත කඩා පැන්නේය ...

." අඩෝ චතුරංගයා .. මාතර කෑල්ල නම්බරේ ගත්ත බන් !! ..." ඔහු මාතර කෑල්ල ගැන නැවතත් හෑල්ලක් පටන් ගත්තත් මට ඒවා නෑසුනේ මම උදේශිකා සමග සිටින දර්ශන සිතින් මවා ගත් නිසාවෙනි .. ඔහුටද උදේශිකා ගැන එක් වරම පවසන්නට නොගියේ ඔහුගේ කට ගැන මා හොද හැටි දන්නා නිසයි .. උදේශිකාව හම්වෙනු පිණ්iස සවස ඔපීසියට ඇදුනද රැස්වීම තවමත් ඉවරව තිබුනේ නැත .. රාජකාරිය ඉවර වී වැඩපොලේ සිටින්නට ගියේ ඇයව ඒත් සමු නොවූ නිසාවෙනි .. නමුත් කැහුටු සේවකයාගේ උකුසු ඇස් වලට අපව මාට්ටු වූ නිසා බෝඩිමට සෙමෙන් ඇදෙන්නට වුනෙමු ... ගයියා පාරේ ඇදෙන විට ඔහුගේ ඉදිරි සැලැස්ම මෙසේ පවසන්නට විය ...

" මම මාතර කෑල්ලත් ඇරගෙන අද හෙටම පනිනව මාතර .... ඒකි මෙහෙ හිටියට ඒහෙ ඒකිගෙ තාත්තට කඩයක්ලු බං ..මම යනව ඒකිවත් ඇරන් එහෙ වැඩට .. උබත් ඕනෙනම් වරෙන් ...!! "

" එක්කන් පලයන් ..එක්කන් පලයන් ... ඒක නෙමේ බන් ..උබ අලුත් මිස් නැවතිලා ඉන්න පොට් එක දන්නවද ?? " මා ගයියාට අමුත්තක් නොදැනෙන පරිදි ඔහුගෙන් ප්‍රශ්න කෙර්වෙමි .

" ම්ම් වැඩපොලේ කොල්ලෙක් එදා මට කීව බන් .. මට අමතකයි පොඩ්ඩක් .. උගෙන් අහල කියන්නම් .. උබට ඇයි ඒක ?? "

" පොඩි වැඩකට බන් .. උබ අහල කියපංකො එහෙනම් ..." මා ඔහුට පිලිතුරු දුන් පසු නැවතත් මාතර කෑල්ල පිලිබද මට අසා සිටිනට සිදු විය ... බෝඩිමට ආ පසුවද දුරකතනය අසලින් නොසෙලුනු ඔහුට මාතර කෑල්ලගෙන් ඇමතුම ලැබුණි ... ඔහු පැයක් පමණ මලක් කඩා එන තුරු මම ඇදට වී කල්පනා කරමින් ඉන්නට වුනෙමි .. මල කැඩූ පසුව ඔහු සුබ ආරංචියක් මවෙත ගෙනාවේය .. ඒ උදේශිකා නැවතී සිටින හෝටලය පිලිබදයි .. එයින් අමන්දානන්ද වූ මා සුලු මොහතකින් ගයියාට මෙසේ කියන්නට වුනෙමි ..

" ගයියා .. අද රෑට පොඩි ගමනක් යංද ???"

" කොහෙද කොහෙද ?? කොල්ල දං ෆුල් හැපියෙ ඉන්නෙ ... මැරෙන්න උනත් එනවා " යි කියමින් ඔහුගේ අතින් පපුවට තට්ටු කරගන්නා ගමන් පැවසුවේය ..

" උබ දැං කිව්ව අලුත් මිස්ලගෙ හෝටලේට බං .." මම හෙන සැහැල්ලුවෙන් ඔහුට කීවත් ඔහු ඒ වදනින් බිරාන්තාට්ටු වී මගේ මුහූණ දෙස ඇහැටුල්ලෙකු සේ බලා ඉන්නට විය ....




                                  ( මාතර කෑල්ලගෙන් ඇමතුම එන තුරු බලා සිටින ගයියා ^^^^ )


------------------------------------------------ මතුවට සම්බන්දයි ----------------------------------------------------------------------

කියැවූ සැමට ඉස්තූතිය ... මීලග 06 වෙනිදා සීසන් 02 අවසන් කරනවා .. ඊලග දවසේ උදේශිකාගේ හෝටලයට පනිද්දී සිදු වෙන්නේ මොනාද කියල බලාගමු .. රැදිලා ඉන්න ... ආ අවසන් කොටසේදී ප්‍රශ්නයක් අහන්න ඉන්නේ .. නිවැරදි පිලිතුරට මගේ ගාණෙ පොඩි තෑග්ගක් දෙනව දිනන කෙනාට ... ඉක්මනට පිලිතුර දෙන කෙනා තමයි ජයග්‍රාහකයා ....

