Chat with Jimmy Raaj Kumaar online

Thursday, October 2, 2014

::: ජිමියා රාජ් කුමාර් තෙවැනි දිගු හැරුම ( SEASON 2 ) :::

PREVIOSLY ON JIMMY RAAJ KUMAAR :-

" ඇයි ?? දැං කියපං උබට එක කෙල්ලෙක්වත් එපා ... අර රජවත්තෙද රැජිණවත්තෙද ඉන්න උදේශිකාවමයි ඕන කියල " ගයියාට අප අවසානයට වෙරි වූ අවස්තාවේ මා දෙඩවූ ආකාරය නිසැකයෙන්ම මතක් වී ඇත ..

PREVIOSLY ON JIMMY RAAJ KUMAAR :- 

" මට දවස් දෙකක් නිවාඩු ගන්න ඕන ...! ගමේ මලගෙදරක් ...! "

PREVIOSLY ON JIMMY RAAJ KUMAAR :- 

" මා බසයට හැරලූ පසු ගයියා වැනි වැනි බෝඩිමට යන අයුරු CTB බස් රතයේ අවසන් කවුලුවෙන් දිටිවෙමි "

------------------------------------------------------------------------------------------------------------

" පුතා අන්න අමිල පුතා ඇවිත් කතාකරනවා .....! ..." මව මා නිදාගෙන සිටියදී කුස්සියේ සිට හඩ නැගුවාය .. උදෑසන බස් රතයේ එන තුරු නිදාගෙන ආවද මගේ කාමරයේ ඇද දුටු පසු සුපුරුද්දට මෙන් සිහින දකිමින් නිදා ගන්නට විය .. නිවසට එන විට උදෑසන 9.30 ව තිබුනද මම නැගිට ඔරලෝසුව දෙස බලද්දී වේලාව සවස 4.40 ව තිබිණි ..

" අමිලයා ! .. මොකද බන් එලියෙ කරන්නෙ වරෙන් ඇතුලට ....! " මව ට ඇසෙන පරිදි එසේ හඩ නගා කියා නැවත වතාවක්

" මොකද හු** එලියෙ කරන්නෙ ... වෙනද තෝ කාමරේටම එනව .. තොට ඒ සිරිත් අමතකද ?? " එසේ කියන්නට වුනෙමි ..

" නෑ නෑ බන් .. උබ ආවා කියල නිව්ස් එක ආවෙ දැං .. කියාංකො විස්තරේ ...?" අමිලයා සුපුරුදු පරිදි දිගු කතාවක් අරභනු පිණිස මා සමගින් කාමරයට ගියේ ඔහුගේ කට තුල ව් චුවින්ගමයද එලියට විසි කර දැමූ පසුවය .. අමිල යනු මාගෙ සිටි එක් හොදම පාසල් මිතුරෙකි ... අනෙක් දෙදෙනා දිල්ශාන් සහ බාතියයි ... අමිල විබාගයෙන් පසු පරිගණක අලුත්වැඩියා කරන්නෙක් ලෙසද .. දිල්ශාන් දෙවන වතාවටත් විබාගය කරන අතර .. බාතිය නොහොත් හොදම කුප්පයා නාවලපිටියේ ගල් වැඩපලක් කරන බවට දැනගන්නට ලැබිණ්i .. අප සතර දෙනා එකට පංතියේ සිටියද එකට ක්ලාස් ගියද ඉගෙනීම පිලිබද අංශු මාත්‍රයක හැගීමක්වත් එක් අයෙකුටවත් තිබුණේ නැත .. බාතිය සමග එක්ව ඒ දිනවල සිදු කලේ ගමේ ඇති වාහන කොටස් යකඩ වලට විකිණීම සහ හොරෙන් ගම්මිරිස් කැඩීමයි .. දිල්ශාන් සමගින් මා සිදු කලේ පාසල් කට් කරමින් ඔහුගේ මාමාට අත් උදව් දීමට යාමයි ... අමිල සමගින් සිදු කලේ ජංගම දුරකතන ඉස්කෝලේ කොල්ලොන්ට සහ ගමේ කොල්ලන්ව ගොනාට අන්දමින් විකිනීමයි ... ඔවුන් තුන්දෙනා සමගින්ම පාසල් යන කාලයේ එක්ව දැං රැකියාවෙන් උපයනවාටත් වඩා උපයන්නට ඇතැයි අනේක්වාරයක් මට සිතී ඇත ... අප අතීත පල් හෑලි දොඩවමින් ගියේ දිල්ශාන්ගේ නිවසටයි ....

