Chat with Jimmy Raaj Kumaar online

Friday, October 23, 2015

::: ජිමියා රාජ් කුමාර් පලමු දිගු හැරුම :::: ( SEASON 3 )

" යකෝ ... දැන්වත් නැගපිය වෑන් එකට !!!!! "

කාත් කවුරුවත් පෙනෙන්නට නොමැති අදුරු මාවතක රතු පාට ඉස්කිනියක් හැද පැය ගනනක් තිස්සේ දහදිය ගලමින් මා දුවන්නීය . මා පිටුපස මගේ තනියට සුදු වෑන් එකෙහි සිට කලු උස මහත අයෙකු කෑ ගසන්නට වූයේ ඉහත පරිද්දෙනි .

" අනේ සාර් .. මට යන්න දෙන්න !!! "

මා පිටුපසවත් නොබලා හැකි තරම් වෙර යොදා කෑ ගැසුවෙමි . නමුත් වෑන් රියෙහි වේගය තරමක් වැඩි කොට මාගේ අසලටම පැමිනියේය . දැන් මාගෙ පාද දෙකේ ශක්තියද හීන වෙමින් ක්ලාන්ත දමා වැටෙන් සයිස් එකටම ඇවිත්‍ය  .

" චතුරංග .... !!! උබ නගිනවද නැද්දා ????? "

නැවත වරක් වෑන් රියෙහි තුලින් ගොරෝසු හඩ ක්‍රියාත්මක වූවත් ......

" නෑ ... නෑ නෑ නෑ " ( දෝංකාර දෙමින් ශබ්දයද හීන වෙයි )

" චරස් ,,, චුරු චුරු ......." සැනෙකින් මා දුවමින් සිටි පාරද අතුරුදන් විය . වැන් එකද අතුරුදහන්‍ය . නමුත් ඇග පුරා තිබෙන දහඩියනම් වතුර වගේ ගලන්නට විය . " වතුර ????" ........ ස්කුබිඩූ කාටූනයේ දෙබසක් මෙන් මා හට කියවිනි ....

" වතුර ??? වතුර තමයි මනුස්සයො !! තමුන්ට මේ වතුර ගහන්න කෝප්පෙට වතුර එකක් ගත්තෙත් පිහිල්ලෙන් එකතු කරල .. අන්න වතුර බටේ කැඩිල මෝටරෙ ගාවින් !!! නැගිටල ගිහින් හදනවකො "

දෑස් දෙක පොඩ්ඩ පොඩ්ඩ විවර වද්දී උදේශිකාගේ රුවද පොඩ්ඩ පොඩ්ඩ සූම් වන්නට විය . නිල් පාට වතුර ජෝගුවක්ද අතැතිව මාගෙ සයනය ඉදිරිපසින් සිටගෙන සිටින්නට විය .

" අද ඉරිදනේ බබා ... මට අදවත් පොඩ්ඩක් නිදාගන්න දෙන්න වස්තුවෙ .... මගෙ ලස්සන හීනෙත් කෑව " ඔරලොසු කටුවේ උදෑසන 07.10 දැක මා නැවත උදේශිකාට පෙරලා උත්තර දෙමින් නැවත නිදාගන්නට වුනෙමි .

" චුරු චුරු චිරි චිරි ....." නැවත වරක් දකුනු කනේ සහ දකුනු කම්මුල තුලින් වතුර ගලා විත් දහඩිය සමගින් මුව තුලට ගියේ නින්දෙදිමය . නිදා සිටි බෙඩ් ශීට් එක ගලව පැත්තකට විසි වනවා දැනී සැනෙකින් අවදිව මටත් කලින් අවදිව තිබූ මාගේ අංගය සරමින් වසා ගැනීමට මා ඉක්මන් විය .

" අද කඩේ වැහුවට අපි කන්නෙ බොන්නෙ නැතුව ඉන්නවද ? වතුර නැතිව හාල් තම්බන්නෙ මොනවයින්ද මිනිහො ? " උදේශිකා හඩ නැගුවාය .

" අද ඉරිද .. අද නිවාඩු .. අපි ලන්ච් එකට එලියට යමු ඩාර්ලින් " කොට්ට්ය ඇදට සහ බිත්තියට හේත්තු කරමින් මා ඇගේ ලස්සන නිකට මිරිකමින් පැවසුවෙමි .

