Chat with Jimmy Raaj Kumaar online

Friday, November 27, 2015

::::: ජිමියා රාජ්කුමාර් අවසන් දිගු හැරුම :::: ( SEASON 3 )



PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :- මේ .. මාරයිනෙ .. මම ඉස්කෝලෙ කාලෙ මතක් වෙන හීනයක් දැක්කනෙ මෙයා "

PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :- 

හරි පංතිවලට පලයල්ල ...! හැබැයි පරිස්සමෙන් ඉදපන් ...! තමුසෙ නිවාස නායකය නේ එකක ?මින් ඉදිරියේදි  තමුසෙගෙ එක ෆෝල්ට් එකකට තමුන්ගෙ හවුස් එකෙන්ම ලකුනු කැපෙනව ....හරිද චතුරංග ? මට තමුන්ගෙ නිවාසෙ පුලුවන්නම් දිනවලා පෙන්නනව ! තමුසෙට ඒක කරන්න බෑ "

PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :-   මැරතන් ඉසව්වෙන් මා අන්තිම ක්‍රීඩකයා ලෙස පිට්ටනිය මැද  අවසාන කරද්දීම " දඩස් !!!" ගා ඇන්තූරියම් පැල පෝච්චියක් මතට වැටී කානුව අසලට ක්ලාන්ත දම වැටී මා එහි අතර සිරවන්නට විය. 

PREVIOUSLY ON JIMMY RAAJ KUMAAR :- 

යූ ආර් වෙල්කම් පුතා .. මොනවටද තෑන්ක්ස් කලේ ? ඇයද තම සිනිදු දකුනත දෙමින් ප්‍රකාශකලාය ." " පුතා " යන වදනින්  මා හට ආමන්ත්‍රනය කල එක ගැන මාගෙ සිතේ  හැටිකැමැත්තක් නොවිනි .

හැමදේකටම මැඩම් .. මම අසනීප උන වෙලාවෙ ඉදන් කරපු හැම දේකටම ..   .. " 

---------------------------------------------------------------------------------------------------------


අද දිනය පෙබරවාරි මස දෙවැනිදාය . අද දිනය කම්මැලිය . එපා වන සුලුය . ඒ අද ඉරිදා නිවාඩු දිනයක් වූ බැවිනි . පාසැල් ක්‍රීඩා උලෙලෙහි අවසන් දිනය පෙබරවාරි හතරවෙනි දිනට යෙදී ඇත. එක දිගට සති කිහිපයක්ම නොකඩවා පාසැල් ගොස් ක්‍රීඩා වලට සහබාගි වී ඉතාමත් ක්‍රියාශීලි පුද්ගලයෙකු බවට මා පත්ව ඇත . නිවාස උලෙලෙහි මාගේ නිවාසය තවත් එක් නිවාසයක් සමග කරට කර සටනක යෙදී තිබුනේද මා නිකමටවත් නොසිතූ ලෙසටය. මැරතන් තරගයෙන් දරුනු පහරක් කෑ මා ක්‍රිකට්,වොලිබෝල්,එල්ලේ, මීටර 400, 400*4 , වලින් ප්‍රතම ස්තානයද , මීටර් 200,100 ඉසව් තුලින් දෙවැනි ස්තානයද ලබා දෙමින් පාසැලේ කැපී පෙනෙන චරිතයක් වී හමාරය . ඒවගේම මා හට අසුබ කාරණයක් සහ සුබ කාරණයක් ආකාරයෙන් කාරණා දෙකක්ම ඇත . සුබ එකනම් මාගෙ සිත්ගත් නිලියක් බදු වූ රූප සුන්දර හයිස්කූල් මැඩම් මා සමග සති කිහිපය පුරාවටම ඉතාමත් කුලුපගු වීමය , අනෙක් දුක සිතෙනා කාරණය නම් මාගෙ පාසැල් පෙම්වතිය වූ හශිනී නංගි වෙන කොල්ලෙකු සමග පැටලී සිටීමයි . මාගෙ කුප්ප මිත්‍රයන් තිදෙනාගෙ කීම මත එම බාලාංශ කොල්ලා හට පහරදීමට ගියත් ඒ අහිංසකයාගෙ මුහුන බලා මා ඔහුට එක් අවවාදයක් දුන්නෙමි .