ජයිවේවා !!

Thursday, October 2, 2014

::: ජිමියා රාජ් කුමාර් තෙවැනි දිගු හැරුම ( SEASON 2 ) :::

PREVIOSLY ON JIMMY RAAJ KUMAAR :-

" ඇයි ?? දැං කියපං උබට එක කෙල්ලෙක්වත් එපා ... අර රජවත්තෙද රැජිණවත්තෙද ඉන්න උදේශිකාවමයි ඕන කියල " ගයියාට අප අවසානයට වෙරි වූ අවස්තාවේ මා දෙඩවූ ආකාරය නිසැකයෙන්ම මතක් වී ඇත ..

PREVIOSLY ON JIMMY RAAJ KUMAAR :- 

" මට දවස් දෙකක් නිවාඩු ගන්න ඕන ...! ගමේ මලගෙදරක් ...! "

PREVIOSLY ON JIMMY RAAJ KUMAAR :- 

" මා බසයට හැරලූ පසු ගයියා වැනි වැනි බෝඩිමට යන අයුරු CTB බස් රතයේ අවසන් කවුලුවෙන් දිටිවෙමි "

------------------------------------------------------------------------------------------------------------

" පුතා අන්න අමිල පුතා ඇවිත් කතාකරනවා .....! ..." මව මා නිදාගෙන සිටියදී කුස්සියේ සිට හඩ නැගුවාය .. උදෑසන බස් රතයේ එන තුරු නිදාගෙන ආවද මගේ කාමරයේ ඇද දුටු පසු සුපුරුද්දට මෙන් සිහින දකිමින් නිදා ගන්නට විය .. නිවසට එන විට උදෑසන 9.30 ව තිබුනද මම නැගිට ඔරලෝසුව දෙස බලද්දී වේලාව සවස 4.40 ව තිබිණි ..

" අමිලයා ! .. මොකද බන් එලියෙ කරන්නෙ වරෙන් ඇතුලට ....! " මව ට ඇසෙන පරිදි එසේ හඩ නගා කියා නැවත වතාවක්

" මොකද හු** එලියෙ කරන්නෙ ... වෙනද තෝ කාමරේටම එනව .. තොට ඒ සිරිත් අමතකද ?? " එසේ කියන්නට වුනෙමි ..

" නෑ නෑ බන් .. උබ ආවා කියල නිව්ස් එක ආවෙ දැං .. කියාංකො විස්තරේ ...?" අමිලයා සුපුරුදු පරිදි දිගු කතාවක් අරභනු පිණිස මා සමගින් කාමරයට ගියේ ඔහුගේ කට තුල ව් චුවින්ගමයද එලියට විසි කර දැමූ පසුවය .. අමිල යනු මාගෙ සිටි එක් හොදම පාසල් මිතුරෙකි ... අනෙක් දෙදෙනා දිල්ශාන් සහ බාතියයි ... අමිල විබාගයෙන් පසු පරිගණක අලුත්වැඩියා කරන්නෙක් ලෙසද .. දිල්ශාන් දෙවන වතාවටත් විබාගය කරන අතර .. බාතිය නොහොත් හොදම කුප්පයා නාවලපිටියේ ගල් වැඩපලක් කරන බවට දැනගන්නට ලැබිණ්i .. අප සතර දෙනා එකට පංතියේ සිටියද එකට ක්ලාස් ගියද ඉගෙනීම පිලිබද අංශු මාත්‍රයක හැගීමක්වත් එක් අයෙකුටවත් තිබුණේ නැත .. බාතිය සමග එක්ව ඒ දිනවල සිදු කලේ ගමේ ඇති වාහන කොටස් යකඩ වලට විකිණීම සහ හොරෙන් ගම්මිරිස් කැඩීමයි .. දිල්ශාන් සමගින් මා සිදු කලේ පාසල් කට් කරමින් ඔහුගේ මාමාට අත් උදව් දීමට යාමයි ... අමිල සමගින් සිදු කලේ ජංගම දුරකතන ඉස්කෝලේ කොල්ලොන්ට සහ ගමේ කොල්ලන්ව ගොනාට අන්දමින් විකිනීමයි ... ඔවුන් තුන්දෙනා සමගින්ම පාසල් යන කාලයේ එක්ව දැං රැකියාවෙන් උපයනවාටත් වඩා උපයන්නට ඇතැයි අනේක්වාරයක් මට සිතී ඇත ... අප අතීත පල් හෑලි දොඩවමින් ගියේ දිල්ශාන්ගේ නිවසටයි ....