" ආනේ මේ ??? ලන්ච් යනවැයි කියල උදේට හාමතේ ඉන්නද කල්පනාව ? ලන්ච් කියල ටවුමෙ සයිවර් කඩේකට එක්කන් ගිහින් රුපියල් එකසිය පනහෙ රයිස් දෙකක් දිග ඇරගෙන කාල එන්න වෙයි ...." උදේශිකා ඇගේ නිකටෙ තිබූ මාගෙ අතද පසෙක්ට කරමින් පැවසුවෙ කෝපයෙනි . නමුත් ඇගේ කතාවේද ඇත්තක් තිබේ . සුරගනක් සේ ජීවිතයක් ගෙවූ ඇගේ ජීවිතයට එබී මා කලේ ලොකුම පාප කර්මයකි . එය දහසකුත් වතාවක් මා හට තදින් දැනී ඇත . එදා ගයියා සමගින් කොලබ හෝටලයේ දෙමව්පියන් සමග නැවතී ඉද්දීදිම හද පානේ ඇවිත් නතර වුනේ අදටත් අපි නැවතී සිටින ගයියාගේ කඩ කාමරයකය . පහත් සමාජ සංකෘතීන් ගැන උදේශිකාට කිසිම දැනුමක් නොතිබුනාය . චීස් බර්ගර් , මැකරෝනි , හැම් කකා හිටි ඇය ටික කාලයක් යද්දී මාලු කූරියෙක් සමග බත් කන තත්වෙකට ඇද වැටිනි . නමුත් ඈගේ රූපයනම් එදා මා උසස් පෙල පංතියට යද්දී දුටු විදියමය . ඇගේ ඇස් ,, ඇගේ තොල් .. ඇගේ රෝස කම්මුල් සෑමදාම දැකගන්නට තරම් පිනක් මා පෙර ආතමයකදී හෝ කර තිබේ .





" මේ .. මාරයිනෙ .. මම ඉස්කෝලෙ කාලෙ මතක් වෙන හීනයක් දැක්කනෙ මෙයා "

" ඔව් .. හීනෙන් පස්සෙන් ගිය කෙල්ලෙක්වවත් දකින්න ඇති පැනිය වගේ " උදේශිකා කින්ඩියට මෙන් පවසන්නට විය .

" ම්ම්ම්ම් ... ඔව් කෙල්ලෙකුත් නම් හිටිය තමා ... දවස් තමා උදේශිකා මාරම කාලේ ... ඔයා දන්නෙ නෑනෙ ඔයාව යාලු කරගන්න කලින් මම කරපු වැඩ කිඩ ටිකවත් .. ඉස්කෝල කාලෙ "

" මම දන් නැත්තෙ මොකද ? සිය පාරක් විතර කියල තියෙන්නෙ .. ෆේස්බුක් එකේම මට හොරෙන් ගිහින් පෝස්ට් දාල ලෝකෙටම කියන්නෙ වීරයා වගේ " වදනින් නම් කිසියම් චාටර් ස්වාබාවයක් සිතට දැනුනත් මාගෙ දීර්ඝ කතාව කියන්නට සිත තුල තිබුනෙ දැඩි ආශාවක් සහ හදිසියකි ...... එම නිසාම ඇගේ අතෙහි වූ නිල් වතුර ජෝගුවද රහසේම ඇයට නොදැනී මගේ ග්‍රහනයට ගෙන ඉකමනින්ම ඇගෙ කැමැත්ත අකමැත්ත නොවිමසාම මාගේ සුන්දර විනෝදකාමී අතීත ආවර්ජනය දිග හරිනට පටන් ගතිමි .



--------------------------------------------------------------------------------------------------------------------
දිනය :- 21 වන ජනවාරිය  2013 වර්ශය
වේලාව :- උදෑසන 8.32
ස්තානය :- ?????????

" මට කියන්න කනගාටුයි ලමයිනෙ ... දිනෙන් දින ..... දිනෙන් දින !!!! අපෙ ඉස්කෝලෙ ගැන මේ  ගම පුරාවට නරක ආරංචි යනව ... විශේශයෙන් වැඩිහිටි පන්තිය ... කොමස් පන්තිය ... මම නම් වශයෙන් කියනව ... චතුරංග !! අංක එකේ එකා මිනිහ .. දිල්ශාන් , බාතිය , අමිල කියන ඉස්කෝලෙන්ම අප්පිරිය කරන එපාම කරපු උන් හතර දෙනා .. මේ වෙලාවෙ ඉන්නෙ කොහෙද දන්නවද ???? ඉස්කෝලෙන් එහා පැත්තෙ කෙහෙල් පදුරු වවල තියන ගෙදර වත්තේ !!!!!! මට දැන් කෝල් එක ආවා උන් හතර දෙනා එතන ඉන්නව කියලා ......." පාසලේ මලකඩ සවුන්ඩ්ස් වැඩි බේස් අඩු වූ ඉස්පීකරයෙන් පාසැල් විදුහල්පතිතුමා කල කතාව කිසිදු අපහැදිතාවයකින් තොරව අප රැස්වීම වල බසිමින් සිටි ස්තානයට හොද හැටි ඇසෙන්නට විය . අදුරු වුනු යහලුවන් තිදෙනාගෙ මුහුනු තුලින් පරාජිත පෙනුමක් දිස් වුවත් අප හැංගී සිටිනවා බලාගෙන සිනාසෙමින් සිටි ගෙදර අයිතිකාරිනියගේ නෝන්ජල් සිනහව තුලින් නම් ආවේ ජයග්‍රාහී ස්වාබාවයකි .

