Chat with Jimmy Raaj Kumaar online

Tuesday, October 27, 2015

::: ජිමියා රාජ් කුමාර් තෙවැනි දිගු හැරුම :::: ( SEASON 3 )

PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :- 
" මේ .. මාරයිනෙ .. මම ඉස්කෝලෙ කාලෙ මතක් වෙන හීනයක් දැක්කනෙ මෙයා "

" ඔව් .. හීනෙන් පස්සෙන් ගිය කෙල්ලෙක්වවත් දකින්න ඇති පැනිය වගේ " උදේශිකා කින්ඩියටමෙන් පවසන්නට වි ."
-------------------------------------------------------------------------------------------------------------------------

PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :- තමුසෙ නිවාස නායකය නේ එකක ?මින් ඉදිරියේදි  තමුසෙගෙ එක ෆෝල්ට් එකකට තමුන්ගෙ හවුස් එකෙන්ම ලකුනු කැපෙනව .... හරිදචතුරංග ? මට තමුන්ගෙ නිවාසෙ පුලුවන්නම් දිනවලා පෙන්නනව ! තමුසෙට ඒක කරන්න බෑ ! "

-------------------------------------------------------------------------------------------------------------------------------------

PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :- 

බාස්කට් බෝල් සිලෙක්ට් කරන්නෙ ඊයෙ ආපු අලුත් මැඩම් ... හයිස්කූල් ( නුවර ඇති බාලිකාපාසලකි ) වල ඉදන් ආවෙ .. පින්සිපල් සර් අපේ හවුස් එකට දාල  ...   !! අර ඉන්නේ !! " අපදෙදෙනාගෙ බෙලි දෙක  දිශාවට හැරෙන ශබ්දයද පිටවන්නට ඇත .  සුලග කපාගෙන යනවේගයකින්  දෙස අප බැලු නිසාවෙනි .


-----------------------------------------------------------------------------------------------------------------------------------

  පාසැල් මැරතන් දාවනය සදහා සහබාගි වන නිවාස සාමජිකයින් කරුනාකර පාසැල් ක්‍රීඩාංගනයට සහබාගී වන්න !!!! නැවත වතාවක් දැනුම් දීමයි .....!!!!!! මැරතන් .........................." ඉස්පීකරය තුලින් නාකි ගුරුවරයෙකු බෙරිහන් දෙන්නට විය . මේ වන විටත් මැරතන් තරගයට සහබාගී වීමට මා සිටියේ රනින් ශෝට හැදීමට ගැලවූ ලන්කැට්ටුව දස අත සොයමිනි .

" අඩෝ මගෙ ලන්කට් එක දීපල්ල විහිලු කරන වෙලාවක් නෙමෙයි මේක !! "

" ඉස්සෙල්ල බලපන් උදේම උබ ජොකෙක් දාගෙනද ආවෙ කියල .. අපි ඇල්ලුවේවත් නෑ ඩෝ !!!" කිසිදිනක සිනා නොවී පොයියක් කියාගැනීමට නොහැකි දිල්ශානයා අදද කට කොනකින් සිනාසෙමින් මා වෙත පවසන්නට විය .

" ඔය රනින් ශෝට ගහගෙන පලයන් බන් අමුවෙන් .. හුලන් වැදි වැදී යන එකයි තියෙන්නෙ " අමිලයාද වටපිට බලමින් දිල්ශාන් හට සහය වන්නට විය .

" අමුවෙන් යද්දි මගෙ දෙකයි අරකයි ඔක්කම එලියෙ යකෝ ...! ඉක්මනට දීපල්ල අරෙහෙ සීසර් ( ඉස්පීකරයෙන් කෑ ගැසූ ගුරුවරයා ) කෑ ගහනව බන් .... සෙල්ලම් නෙමෙයි !!!"

" උබට මතකනෙ ශෝට් කට් එක නේ ??? තුන් වෙනි චෙක් පොයින්ට් එක පන්නපු ගමන් වෙලෙන් දාල ලිද ගාව කන්දෙන් නැගල තේ වත්තෙන් පල්ලට දාපන් ..." බාතිය තම දකුනතින් මාගෙ ලන්කැට්ටුව උරහිසට වැටෙන සේ විසි කරමින් පවසන්නට විය .