" දිල්  .. ශාන් ! .. වරෙන්කෝ ... " අමිලයා අත් දෙක කට  දෙපසින් තබා මොර ගෑවේය ...

" උබ දවස් කීයකින් දත් මැද්දද බන් ...?" මා ඔහුගෙන් නිකමට මෙන් ප්‍රශ්නයක් ඇසුවේ ඔහු කෑ ගසූ ශබ්දයේ පවර් එක මට හොදින් දැනුනු නිසාවෙනි ... ඔහු එය නෑසුනු ගානට සිටියේ දිල්ශාන් ඇතුලේ සිට පිලිතුරු දුන් නිසාය ..

" හිටපන් පොඩ්ඩක් ඈ ..." ඒ හඩනැගුවේ දිල්ශානයායි .. අප දෙදෙන ඔහු එනතුරු ඔහුගේ වැට ලග සිට පහලින් යන ඇලට ගල් ගසමින් ඉන්නට වුනෙමු .. පාරේ යන මිනිසුන් දැන් මා දුටු පසු සුහදශීලී සිනාවක් පා යෑම මා හට දැඩි ප්‍රශ්නාර්තයකි .. මන්ද යත් පාසල් යන කාලයේ උන් එකෙක්වත් මගේ මුහුණ දෙසවත් බැලුවේ නැත නමුත්
දැන් සුහදශීලී වී ඇත්තෙ මා රැකියාවක් කරන නිසාද ?? එහෙමත් නැත්තම් දැන් මා වැඩිහිටියෙක් නිසාද ?? එහෙමත් නැත්තම් මා වැඩිය පෙනෙන්නට නැති නිසාද ?? සිතමින් සිටියදී ...

" ඒ උබ කවද්ද බං ආවේ ?? " දිල්ශාන් පුදුමයෙන් මෙන් මගෙන් එසේ ඇසුවද , මම පුදුමයෙන් බලා සිටියේ ඔහුගේ අතේ තිබුනු පෑන දෙසයි ...

" අද උදේ බං ආවේ .. උබ මොකද කරන්නේ ? යමං මොනා හරි කරමු ??! "  මා අතෙකින් සිගරටුවක් උරන සංයාවක් දුන් විගසින් ඔහු ගෙතුලට දිව කමිසයක්ද පැලද අප සමග කඩේ දෙසට ඇදෙන්නට එන්නට විය ..

" මේ .උබමොකද බන් කවදාවත් නැතුව අපි කතා කලාම විනාඩි පහක් විතර ගියේ එලියට එන්න ?? " මා දිල්ශාන් දෙස බලමින් විමසුවෙමි ...

" පොඩි ගාණක් හද හද හිටියෙ බන් !! " උගේ පිලිතුරෙන් අමිලයාටත් මටත් හොදහැටි සිනාසෙන්නට පිලිවන් වින .. විබාගයට කලින් දවසේද මා සමගින් ටවුමේ වැඩක් කල ඔහු දැන් විබාගයට පාඩම් කරන්නෙකු වීම අපහට හාස්‍යට කරුණක් විය ... අප තිදෙනා ඉන්පසු ඇදුනේ කුණු ඇලේ පොට් එකටය ... එතනදදීද අතීත සිද්දි සිහි කරද්දී දිල්ශාන් උදේශිකා ගැන මතක් කරන්නට විය .. දැන් ඒ විශාල නිවසේ සිටින්නේ ඇයගේ අයියා සහ ඔහුගේ සුරුපි බිරිද බව ද දැනුම් දුන්නේය .. සවස් වන තුරුම පම්පෝරි ගැසු අප නිවෙස් වලට විසිර යන්නට විය ..

" උබ කවද්ද ආයෙ එවෙන්නෙ ?? " අප නිවසේ වැට ලගදී අමිල විමසුවේය

" ඊලග මාසෙ තමා බන් ...." එන දිනය කියූ පසුව ඔවුන් තීරනය කලේ එදිනට ගහන බ්‍රෑන්ඩ් එකයි ... එතනින් පසු හරි හැටි විසිර ගියෙමු ...


------------------------------------------------------------------------------------------------------------


රාත්‍රියේ මා බුකියේ සීටින විට මව සෙමින් සැරේ කාමරයට විත් හඩ නැගුවාය ..

