Chat with Jimmy Raaj Kumaar online

Tuesday, October 7, 2014

::: ජිමියා රාජ් කුමාර් අවසන් දිග හැරුම ( SEASON 2 ) :::

PREVOUSLY ON JIMMY RAAJ KUMAAR :- 

" ජිමී පුලුවන්නම් මාව හවස මීට් වෙන්න ...!" ඇය බිත්තිවලටවත් නොඇසෙන පරිදි රහසින් මට කියනවිට හින්දි පිලුමක මෙන් මගේ කොංඩය ඉහලට ගසාගෙන යන්නට විය .

PREVOUSLY ON JIMMY RAAJ KUMAAR :- 

" මම මාතර කෑල්ලත් ඇරං පනිනවා මාතර .. ඒකි මෙහෙ හීටියට ඒකිගෙ තාත්තට එහෙ කඩයක්ලු බන් .. මම යනව ඒකිවත් ඇරන් එහෙ වැඩට .. උබත් ඕනනම් වරෙං ...!"

PREVOUSLY ON JIMMY RAAJ KUMAAR :- 

" කොහෙද කොහෙද ?? කොල්ල දං ෆුල් හැපියෙ ඉන්නෙ .. මැරෙන්න උනත් එනවා "

" උබ දැං කිව්ව අලුත් මිස් ලගෙ හෝටලේට බං .." මම හෙන සැහැල්ලුවෙන් ඔහුට කීවත් ඔහු එම වදනින් බිරාන්තට්ටු වී මගේ මුහුණ දෙස ඇහැටුල්ලෙකු සේ බලා ඉන්නට විය ...


---------------------------------------------------------------------------------------------------------------

          " මිස්ගෙ හෝටලේට ..?? තොට පිස්සුද උලමො .. ජොබ ගහල යන වැඩ කරගන්නද හදන්නෙ !?? " ගයියා උපරිම ලෙසින් කලබල වී කෑගසන්නට වූවේය ..

" උබ දැන් කීවේ මැරෙන්න උනත් එනවා කියලා ....!? අනික තොට ජොබ වැඩකුත් නෑ කෙල්ලෙකුත් ඉන්නවා කීවෙ ...!! .. උබත් අර කයිවාරුවෙක්නෙ බන් ...!" මා ඔහුට පෙරලා පිලිතුරු දෙන්නට වුනෙමි ...

" ආ හරි .. දැං උබට මිස්ගෙ කාමරේට රිංගන්න තියන මෝල මොකක්ද කියහං මට ...!!?"  ඔහුගේ ප්‍රශ්නයට උපරිම කෙටියෙන් මා සියල්ල පැහැදිලි කර දුනිමි .. ඔහුට ඇය උදේශිකායි එක්වැරම විශ්වාස කල නොහැකි විය . ඔහු සිතා සිටිය උදේශිකාට වඩා සිය ගුණයක් ඔහු දූටු උදේශිකා සුන්දර දසුනක් යැයි මා හට කීවේ ආදරය සම්බන්ද ඕනෑම මලහිලව්වකට එන පොරොන්දුවක්ද දෙමිණ්i .. රාත්‍රියට බිත්තර කොත්තු දෙකක් මාගේ වියදමින්ම නයිට් කඩේකින් කා ගයියා පිටුපස මා ඇය නැවතී සිටින හෝටලයටම පියමනින්නට විය . නමුත් එලියේ මුරකරුවන් දෙදෙනා අප දෙදෙනාගෙන් පාස් කාඩ්පතක් ඉල්ලුවේ ඇතුලට යාමටය .. එතනින් නෝන්ඩි වන්නට නොතියා අප නැවත හැරී  පාරට පැමිනියෙමු .. මා හෝටලයේ වූ උස යෝද තාප්පය දෙස බලමින් ඇතුලට යෑමට ක්‍රමයක් කල්පනා කරමින් සිටියදී ගයියා හට මනා අදහසක් පහල විය .