" හරි හරි බන් .. පුරුදු නැති පාරවල්ද ඔව්ව .. අරකිගෙ ගෙට යන පාරත් ඕකනෙ .... ! " පවසමින් මා කඩිනමින් සිසු සිසුවියෝ රෑනක් මැද්දෙන් මැරතන් ඉසව්වට දිව යන්නට විය . මේ මාගෙ ප්‍රතම මැරතන් තරගයයි . මීට පෙර අපේ සෙට් එකෙන් බාතිය පමනක් පාසැල් මැරතන් ඉසව්වට සහබාගිව තිබෙ .. ඔහු එයින් දෙවැනියා වුවත් ඔහු ගංජ ගසා දිව්වායැයි චෝදනා ලබා ඔහුගේ ස්තානය ඔහුට අහිමි විය . මෙවර ක්‍රීඩා නායකයා වශයෙන් යම් කිසි දෙයක් කර පෙන්වීමට  දැඩි අවශ්‍යතාවක් හිසෙහි තිබූ නිසාම ක්‍රිඩා උලෙලේ ආරම්බක ඉසව්වටම සහබාගි වන්නට වුනෙමි . ඉන්පසු දුටු දර්ශනයෙන් මා උමතු විය . අපේ නිවාසයෙන් මැරතන් එකට දුවන අයවලුන් හට අලුත් හයිස්කූල් අක්ක මැඩම් විසින් නිවාස අංක ගසන දර්ශනයයි ... මමද අතැති වූ හැට්ට කටුවද රැගෙන අක්ක මැඩම් ඉදිරියේ ගොස් හිටගෙන ඉන්නට වුනෙමි .

" මේ ඉන්නෙ මම හොයපු එකා ...!! පුතා ඔන්න හැමෝටම වැඩ පෙන්නන්න වෙලාව ඇවිත් !!! " මාගෙ අරමුනට බාදා කරමින් නාකි ශියානි ගුරුවරිය මැද්දට පනින්නට වූවාය . කතා කල ශබ්දයට අක්ක මැඩම් තුමියද අපදෙස බලා හිනාවක් දමා නැවත අහක බලාගන්නට වූවාය .

" බය වෙන්න එපා මැඩම් .. මෙව්ව පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයි .. ගෙදරට යන කන්ද විනාඩි පහෙන් රයිඩ් කරන මට පොඩි උන් සැට් එකක් එක්ක දුවල දිනන එක ගේමක් නෙමෙයි ....!" මා හෙන ගැම්මෙන් පවසද්දි ශියානි මැඩම්ම මාගෙ අංකය ඉස්කිනියට තබා හැට්ට කටුව ගැසුවාය . ඇයද සුබ පැතූ පසුව ඉසව්වට යන සැවොම එක පෙලට සිට දිවීමට සැරසෙන්නට විය . පාසැල් ලමුන් එක එකා නිවාසයේ නම් කියමින් අපව දිරිමත් කරන්නට විය .. අතරින් පතර මාගේ නමද ඇසුනත් මා සිටි සිටුවේශන් එකට වට පිට නොබලා දිවීමට ඇති පාර සහ කිරීමට ඇති හොර ක්‍රියාවද සිහියට නගන්නට වුනෙමි . "ටෝක් !" ගුරුවරයෙකු විසින් ලෑලි දෙකක් එකට කරමින් විශාල ශබ්දයක් නැගූ පසු මැරතන් දුවන සියලු දෙනාම පොරකමින් දුවනට විය . මා සිතා සිටියේ මැරතන් යනු ඉතා සෙමෙන් යන ඉසව්වක් බවයි .. නමුත් ඉදිරිය බලද්දී ඉන් පෙලක්ම ඉලග වංගුවේ හති දමමින් දුවනු යාන්තමින් පෙනෙන්නට විය . මමද තරමක් වේගය වැඩි කර දුවනට හැදුවත් කටින් අපි බොන සිගරට් ෆිල්ටර් හැලෙන්නට වූ නිසා තරමක් සෙමෙන් දුවා පසුව වේගයෙන් යාමට තීරනයක් ගත්තෙමි .

" මොන හු**කට මේකට ආවද මන්ද !" මා හට මෙය කිහිප වරක්ම සිතුනේ කදු පාරවල් දකින විටය . මා චෙක් පොයින්ට් දෙකක්ම පසු කෙරුවත් මා ඉදිරියෙන් විසි පහක් පමන යන බව මට දැනිනි . සමහර නිවෙස් වල උදවියගෙන් ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නාක් මෙන් වතුර බාල්දි පාරවල් කිහිපයකුත් ගැසුවේ මා විසින් ඔවුන්ගේ දෙමාපියන්ට පින් අනුමෝදන් කරන අතරේමය  . මාගේ මෙහෙයුමට ඇත්තේ තව කුඩා දුරකි .. තුන්වැනි චෙක් පොයින්ට් එකේ ගුරුවරුන්ගේ සිනා හඩ මැද ඔවුන්ව පසු කොට ගොස් බාතිය කියූ මඩ හිදුනු වෙලට දමා උපරිම වේගයෙන් ලිද අසලටද දිව ගියෙමි . ඉන් පසුව මා දුටුව දර්ශනය නිසාම සැනෙකින් සාක්කුවේ දමාගෙන දුරකතනය ගෙන බාතියට ඇමතුමක් ගන්නට වුනෙමි .