" දිල්  .. ශාන් ! .. වරෙන්කෝ ... " අමිලයා අත් දෙක කට  දෙපසින් තබා මොර ගෑවේය ...

" උබ දවස් කීයකින් දත් මැද්දද බන් ...?" මා ඔහුගෙන් නිකමට මෙන් ප්‍රශ්නයක් ඇසුවේ ඔහු කෑ ගසූ ශබ්දයේ පවර් එක මට හොදින් දැනුනු නිසාවෙනි ... ඔහු එය නෑසුනු ගානට සිටියේ දිල්ශාන් ඇතුලේ සිට පිලිතුරු දුන් නිසාය ..

" හිටපන් පොඩ්ඩක් ඈ ..." ඒ හඩනැගුවේ දිල්ශානයායි .. අප දෙදෙන ඔහු එනතුරු ඔහුගේ වැට ලග සිට පහලින් යන ඇලට ගල් ගසමින් ඉන්නට වුනෙමු .. පාරේ යන මිනිසුන් දැන් මා දුටු පසු සුහදශීලී සිනාවක් පා යෑම මා හට දැඩි ප්‍රශ්නාර්තයකි .. මන්ද යත් පාසල් යන කාලයේ උන් එකෙක්වත් මගේ මුහුණ දෙසවත් බැලුවේ නැත නමුත්
දැන් සුහදශීලී වී ඇත්තෙ මා රැකියාවක් කරන නිසාද ?? එහෙමත් නැත්තම් දැන් මා වැඩිහිටියෙක් නිසාද ?? එහෙමත් නැත්තම් මා වැඩිය පෙනෙන්නට නැති නිසාද ?? සිතමින් සිටියදී ...

" ඒ උබ කවද්ද බං ආවේ ?? " දිල්ශාන් පුදුමයෙන් මෙන් මගෙන් එසේ ඇසුවද , මම පුදුමයෙන් බලා සිටියේ ඔහුගේ අතේ තිබුනු පෑන දෙසයි ...

" අද උදේ බං ආවේ .. උබ මොකද කරන්නේ ? යමං මොනා හරි කරමු ??! "  මා අතෙකින් සිගරටුවක් උරන සංයාවක් දුන් විගසින් ඔහු ගෙතුලට දිව කමිසයක්ද පැලද අප සමග කඩේ දෙසට ඇදෙන්නට එන්නට විය ..

" මේ .උබමොකද බන් කවදාවත් නැතුව අපි කතා කලාම විනාඩි පහක් විතර ගියේ එලියට එන්න ?? " මා දිල්ශාන් දෙස බලමින් විමසුවෙමි ...

" පොඩි ගාණක් හද හද හිටියෙ බන් !! " උගේ පිලිතුරෙන් අමිලයාටත් මටත් හොදහැටි සිනාසෙන්නට පිලිවන් වින .. විබාගයට කලින් දවසේද මා සමගින් ටවුමේ වැඩක් කල ඔහු දැන් විබාගයට පාඩම් කරන්නෙකු වීම අපහට හාස්‍යට කරුණක් විය ... අප තිදෙනා ඉන්පසු ඇදුනේ කුණු ඇලේ පොට් එකටය ... එතනදදීද අතීත සිද්දි සිහි කරද්දී දිල්ශාන් උදේශිකා ගැන මතක් කරන්නට විය .. දැන් ඒ විශාල නිවසේ සිටින්නේ ඇයගේ අයියා සහ ඔහුගේ සුරුපි බිරිද බව ද දැනුම් දුන්නේය .. සවස් වන තුරුම පම්පෝරි ගැසු අප නිවෙස් වලට විසිර යන්නට විය ..

" උබ කවද්ද ආයෙ එවෙන්නෙ ?? " අප නිවසේ වැට ලගදී අමිල විමසුවේය

" ඊලග මාසෙ තමා බන් ...." එන දිනය කියූ පසුව ඔවුන් තීරනය කලේ එදිනට ගහන බ්‍රෑන්ඩ් එකයි ... එතනින් පසු හරි හැටි විසිර ගියෙමු ...


------------------------------------------------------------------------------------------------------------


රාත්‍රියේ මා බුකියේ සීටින විට මව සෙමින් සැරේ කාමරයට විත් හඩ නැගුවාය ..