“ මල්ලි දාගත්තට කමක් නෑ .. කරන දෙයක් ඉක්මනට කරගනින් .. ඕකි බදුලු කෝච්චිය වගේ පට්ට එක්ස්ප්‍රස් .. බණ්ඩක්ක වගේ ලිස්සල යයි හුරතල් කර කර හිටියොත් ඈ .. දැන් පලයන් “   

කම්මැලිකමටම කාලෙකින් යෑමට මගහැරී තිබූ බුකියේ අලුත හැදූ ෆේක් අකවුන්ට්  එකට ලොග් වුනේ යහලුවන් දෙසීයක් පමන අලුතින් එකතු කරගැනීමේ අරමුනෙනි . එ අතරතුර රියල් කෙල්ලෙකුගේ ලස්සන ප්‍රොෆයිල් පික්චැර් එක දැක ඇගේ අකවුන්ට් එකටද එබෙන්නට වුනෙමි . “ Udheshika “ යන්න ඇගේ නම විය . ලයික් වලින් සහ ඇබල පැණ්iයන්ගෙන් ඇය පිරී ඉතිරී සිටියාය . ඇයට ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එකක් දමන අතරතුර කාමරයට පැමිනියේ අම්මාය ..

“ ඔබනවා ඔබනවා !! “

“ ඈ අම්ම මොකක් හරි උනාද ? “ මා අතේ තිබූ ඇන්ඩ්‍රොයිඩ් කට්ටාරම සාක්කුවට ඔබන අතරතුරේ  පවසන්නට වුනෙමි .

“ ඊයෙ රෑ තිස්සෙත් ඕක ඔබනව .. උදේ නැගිටල දත් මදින් නෑ , තේ බොන් නෑ … මොන යකෙක් වැහිලද මන්ද මේකට “ ඇගේ අතෙහි වූ කිරි කෝප්පය ඇද අසල වූ මේසයෙහි තබන අතරතුර ඈ බනින්නට වූවේ සෑම උදෑසනකම හුරුපුරුදු ආකාරයටමය .

“ ඉතින් අම්ම මේ ටච් පෝන් එන්නෙ ඔබන්න තමයි “
“ පැය විසිහතරම ඔබන්න ඕනද එතකොට ඕක උබට ? “

“ රුපියල් විසි පන්දාහක් වටින පෝන් එකක් අම්ම මේ … මේක ඔබන තරමට තමා වටිනාකම වැඩි වෙන්නෙ “

“ තොට කියන කට හොදයි ගලේ අතුල්ලගත්තනම් “ ඈ ඇගේ දකුනු අතද මාගේ පස්ස දෙසට ඔසවමින් කෑ ගසා නැවත කුස්සියට යන්න වූවාය . ඈ ගිය පසු ශේප් එකේ සාක්කුවෙන් ගත් දුරකතනයෙන් අමිලයාට ඇමතුව පසු ඔහු අපේ නිවසට එන්නට විය . ඉන්පසු හෙට දිනයේ රාත්‍රියේ ගැසීමට තිබෙන නිවාසය පිලිබදව සහ ඊට අමතරව ගැසීමට තිබෙන බ්‍රෑන්ඩ් කිහිපයද සාකච්චා කොට පිටව යන්නට වූවේ රෑ බෝවුනු පසුවය . ඉන්පසු පසු දින උදෑසනම කොන්ඩයද බෙකම් සාදා වැඩර් මෙන් පාසැලට පිටව ගියෙමි . පාසැලම දැන් එක් උනුසුම් යුද පිටියකි .. අපගේ නිවාසය සහ අනෙක් නිවාසය සිටින්නෙ කරට කර නිසා ක්‍රීඩා උලෙලේ හෙට පවතින අවසාන ඉසව් දෙක තුන අතිශයම තීරණාත්මකය . ස්ටාෆ් රූම් එක දෙසට එබිකම් කර හයිස්කූල් මැඩම්ගේ අවදානය දිනාගෙන ඇයව කතාවට අල්ලා ගැනීමට මා හට පහසුවෙන්ම මෙවර හැකි විය .


---------------------------------------------------------------------------------------------------------------------------


“ ගුඩ් මෝනින්ග් මැඩම් “

“ මෝනින්ග් චතුරංග “  ඈ සිනාසි පිලිතුරූ දීමත් සමග ශනිකයෙන් නැවත වරක් ක්‍රියාත්මක වන්නට විය .

“ අපෝ කොල්ල කොන්ඩෙ නම් කපුටු කූඩයක් වගෙ “ උදෑසනින්ම වැක්ස් ගෑ හැදූ බෙකම්ට ඈකලේ අපහාසයකි .