" ටක් ගාලා බැහැපං බං ....!" ගයියා හෝටල් වත්ත තුල සිට රහසින් කෑ ගැසුවේය .. ආත්මෙකට වලල්ලක් නොදා පොල් ගසකට පය නොතිබූ මා හට වලල්ලක් නොමැතිවම පොල් ගස දිගේ බඩ ගා ඉන් අඩි විස්සක් පමණ උස තාප්පෙට බැස ඉන් හෝටල් වත්තට විනාඩි දෙකක පමණ කාලයක් පැන්නෙමි ..

" අම්මේ... කොංද බං.. !!" බිමට පතිත වූ පසු ඉබේම මගේ කටින් එය පිටවිය ..

" උබට හෙට උදේම මේ මගුල කියන්න තිබ්බනෙ ...!! " ගයියා මට නැගිටීමට අත දෙන අතරේ රහසින් කෙදුරුවේය ..

" අද මගෙ ලවු එක කෙලින්ම ඒකිට කියනව බන් .. අකමැති උනොත් හෙටම ජොබෙන් යනව ..!" එය මගේ පිලිතුර විය ..

" තෝ ගියොත් .. මාත් යනව අරකිවත් ඇරන් මාතර .. ඒකිත් කැමතී බං .." කෙතරම් බරපතල තත්වයක සිටියත් මුගේ කටින් මාතර යන නමනම් නිසැකයෙන්ම පිටවෙන්නක් බව එවෙලේ මට සිතුනි ..

" සද්ද නැතුව වරෙං මාත් එක්ක දැං .. !! ..උබ උදේශිකාව දැක්කොත්  ශනිකව මට පෙන්නපං ...!! .." ගයියාට එසේ පැවසූ පසු අප සෙමෙන් සෙමෙන් ඉදිරියට ගමන් කලෙමු .. හෝටලයේ වූ පිහිනුම් තටකය පසු කරද්දිම ගයියා මගේ පිටට අනින්නට විය ..



" ඇයි බං අපි හොරු වගේ යන්නේ ...?? දැං බය වෙන්න දෙයක් නෑනෙ බං ! .. මිනිස්සු හිතන්නෙ අපිත් හෝටලේ ඉන්න උන් කියල ..හිටපං මම අර අතන ඉන්න මිනිහගෙන් අහන්නම් උදේශිකා ගැන ශේප් එකේ .. උබ ඉදපංකො !! " යැයි තරයේ කියූ ගයියා ,, කොට කලිසමක් ගසා සිටි මැදිවියේ මිනිසෙකු වෙත ඇදෙන්නට විය .. ඉන්පසු ඔහුගෙන් ප්‍රශ්න කල පසු, ගයියාගේ කොලරයෙන් අල්ලාගෙන මැදිවියේ පුද්ගලයා ඔහුට පහරදෙන්නට සැරසිනි .. මෙතෙක් වෙලා අඩ අදුරට තිබූ මැදිවියේ පුද්ගලයාගෙ මුහුණට එලිය වැටුණු පසු මා හට දෙලොව රත් විය .. ගයියා මාන බලා කෙලින්ම ප්‍රශ්නය අසා තිබෙන්නේ උදේශිකාගේ පියා ගෙනුයි !! මම ඉක්මනින් ඔහුට ඇගේ පියාගෙන් බේරී පාරට යන ලෙස කෙටි පණිවුඩයක් දමා හෝටලය තුලට රිංගා උදේශිකාගේ කාමරය සොයමින් සෑම කාමරයකට එබ්බිකම් කරන්නට වුනෙමි ..එක් කාමරයකට හිස දැමූ පසු ඉන් බේරී ආවේ අනූ නවයෙනි .. නැත්නම් මදුසමය ගත කල යුවලකගෙන් මට මැරුම් කන්නට සිදුවෙනවා නොඅනුමානය ... මගෙ වාසනාවට උදේශිකාගේ හංස රුපය එහා ගොඩනැගිල්ලක සදලු තලය මතින් දිස් විය .. සුදු පැහැති Hand Free දෙකක් කනේ ගසාගෙන සිංදු අසමින් සිටිය ඇය දුටු  මා ශනික ඇය වෙත දිව යන්නට වුනෙමි ...