" අඩෝ .. මේ කන්දෙ කම්බි වැටක් ගහලනෙ ඕයි ! " හති අරිමින් බාතිය හට ඇමතූ පසු ඔහුද අනෙක් අන්තයේ සිට පුදුම විය . මින් පෙර අවස්තාවලදී මෙතන කම්බි ගසා තිබුනේ නැත , ඉඩම් ආරවුලක් නිසා හෝ ඊයේ පෙරේදා දිනක මාගෙ කරුමයකටම වැට ගසා ඇත . සිත සිත සිටීමට කාලයක් නොමැති නිස කම්බි වැට අස්සෙන් අතද සූරාගෙන කන්දට ගොඩ වුනෙමි ... කන්දද ග්‍රීස් ගහක ස්වරූපයක් ගත්තායැයි දැනුනේ එහි ගොඩ වන විටය . ඊයේ රාත්‍රියේ වූ දැඩි වර්ශාපතනය නිසා අඩිය තබන තබන තැන බිම තිබෙන දූරියන් කොල වල ලිස්සා නැවත අඩි දෙකක් පහතට රූටයි .  . වත්තේ තිබූ පොලු දෙකක් රැගෙන සපත්තු දෙක කරේ තබාගෙන හිම කන්දක් නැග්ගා මෙන් කන්දට ගොඩවී තේ වත්තෙන් පාතට බැස මා නැවතත් මැරතන් රෝඩ් එකට දමා කිසිවක් නොවූ පරිද්දෙන් දුවන අතරතුර මාගෙ පිටුපසින් සුදු පැහැති වෑන් රියක් එක දිගට හෝන් කරන්නට විය .. මම අයිනට වී එයට ඉඩ දීමට යන අතරතුර

" චතුරංගය .. නැගපන් නැගපන් වෑන් එකට අනිත් ඔක්කමල ගිහින් ඉවරයි !"  සුදු පැහැති වෑන් රිය තුලින් හිස එලියට දමා සිනාසෙමින් හඩ නැගුවේ පාසැල් විනය බාර චන්දේ සර්‍ය . තව පාසැල් ගුරුවරියන් කිහිප දෙනෙකුම මාගෙ නම කියමින් සිනාසෙන්නට විය . නිසැකයෙන්ම ශෝට් කට් එකේ දමන අතරතුර සියලුම ක්‍රීඩකයන් මා පසු කොට  දුවා ඇත . මක් නිසාද යත් එම කන්ද නැගීමට මා හට විනාඩි විස්සක් පමන ගිය නිසාවෙනි .

" අව්ලක් නෑ සර් ... මම යන්නම් ..... " යැයි කියා විනාඩි පහක් පමන දුවන්නට වුවත් වෑන් රිය තවමත් මාගෙ පස්සෙන් එන්නට විය .

" කෝ කෝ .. චතුරංග .. නැගපන් නැගපන් .... උබට අමාරුයි වගේ ..." චන්දේ සර් නැවත හඩනගද්දී එය ගනනකට නොගෙන තරමක් වේගය වැඩි කොට දහඩිය ගලන ඉස්කිනියෙන් මුහුන පිසිමින් ඉදිරියටම දුවන්නට වුනෙමි ...

" යකෝ ... දැන්වත් නැගපිය වෑන් එකට !!!!! "  තවත් විනාඩි පහලවකින් පමන ඔහු සිනාසෙමින් කෝචෝක් එකට මෙන් කෑ ගැසුවේය .

" අනේ සාර් .. මට යන්න දෙන්න !!! "
මා පිටුපසවත් නොබලා හැකි තරම් වෙර යොදා කෑ ගැසුවෙමි . නමුත් වෑන් රියෙහි වේගය තරමක් වැඩි කොට මාගේ අසලටම පැමිනියේය . දැන් මාගෙ පාද දෙකේ ශක්තියද හීන වෙමින් ක්ලාන්ත දමා වැටෙන සයිස් එකටම ඇවිත්‍ය  .

" චතුරංග .... !!! උබ නගිනවද නැද්දා ????? "

නැවත වරක් වෑන් රියෙහි තුලින් චන්දෙ සර්ගේ ගොරෝසු හඩ ක්‍රියාත්මක වූවත් ......

" නෑ ... සර් මට යන්න පුලුවන් ...!" කියා කිහිප වරක්ම ඔවුන් ප්‍රතික්ශේප කරමින් පාසල වෙතට දිව යන්නට වුනෙමි .. සිතූ දෙය සියයට සියයක් නිවැරදිය . මැරතන් ඉසව්වෙන් මා අන්තිම ක්‍රීඩකයා ලෙස පිට්ටනිය මැද  අවසාන කරද්දීම " දඩස් !!!" ගා ඇන්තූරියම් පැල පෝච්චියක් මතට වැටී කානුව අසලට ක්ලාන්ත දම වැටී මා එහි අතර සිරවන්නට විය.





---------------------------------- මතුවට සම්බන්දයි ---------------------------------------------------




No comments:

Post a Comment