" මම කිව්වෙ බන් .. ඔය වේ#$ පෝන් එක ඇරන් කැරකෙද්දි පිනාට තමයි කතාකරන්නෙ කියල ... තෝ තමයි කිව්වෙ අව්ලක් නෑ මම බලාගන්නම් උබ හිටපන්කො කියල " දිල්ශාන් හොර රහසේ මා හට බැනවදිදී බාතිය ඔහුට පෙරලා පිලිතුරු දෙන්නට විය .

" ඉතින් උබට දැනුනනම් උබ යන්න එපැයි ඩෝ .. උබ ගියානම් අපි නෑවිත් ඉන්නවද ?"

" ඔව් යකෝ .. උබ ගියානම් අපි එනවනෙ " මම දිල්ශාන් හට පිලිතුරු දෙද්දි ඔහු තම ඇගිලි දෙක එකට කොට මා හට කිසියම් සලකුනක් පෙන්වා නිහඩ විය .

" අඩෝ චතුව .. පොයියක් ගහපන් ශනික ... අදනම් නෝන්ඩි ලෙලි යන්නම " මාගේ අලුත් වූ සපත්තු දෙක දෙස බලමින් අමිලයාද හඩ අවදි කලේය . රැස්වීම කට් කිරීමට හේතුවද මා අලුතින් ගත් ටයිටැනික් ප්‍රමානයේ වූ නැව් සපත්තු කුට්ටම මාට්ටු වේ යැයි යන බිය නිසාය .

" හිටපල්ලකො රැස්වීම ඉවරවෙනකම් .. 9 වෙද්දි කට්ටියම ග්‍රවුන්ඩ් එකට මිසින්ග් වෙනව ඉස්පෝර්ට් මීට් එකේ ඉවෙන්ට් වලට .... උබල දෙන්න යනව ටොයිලට් එක පැත්තෙන් පන්තියට .. ගිහින් පංතියේ මැඩම්ට පොයියක් ගහනව උබලගෙ එකෙක්ට බොකක් චාජ් උනා .. අනික හෙල්ප් එකට ගියා කියල ..."

" එතකොට උබයි , අමිලයයි ? " බාතිය මාගේ කතාවට බාදා කරමින් මැද්දෙන් පනින්නට විය ,

" අද මායි අමිලයයි ඉස්කෝලෙ එද්දි පරක්කු උනා .... ඊයෙ පුංචිගෙ හස්බන්ඩ් ගෙ නංගිලා ගෙදර පිරිතකට ගිය නිසා " ඉක්මනින්ම මා බේරීමට පොයියක්ද සාදාගත්තෙමි . ඉස්පීකර් තුලින් රැස්වීම අවසන් බව දැනගත් අප සතර දෙනාම මිශන් ඉම්පොසිබල් ආකාරයේ ක්‍රියාදාම ඔස්සේ පාසැල් තාප්පයෙන් සහ වැසිකිලි අතරින් ගුරුවරුන්ගෙන් සැගවෙමින් දෙපැත්තකට බෙදී මාගේ සැලසුම ඔස්සේ යන්නට වුනෙමු . බාතිය සහ දිල්ශාන් අපගේ පංති කාමරය තුලට යද්දී අමිල සමගින් මා තොරතුරු තාක්ශන පංතිය පිටුපස බැම්මෙන් පැනීමට යනවත් සමගම ............


" අඩෝ .. ඒයි මෙහෙ වරෙව් ......!!!!!!!!!"  හැරී බැලීමට අවශ්‍ය තාවයක් නොමැත ... හඩ පාසැල් විනය පාලක තුමාගෙනි . මීට දින කිහිපයකාට උඩදී ඔහුගේ සයිකලයේ හුලං ඇර අප අසුවුවත් කිසිම සාක්ශියක් නොමැති නිසා අපි නිදොස් වී අවේය . නමුත් මෙවර එයටත් සමගම පෝරියල් සෙට් වෙනු ඇත ... බාගයක් නැගගත් බැම්මෙන් නැවතත් පිටුපසට පැන අප දෙදෙන ඔහු දෙසට ගමන් කරන්නට වුනෙමු .....................



-------------------------- මතුවට සම්බන්දයි -------------------------------------------

No comments:

Post a Comment