--------------------------------------------------------------------------------------------------------------

" උදේශිකා ...ටොක් .. ස්ස්ස් .. ටොක් ,, උදේශිකා !" මා කතා කල එක ඇයට නෑසුනේ ඇගේ කනේ වූ  Hand free දෙක නිසාවෙනි .. මා හට තිබූ කලබලයටම අසල තිබූ පුංචි ගල් කැටයක් ගෙන ඇගේ ඉදිරියෙන් වූ ජනේලයට විසිකලෙමි .. ඇයද උඩ බිම බලා පහත බැලූ පසු මා හදුනාගෙන මා හට නැවත යන ලෙස අතින් ඉගි කලාය .... එය ගණනකට නොගත් මා පැත්තක එල්ලී තිබූ වැහි වතුර පහලට ගලන බටයක් දිගේ ඉහලට යන්නට තැත් කලත් එය කඩා වැටෙන්නට ගියේ ඇය බලා සීයදීමය .. ... " ඔහම ඉන්න !" යැයි අතින් ඉගි කල ඈ සදලුතලයේ සිට පහලට දිව ආවාය ...

" මැට්ටා... ! අඩු කඩා ගන්නද යන්නේ ...?? " ඈ පහලට ආ පසු ස්මාට් ෆෝනය තිබු අතින් මට ඇගිල්ල දිගු කලාය ..

" උදේශිකා ප්ලීස් ... මං කියන එක පොඩ්ඩක් අහන්න ...! ... මං කොලබට  ආවේ ඔයාව හොයාගෙන .. ඉස්සර ක්ලාස් යන දවස් වල ඉදන් ඔයා ගැන මට අදහසක් තිබුනා .. මං කියන්නේ.. මං ඔයාට ආදරෙයි කියලා !! " මා වීරයෙකු සේ එසේ කීවද හදිසි වුනාදෝ යැයි සැකයක් සිත අස්සෙ කැරකෙනට විය ..

" ඔයා කොලබ ආවේ මං නිසා ..?? ..ජිමී ..!! ..." ඇය පුදුම වී සිටියද අතීත සිදුවීම් ඇයට මා මතක් කර දුන්නෙමි .. මා කොලබ ආ පසු ඇයව සෙව් සැටි .. ඇය රජවත්තෙන් ගියිදා ඇගේ නිවසට ගිය සැටි,,  ඇගේ මිතුරන්ගෙන් ඇය ගැන සෙවූ සැටි සියල්ලක්ම පාහේ විස්තර කලෙමි .. ඇය මා ඇය ගැන තිබූ ආදරය ගැන පුදුම වූවේ අවුරුදු දෙකක් ගතවූ ඇයගෙන් ආදරය පතා ගෙන මා පැමිණීම පිලිබදවයි ...

" උදේශිකා ... ඔයාට මං මේක කියල හිත හරි නිදහස් කර ගත්තු එක මට ඇති .. සමහර විට ඔයාට හෙටින් පස්සේ මාව දකින්නත් නැතිවෙයි ..." එසේ පවසා විනාඩි දෙකක් පමණ ඈ දෙස බලා සිටියේ පිලිතුරක් අපේක්ශාවෙනි .. නමුත් ඇය බිමබලා කල්පනා කරමින් සිටියාය .. මා ඇගෙන් හැරී සෙමෙන් සෙමෙන් මහ පාර දිගට ඇදෙන්නට වුනේ සිතේ වූ ශෝකයත් දරා ගෙනය ..

" කොහෙද යන්නේ ??" උදේශිකා මා ටික දුරක් ගිය පසු ඇසුවාය ..

"ම්ම් .. ඔයාගේ තාත්තගෙන් යාලුවා බේරගන්න ..!! .. ඊට පස්සෙ නුවර යනව ...!" ඇයට එය පැවසුවේ ඇගේ මුහුණ දෙසවත් නොබලමිනි ...

" නෑ නෑ ... අපි කොහෙද යන්නේ ?? දැං මහ රෑ ආවේ මාව ඇරන් පැනල යන්න නෙමෙයිද ?? " නැවත වතාවක් මගේ ශරීරය තුලින් බූමිකම්පාව ඇතිවිය .. ඇය සිනාසෙමෙන් මා දෙස බලා සිටී ...