" මේ ගෙදරට වෙලා ඉන්න පුතේ ..! අර හොටෙල් කෝස් එකක් හොයල කරානම් ඉවරනේ "

" වැඩක් නෑ අම්මෙ .. මට හම්බෙන රුපියල් 8000 ඇති මට "

" ගෑණ්iයෙක් ගෙනාවම තමා උබට තේරෙන්නෙ ... !! " මවගේ හඩ යන්තම් තර්ජනාත්මක විය .. එය 100% තර්ජනාත්මක වන්නට ඇසිල්ලක කාලයක් ප්‍රමාණවත්‍ය .. මා විගසින් හඩා නගා සිංදුවක් කියමින් කාමරයෙන් මාරුවීමට තරම් බුද්දිමත් විය ...

පසු දින උදෑසනද අමිල සහ දිල්ශාන් සමුවී සමුදුන්නද බාතිය හමුනෝඔවුනේ ඔහු නාවලපිටියේ සිටි හෙයිනි . ගාමන්ට් එකට යාමට පිණ්iස ලිදට ගොස් නාගත් පසු බැගය අස් කර ගත්තෙමි .. මව සාදාදුන් කිරි ටොෆී පාර්සලයද බෑගය උඩට වන්නට සැකසුවේ බසයේ යන අතර හොරෙන් කෑමට පහසු වන පරිදිය .. නිවසට සමුදී සවස් කාලයේ පිටවුනු මා හට බෝඩිමට රාත්‍රී 7.30 පමණ වන විට යාමට හැකි වූවේ බස් රත රෙස් ආ නිසාවෙනි .. එසේත් නොමැතිනම් තවමත් මා බස් අජිත්ගේ අදෝනාව අසමින් මහමගය ..

------------------------------------------------------------------------------------------------------------

" ගයියා .. දොර ඇරපාං ...! " මා දොරට තඩිබාද්දී දොර ඇරි ගයියා කුමක් හෝ සතුටු සිතෙන දෙයක් කිවීමට කට අයාගෙන මවෙත පැන්නේය ...

" මේ බං ... අර අලුත් මිස් චීස් කෑල්ල බං .. කිරිගරුඩ වගෙ ....! " ඔහුගේ සතර අබිනයම යොදමින් මාහට පවසන්නට විය ...

" අම්මටසිරි සිරාද ?? උබ දැක්කද ඒකිව ?? "

" ඔව් යකෝ .. අද ඔපිස් එක පැත්තෙ යද්දි දැක්කෙ ... පට්ටම සුදුයි ..." ඔහුගේ කතාන්දරයට සවන් දීමෙන් මගේ නින්දද පැය බාගයක් පමණ ප්‍රමාද විය .. ගමන් මහන්සිය නිසාම හොදහැටි නිදාගත් මා පසුදින උදෑසනින්ම නැගිට කිරි කෝප්පයක් සදාගෙන එය පානය කොට ඔපීසියට බඩ ගාන්නට වුනෙමි ... මාතර කෑල්ලගේ මැසිම අසල ගමේ කිරිටොපී කමින් සිටියදී මා හට නිවාඩු දුන් කැහූටු සේවකයා මිස් කතා කලායැයි කිව් පසු මා ඔපීසියට ගියේ කඩිනමිනි .. ඇතුල් වද්දිම කැරකෙන පුටුවක පිටුපසට හැරී සිටින අලුත් මිස් ගේ කොංඩය ඉහලින් තිබූ ටියුබ් ලයිටය නිසා දිස්නෙ ගසන්නට විය .. සුදු අතට දමා සිටි ඔරලෝසුවෙන් වේලාව බැලූ ඇය මා දෙසට හැරුනු පසු මා හට බූමිකම්පාවක් ඇති වන්නාක් මෙන් ශරීරයම සෙලවී යන්නට විය. දුටු දේ පලමු වර විශ්වාස කල නොහැකි වූ නිසා ඇස් දෙක පොඩි කරමින් නැවත ඇය දෙස බැලූ පසු ඉබේම

" උදේශිකා !!! " යන වචනය පිටවිණි .....




-------------------------------------------- මතුවට සම්බන්දයි ----------------------------------------------

කියැවු ඔබට ඉස්තූතිය .. ඊලග කොටසින්වත් උදේශිකා සෙට් වෙයිද ?? එහෙම නැත්තම් මුට මැරෙන්න හිතෙයිද ?? කියල හරියටම දැනගමු .. අවසන් කොටසට කලින් කොටස මීලග 04 දින රාත්‍රියේ දී .... !

-------------------------------------------------------------------------------------------------------------




No comments:

Post a Comment