“ අපිත් ඉතින් කපුටො වගේනෙ මැඩම් .. මැඩම්ලට ලස්සනට අයන් කරල ඩයි කරල හදාගන්න පුලුවන් .. අපිට බෑනෙ එහම “

“ එහම කියන්නත් බෑ .. කපුටො ටිකක් හරි පිලිවෙලකට ඉන්නව “

“ ඒ උනාට කපුටො කලුයිනෙ මැඩම් අපි වගේ “

“ ඇයි කවුරුහරි කීවද කොල්ලට කලුයි කියල “ 

“ අම්ම විතරයිනෙ කියන්නෙ සුදු පුතා කියල ! “

“ ආඅ එහනම් සුදු පුතා ගිහින් කොන්ඩෙ හදාගෙන එන්නකො “ ඈ නැවත වරක් සිනාසී පිට්ටනිය දෙසට අලු පැහැති කුඩයද ඉසලවා පිටව යද්දී හය වසරේ දූවරු නංගිල පිරිසක් ඇගේ අත වටේ දැවටෙමින් ඈ සමගම යන්නට වීය . ඇගේ කීම මතම තිබුනාටත් වඩා බෙකම් හදාගෙන රාත්‍රියේ නවතින කොල්ලො පිරිසක්ද එකතු කර ගන්නට වුනෙමි . අමිලයා ගෙන් ඒ සදහා සහාය නොඅඩුව ලැබෙන්නට විය .



“ මචං චතුව … අපෙන් උබට ලොකු වැරැද්දක් උනා මචන් !” රාත්‍රියේ ක්‍රීඩා උලෙල සදහා වූ නිවාසය ගසා අවසන් වූ පසු අලුයම එකට පමණ කැඩූ බ්ලැක් ඕපල් බෝතලයේ සැරෙන් පදම් වී සිටි අමිලය හඩ අවදි කලේ මා නිවාසයේ කොල්ලන් සමග සින්දුවක් කියමින් සිටියදීය …

“ උබලගෙන් මොන වැරැද්ද උනත් කමක් නෑ සුද්ද ! මම බොක්ක උනත් දෙනව .. චතුවගෙ හැටි එහමයි !! “ මදුවිතින් සප්පායම් වූ පසු 88% පිරිමි ප්‍රජාවගෙන් පම්පෝරියට හෝ මෙසේ ටෝල්ක්ස් එකක් නොවරදී .

“ එහම එකක් නෙවෙයි චතුව ..! උබ අර මැඩම්ට ලවු ද ? “

“ ලවු ?? ලවුමත් නෑ සුද්ද .. අනේ මන් දන් නෑ .. උබත් ඒකට ලවුද ? උබට සෙට් කරල ඕනිනම් කියපන් දැන්ම මට …! “

“ උබ ඒකිට සීන් කරේ අර මේ මොකක්ද .. අර .. මොකක්ද බන් හුස්ම දෙන්නෙ අර ?? උබට අපි කීවෙ ?? අර හුස්ම !! “ අමිලය ගොත ගසමින් මතක් කරන්නේ කෘතීම ස්වසනය දුන් එක බව වටහාගැනීමට මට එතරම් වෙලාවක් ගත වූයෙ නැත .

“ කෘතිම ස්වසනයද මචන්න්න් ?? “ ඔහුගේ හිස අතගාමින් මා පැවසුවේ වෙරි මතට කලවම් වූ මෝල් අමාරුවක්ද සමගය .

“ අන්න ඒක උබට දුන්න කීව හින්ද නෙමෙයිනෙ නේ ??? “

“ අනෙ හුත්තල .. තොපෙ පොයි මම පිලිගනි කියල හිතුවද ? උබ ඕකද අප්සට් එකෙන් කීවෙ වැරැද්දක් උනා කියල ? “

“ ඔව් චතුව ඒක තමයි !” වෙරි මතින්ම ගංජ ගසන ඉස්ටයිල් එකෙන් පස් ගොඩක් මත හිදගත් ඔහු මාගෙ මුහුන දෙස නොබලා බිමට කොදුරන්නට විය .

“ ආ ඒකද ?? එහෙනම් කාපන් මේක !!! “ අතෙහි තිබුනු පොල් කොල හතරක් පමන ඔහුගෙ කට තුලට ඔබා මා නැවතත් මා කොල්ලන්ගේ නන්ස්ටොප් එකට නටන්නට වුනෙමි . නමුත් නටන නැටුම් සියල්ල හමාර වන්නට වූයේ රාත්‍රියේ නයිට් සූට් එකත් ගසාගෙන විදුලි පන්දමකුත් ගසා පිට්ටනිය මැදින් අප දෙසට එන විදුහල්පතිතුමාගෙ මුහුනට වැටුනු ලයිට් කනුවක එලියේ ආදාරයෙනි .