" මේ ගෙදරට වෙලා ඉන්න පුතේ ..! අර හොටෙල් කෝස් එකක් හොයල කරානම් ඉවරනේ "

" වැඩක් නෑ අම්මෙ .. මට හම්බෙන රුපියල් 8000 ඇති මට "

" ගෑණ්iයෙක් ගෙනාවම තමා උබට තේරෙන්නෙ ... !! " මවගේ හඩ යන්තම් තර්ජනාත්මක විය .. එය 100% තර්ජනාත්මක වන්නට ඇසිල්ලක කාලයක් ප්‍රමාණවත්‍ය .. මා විගසින් හඩා නගා සිංදුවක් කියමින් කාමරයෙන් මාරුවීමට තරම් බුද්දිමත් විය ...

පසු දින උදෑසනද අමිල සහ දිල්ශාන් සමුවී සමුදුන්නද බාතිය හමුනෝඔවුනේ ඔහු නාවලපිටියේ සිටි හෙයිනි . ගාමන්ට් එකට යාමට පිණ්iස ලිදට ගොස් නාගත් පසු බැගය අස් කර ගත්තෙමි .. මව සාදාදුන් කිරි ටොෆී පාර්සලයද බෑගය උඩට වන්නට සැකසුවේ බසයේ යන අතර හොරෙන් කෑමට පහසු වන පරිදිය .. නිවසට සමුදී සවස් කාලයේ පිටවුනු මා හට බෝඩිමට රාත්‍රී 7.30 පමණ වන විට යාමට හැකි වූවේ බස් රත රෙස් ආ නිසාවෙනි .. එසේත් නොමැතිනම් තවමත් මා බස් අජිත්ගේ අදෝනාව අසමින් මහමගය ..

------------------------------------------------------------------------------------------------------------

" ගයියා .. දොර ඇරපාං ...! " මා දොරට තඩිබාද්දී දොර ඇරි ගයියා කුමක් හෝ සතුටු සිතෙන දෙයක් කිවීමට කට අයාගෙන මවෙත පැන්නේය ...

" මේ බං ... අර අලුත් මිස් චීස් කෑල්ල බං .. කිරිගරුඩ වගෙ ....! " ඔහුගේ සතර අබිනයම යොදමින් මාහට පවසන්නට විය ...

" අම්මටසිරි සිරාද ?? උබ දැක්කද ඒකිව ?? "

" ඔව් යකෝ .. අද ඔපිස් එක පැත්තෙ යද්දි දැක්කෙ ... පට්ටම සුදුයි ..." ඔහුගේ කතාන්දරයට සවන් දීමෙන් මගේ නින්දද පැය බාගයක් පමණ ප්‍රමාද විය .. ගමන් මහන්සිය නිසාම හොදහැටි නිදාගත් මා පසුදින උදෑසනින්ම නැගිට කිරි කෝප්පයක් සදාගෙන එය පානය කොට ඔපීසියට බඩ ගාන්නට වුනෙමි ... මාතර කෑල්ලගේ මැසිම අසල ගමේ කිරිටොපී කමින් සිටියදී මා හට නිවාඩු දුන් කැහූටු සේවකයා මිස් කතා කලායැයි කිව් පසු මා ඔපීසියට ගියේ කඩිනමිනි .. ඇතුල් වද්දිම කැරකෙන පුටුවක පිටුපසට හැරී සිටින අලුත් මිස් ගේ කොංඩය ඉහලින් තිබූ ටියුබ් ලයිටය නිසා දිස්නෙ ගසන්නට විය .. සුදු අතට දමා සිටි ඔරලෝසුවෙන් වේලාව බැලූ ඇය මා දෙසට හැරුනු පසු මා හට බූමිකම්පාවක් ඇති වන්නාක් මෙන් ශරීරයම සෙලවී යන්නට විය. දුටු දේ පලමු වර විශ්වාස කල නොහැකි වූ නිසා ඇස් දෙක පොඩි කරමින් නැවත ඇය දෙස බැලූ පසු ඉබේම

" උදේශිකා !!! " යන වචනය පිටවිණි .....




-------------------------------------------- මතුවට සම්බන්දයි ----------------------------------------------

කියැවු ඔබට ඉස්තූතිය .. ඊලග කොටසින්වත් උදේශිකා සෙට් වෙයිද ?? එහෙම නැත්තම් මුට මැරෙන්න හිතෙයිද ?? කියල හරියටම දැනගමු .. අවසන් කොටසට කලින් කොටස මීලග 04 දින රාත්‍රියේ දී .... !

-------------------------------------------------------------------------------------------------------------