" උදේශිකා ...! ඔයා මට ....! "

" ඉක්මන් කරල කියන්න ... තාත්ති මෙතනට එන්න කලින් ... අපි කොහෙද යන්නේ ?? " ඇගේ කතාවට මගේ පපුව තුලින් හුලංද  පිරී තිබිනි .. ඒ සතුටටය .. නමුත් ඈව මගේ නිවසට එක්කන් යාමටද නොහැකිය ... බෝඩිමටද නොහැකිය ...

" මාතර !! " මගේ මුවින් එය ශනයෙන් පිටවිය .. ඉන් පසු සිදු කලේ ගයියාට ඇමතුමක් ගැනීමයි ..

" අම්මෝ චතුවා !! .. උබ කොහෙද ?? මං මේ පාරේ ඉන්නෙ .. අර නාකියාගෙන් අමාරුවෙන් බන් පැනගත්තේ ...!" ඔහු අනෙක් අංතයෙන් කතාකලේය ....

" පුලුවං තරම් ඉක්මනට .. අර මාතර කෑල්ලවත් බෝඩිමෙන් පන්නං වරෙං වීල් එකකුත් අරන් ... ! " මම ඔහුට සියල්ල පැහැදිලි කල දුන් පසු ඔහුද එක පයින් එයට එකග වී මාතර කෑල්ලගෙ බෝඩිමට දිව ගියේය ..

" උදේශිකා .... අපි ඇතුලට ආවෙනම් අමුතු විදියකට ... ඒත් එලියට යන්නෙ කොහමද ?? " මා ඇගෙන් විමසුවෙමි ...

" මටනම් පාස් එක තියනව ..ම්ම් ඔයාටනම් ආපු විදියටම තමයි එන්න වෙන්නෙ ..." ජීවිතේ දෙවනි වතාවටත් වලල්ලක් නොමැතිව පොල් ගහේ නැග තාප්පයකින් බිමට  පැන්නෙමි .. නමුත් උදේශිකාව හිමිවීම පිලිබදව මා තුල වුවේ සෑහෙන සතුටකි .. පාරේ සිටින විට ගයියා ත්‍රී රෝද රතයකුත් රැගෙන නිදිමතේ සිටින මාතර කෑල්ලත් රැගෙන පැමිනියේය .. උදේශිකාව වීල් එකට ඇතුල් කර මා එහි නැගග්ත් පසු .........

" කොහාටද මල්ලී ?? "

" කොටුවෙ ස්ටේශමට අයියා !" මා ත්‍රීරෝද රත හිමියාට පිලිතුරු දුන්නෙමි





--------------------------------------------- නිමි ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

කියැවූ ඔබ සැමට ඉස්තුතිය ... පලමු කොටසේ දෙවන කොටසේ දෙකේම රැදුනු ඔයාලට මගෙනුත් දෙයක් වෙන්න ඕන නිසා .. මම ප්‍රශ්නයක් අහනවා .... ඒකට මුලින්ම පිලිතුරු දෙන කෙනාට මම පවුද්ගලිකව පොඩි තෑග්ගක් දෙනවා .. පිලිතුර ෆේස්බුක් එකේ මම ලින්ක් එක දාන ෆොටෝ එකේ කමෙන්ට් කරන්න ..
--------------------------------------------------------------------------------------------------------------

ප්‍රශ්නය :- මෙ කතා මාලාවේ ජිමියා උදෑසනට අවදිවන්නේ විශේශිත වෙලාවකට  .... පලමු සීසන් එකෙයි .. දෙවනි සීසන් එකෙයි දෙකේම ඒක සදහන් කරල තියෙන්නේ ..... ඒ වේලාව කුමක්ද ??????????

-------------------------------------------------------------------------------------------------------------

අපි නැවතත් හම්බෙමු ජිමියා රාජ් කුමාර් සීසන් 3 එකෙන් ... එතකන් ඔයාලට ජය වේවා !!



--------------------------------------------- හරියටම නිමි ---------------------------------------------------

No comments:

Post a Comment