“ ඒ අඩේ .. බෝතල් හංගපල්ල … පිනා එනව ! “ මා රහසේ කොල්ලන් හට පවසා අසල තිබූ පොල් අත්තක් ගෙන ඔහුට පෙනෙන්නට ඩබල් එකේ එය වියන්නට වුනෙමි . ඔහු පැමිනි විගස ටෝච් එලිය ගැසුවේ කොල්ලෙකුගේ හංගා තිබූ බෑගයක් මත වූ ගෝල්ලිෆ් පෙට්ටියකට සහ ගංජා පැකට් එකක් දෙසටය . මා දෙස හොදින් බැලූ පසු ඔහු කිසිවක් නොකියා නැවත පිට ව ගියේ මා පුදුමයට පත් කරමිනි . වෙරි මතින් ඒ ගැන දැඩිවම නොසිතා නින්දට ගියත් කිසිවෙකු පැමින කන අසල බෙරිහන් දෙන හඩක් ඇසී දෑස් අරින විටම මා සිටියේ පොලිස් ජීප් එකක් තුලය . කලිසමේම මූත්‍රා වන්නට දැනුනේ බැටන් පොල්ලක් සහිතව බුලත් විටක් හපමින් ජීප් රිය තුලම නිදි මරගාතේ සිටින නාකි පොලිස් කාරයෙකු දුටු විටය . නමුත් වෙරියෙන් සිටි මා හට නිදහසට කරුණක් ඔවුනට කීමටද එවෙලේ තිබුනේ නැත . විදුහල්පති දුටු පසු දිවූ කොල්ලන් පිරිස තුල අමිලයාද වන්නට ඇත . මට එසේ සිතුනේ ජීප් රිය තුල මාගෙ තනියට සිටි වෙනත් එක් බාලාංශ කොල්ලෙකු දුටු පසුවය . නාකි පොලිස් කාරයන් ලග විදුහල් පති තුමා ටෝච් එක ගැසූ සිගරට් පෙට්ටියද ගංජා පැකට්ටුවද විය . මාගේ තිබූ පෙර පිනකට ඇපයකට යටත් වී කූඩුවෙන් එලියට එන්නට හැකි විය . ඒ ඇතුලට ගිය දා පටන් සති දෙකකට පසුවයි . දිනය පෙබරවාරි 17 වන දිනයි . එදා පටන් මා හට මග හැරුනු දේවල් බොහෝ විය . ඒ ක්‍රීඩා උලෙලේ අවසන් දිනයේ මා ඉසලීමට සිටි කුසලානය , මාගේ ඉතිරි පාසැල් ගමන සමගින් ගුරුවරියකට බැදි මාගේ බොලද ආදරය ය . ක්‍රීඩා උලෙලේ අපගේ නිවාසය දෙවනි තැන ලබා ඇත . සුපුරුදු පරිදිම මාගේ කීර්ති නාමයද මලකඩ ලවුඩ්ස්පීකරයෙන් එදින හොද හැටි පලුදුව ඇත . හයිස් කූල් මැඩම්ද කාලයාගෙ ඇවෑමෙන් මවක් වීමට බඩ පිම්බී ඇති බව පසු දිනයක බාතිය පැවසුවේය . මා ඒලෙවල් සිහිනයද අත් හැරීමට ගියත් ප්‍රයිවට් ඒලෙවල් ලෙස එයට මුහුන දීමට මාගේ වූ කරුමයට උරුම විය . මාසයක කාලයක් පමන නිවසේ අම්මාගෙන් බැනුම් අසමින් සිටි මට නැවත වරක් පාපී මිතුරන් තිදෙනා සමග ඉගෙනීමට අවස්තාවක් ලැබිනි . ඒ අලුතින් අපට සෙට් වූ නුවර තිබූ අමතර පංතියක් නිසාවෙනි .

“ ඒ අඩේ අරකිව මම කොහෙදි හරි දැකල තියේ බන් …!!! “ පංතියට ගොඩවූ පලමු දිනයේදීම දහස් ගනන් කෙල්ලන් අතරින් දුටු ලස්සනම ඉටි රූපයක් මිතුරන් හට පෙන්වා මා තරමක් කල්පනා කරන්නට වුනෙමි ,

අමිල :- “ කොහෙදිද බස් එකේද ? “

භාතිය :- “ යුසුෆියා බත් කඩේ ඇතුලෙ ? “

දිල්ශාන් :- “ ඕකි වගේ පෝර්න් ස්ටාර් කෙනෙක් ඉන්නව ඒකි වෙන්නැති “

අමිල , බාතිය සහ දිල්ශාන් සුපුරුදු පරිදි පිලිවෙලින් පිලිතුරු දෙන්නට විය .

“ නෑ සුද්දල ………. ! ඒකි ඉන්නෙ ෆේස්බුක් එකේ …… ^_^ ! “ ඇන්ඩ්‍රොයිඩ් කට්ටාරම ස්ක්‍රෝල් කොට සති කිහිපයකට පෙර කාමරයේ ඇද මත අම්මාගෙන් බැනුම් අසමින් සිටියදී යැවූ තාමත් මාගෙ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් නොකරපු “ Udheshika “ ප්‍රොෆයිල් එක දෙස සහ ඇගේ රන්වන් රූපය දෙස මාරුවෙන් මාරුවට බලමින් ඔවුන් තිදෙනාටම මා හඩ නැගුවෙමි ……



--------------------------------------------------- නිමි ----------------------------------------------------------------------




No comments:

Post a Comment